දුරකථනය සාක්ෂි දැරීමට සාර්ථක ක්‍රමයක්
1. දුරකථනයෙන් සාක්ෂි දැරීම අපේ සේවයේ වැදගත් අංගයක් ලෙස සැලකිය හැක්කේ ඇයි?
1 දුරකථනයෙන් සාක්ෂි දැරීමට අපි සලකා බැලිය යුත්තේ ඇයි? ඊට හේතුව ජීවිත ගලවාගත හැකි දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබා දීමට එය තවත් ක්‍රමයක් වීමයි. (2 පේතෘ. 3:9) ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රධානතම ක්‍රමය නම් ගෙයින් ගෙට සේවය වුණත් සේවයේ යන විට නිවෙස්වල නොසිටින අයට කතා කිරීම සඳහා දුරකථනය භාවිත කළ හැකියි.—මතෙ. 24:14; ලූක් 10:1-7; එළි. 14:6.
2. දුරකථනයෙන් සාක්ෂි දැරීම සැලසුම් කරන්නේ කෙසේද?
2 සැලසුම් කරන්නේ කෙසේද? ගෙයින් ගෙට සේවය හා සමානව දුරකථන මාර්ගයෙන් සාක්ෂි දැරීමේදීත් ප්‍රචාරකයන්ට යම් නිශ්චිත ප්‍රදේශයක් ලබා දිය හැකියි. උදාහරණයක් වශයෙන් ගෙයින් ගෙට යන්න අවසර නැති තට්ටු නිවාස හා නිවාස සංකීර්ණ වැනි ස්ථාන සඳහන් කළ හැකියි. සමහරවිට තනිවම නැතහොත් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එකතු වී දුරකථන සාක්ෂි දැරීම කළ හැකියි. බාධා නොවන නිස්කලංක ස්ථානයක සිට දුරකථනයෙන් සාක්ෂි දරන්න. ඒ වගේම දේශනා සේවයේ යෙදෙන විට පාවිච්චි කරන පොත් පත් මේසය මත තබාගැනීම ප්‍රයෝජනවත් බව බොහෝදෙනා අද්දැක තිබෙනවා.
3. දුරකථනයෙන් සාක්ෂි දරන විට අපි මතක තබාගත යුත්තේ කුමක්ද?
3 දුරකථනයෙන් සාක්ෂි දැරිය හැකි ආකාරය: එය මිත්‍රශීලී සංවාදයක් විය යුතුයි. දේශන පවත්වන්න එපා. සමහරුන් මුල් වතාවට දුරකථනයෙන් පණිවිඩය ඉදිරිපත් කරන විට එය ලියාගෙන කියවයි. එය ස්වාභාවික ගතියෙන් තිබෙනවා නම් වරදක් නැහැ. ඒ සඳහා රාජ්‍ය සේවාවේ සහ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද යන පත්‍රිකාවේ තිබෙන හැඳින්වීම් ප්‍රයෝජනවත් වෙයි. මුලින්ම පවසන දේ ගැන හිතන්න. යම් විෂයක් සහ ඊට අදාළ කෙටි ප්‍රශ්නයක් තෝරගන්න. පිළිතුරු දීම සඳහා යොදාගත හැකි බයිබල් පද කීපයක්ද සූදානම් කරගන්න. සාමාන්‍යයෙන් ගෙයින් ගෙට සේවයේදී ඉදිරිපත් කරන ප්රකාශනම ඉදිරිපත් කරන්න පුළුවන්. මෙයත් සැලකිල්ලට ගන්න: කලබල නොවී පැහැදිලිව හා සන්සුන්ව කතා කරන්න. ආචාරශීලී මෙන්ම මිත්‍රශීලී වන්න. දුරකථනයෙන් සවන් දෙන කෙනාට ඔබගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන්. නිවැසියා පවසන දේට හොඳින් සවන් දී ඔහුගේ අදහස් පැවසීම ගැන අගය පළ කරන්න. සම්මාදම් ගැන සඳහන් නොකිරීමට වගබලා ගන්න. ඊට හේතුව අපි දුරකථන ඔස්සේ ආධාර එකතු කරනවා කියා සිතිය හැකි වීමයි.
4. දුරකථනයෙන් සාක්ෂි දැරීම මගින් කුමක් ඉටු වෙයිද?
4 අසනීප වී හෝ අබල දුබල වී නිවසටම කොටු වී සිටින අයට දුරකථනයෙන් සාක්ෂි දැරිය හැකියි. එමෙන්ම සාමාන්‍යයෙන් ගෙයින් ගෙට සේවයේ යෙදෙන අවස්ථාවල ගෙවල්වල නොසිටින අය සමඟත් කතා කළ හැකියි. ආරක්ෂක හේතු නිසා සාක්ෂි දරන්න ප්‍රස්තාවක් නොලැබෙන ගෙවල්වල සිටින අයටත් දුරකථනය මාර්ගයෙන් කතා කළ හැකියි. අපේ අරමුණ වන්නේ අපිට පවරා තිබෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් ආවරණය කර හොඳ සාක්ෂියක් දැරීමයි. එය සාර්ථකව කිරීමට අපි දුරකථන මාර්ගයෙනුත් සාක්ෂි දරමු.