ප්‍රශ්න පෙට්ටිය
◼ අපේ පොත් පත් ගෙවැසියාට අය කිරීමකින් තොරව ලබා දෙන විට, “නොමිලේ” කියන වචනය අප පාවිච්චි නොකළ යුත්තේ මන්ද?
අපේ පොත් පත් ජනයාට ලබා දෙන විට “නොමිලේ” කියන ප්‍රකාශය පාවිච්චි නොකිරීමට නිර්දේශ කෙරේ. “නොමිලේ” බෙදා දෙන දේවලට හුඟදෙනෙකු දක්වන ප්‍රතිචාරය එම ප්‍රකාශය භාවිත නොකිරීමට හේතුවයි. “නොමිලේ” ලබා දෙන දේවල් වටිනාකමක් නැති දේවල් හැටියට සැලකීමටත් ඒවා නාස්ති කිරීමටත් හුඟදෙනෙක් නැඹුරු වෙති. උනන්දුවක් දැක්වුවත් නැතත් ඕනෑම කෙනෙකුට අපේ පොත් පත් සඟරා ලබා දීම සඳහා යම් ධානපතියෙකු අපට මේවා ලබා දී තිබෙන බවට හැඟීමක්ද ජනයා තුළ එමගින් ඇති විය හැකියි. පොත් පත් සඟරා මුද්‍රණය කිරීමට හැකි වී තිබෙන්නේ සාමාන්‍ය ආදායමක් ලබන දහස් ගණනක්දෙනා කරන සුළු පරිත්‍යාග නිසාය. යම් පුද්ගලයෙකු ඒවා කියවනවා නම්, ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔහුගේ කාලය හා උනන්දුව පමණයි.
◼ අපගේ ලෝක ව්‍යාප්ත සේවයට පරි-ත්‍යාග කිරීමේ වරප්‍රසාදය ගැන අප ජනයාට සඳහන් කරන විට, අප ගෙයින් ගෙට යමින් ආගමික කටයුත්තක් හෝ වෙනත් කාරුණික කටයුත්තක් සඳහා මුදල් එකතු කිරීමක් කරන බව එයින් අදහස් කරනවාද?
නැත. අප හවුල් වන්නේ ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කිරීමේ වැඩයක නොවේ. අපට හමු වන බොහෝදෙනෙකු ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නැත. එමෙන්ම අපේ සේවයට මූල්‍යමය අනුග්‍රහය ලැබෙන ආකාරය ගැන ඔවුන් දැනුවත් වී නැත. අපේ සේවයට මූල්‍යමය අනුග්‍රහය ලැබෙන ආකාරය ගැන උනන්දුව දක්වන අයට අප වාචිකව හෝ ලිඛිතව යම් දැනුම් දීමක් කරනවා පමණි. අප ඔවුන්ට මේ ගැන අදහස් ඉදිරිපත් කරන විට අප මුදල් එකතු කරන පිරිසක් නොවන බවට හැඟීමක් ඔවුන් තුළ ඇති කිරීමට වගබලා ගත යුතුයි. කෙසේවෙතත් උනන්දුව දක්වන අය අපේ සේවයට පරිත්‍යාගයක් කිරීමට කැමති නම් එය කළ හැකි ආකාරය ඔවුන්ට පැවසියි හැකියි.
◼ දුරකථනයෙන් සාක්ෂි දරන විට පරි-ත්‍යාග පිළිබඳ විධිවිධානය ගැන අප පැහැදිලි කළ යුතුද?
අප යම් පුද්ගලයෙකුට ඍජුවම සාක්ෂි දරන විට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිදු කරන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයට මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් කරනු ලබන පරිත්‍යාගවලින් පමණක් බවත්, එවන් පරිත්‍යාග අප සතුටින් භාරගන්න බවත් පැහැදිලි කළ හැකියි. කෙසේවෙතත් දුරකථනයෙන් සාක්ෂි දරන විට පරිත්‍යාග ගැන හෝ පරිත්‍යාග කිරීමේ විධිවිධානය ගැන සඳහන් නොකළ යුතුයි. මන්ද අප දුරකථනය පාවිච්චි කරමින් උපකාර ඉල්ලනවා කියා වැරදි අදහසක් ඇති කරගැනීමට එය හේතුවක් විය හැකි බැවිනි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේවසේවය මුළුමනින්ම ලාභ ලැබීමේ අරමුණෙන් තොරය.—2 කොරි. 2:17, NW.