“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවෙන් පූර්ණ ප්‍රයෝජන ගනිමු
1 ජ්වලිතය ඉහළ දැමූ වැඩසටහනක්: පසුගිය දිස්ත්‍රික් සමුළු වැඩසටහනින් අප මොනතරම් ප්රබෝධයක් ලැබුවාද! අප සමුළුවට ගියේ පොදු අරමුණක් මුල් කරගෙනයි. එම අරමුණ වූයේ දෙවිගේ රාජ්‍යය ජ්වලිතව ප්‍රකාශ කිරීම සඳහා වඩාත් හොඳින් සූදානම් වීමයි. මුල්ම කථිකයා “ප්‍රකාශ කිරීම” යන වචන කාණ්ඩය විග්රහ කළ ආකාරය ඔබට මතකද? “යෙහෝවා අප සමඟ සිටින බව දැන නිර්භීත වන්න” නමැති තේමාවෙන් යුත් කතාවේදී යම් පර්යේෂණයක් කිරීමට අපව දිරිමත් කළා ඔබට මතකද? කුමක්ද ඒ පර්යේෂණය? මේ දක්වා ඔබ පරෙස්සමින් සලකා බලා තිබෙන සැබෑ ජීවිත කතා මොනවාද?
2 හිංසා පීඩාවලට යෙහෝවා ඉඩහැර තිබීමට මූලික හේතු තුනක් “විවිධ පරීක්ෂා මගින් සෝදිසි කෙරෙන අපේ ඇදහිල්ලේ ගුණය” නමැති තේමාවෙන් යුත් කතා මාලාවේදී ඉදිරිපත් කළා. ඒවා මොනවාද කියා ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද? අපේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවයට තිබෙන ශුද්ධ ලියවිලිමය පදනම කුමක්ද? අප මධ්‍යස්ථව සිටීමේදී මුහුණ දීමට සිදු වන ගැටලුවලට සූදානම්ව සිටීම සඳහා අපව දිරිමත් කළේ කුමක් කරන්නද? අපි විශ්වාසවන්තකම රැකගනිමින් පීඩා විඳදරාගනිද්දී යෙහෝවාව පැසසුමට ලක් වෙන්නේ කෙසේද?
3 ඔබ විශේෂයෙන්ම ශක්තිමත් වූයේ “දුෂ්කර කාලවලදී ස්ථිරව සිටින්න” නමැති නාට්‍යයේ කුමන දර්ශනවලින්ද? අපටත් යෙරෙමියා හා සමාන විය හැක්කේ කෙසේද?
4 අනාගතයේදී සිදුවීමට නියමිතව තිබෙන සුවිශේෂී වෙනස්කම් හා ඒවා දෙවිගේ බිය උපදවන දවසට මඟ පාදන ආකාරය “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී” නමැති තේමාවෙන් යුත් ප්‍රසිද්ධ කථාවේදී විස්තර කරනු ලැබුවා. “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස යහපත් වැඩවල බහුලව යෙදෙන්න” නමැති තේමාවෙන් යුත් අවසාන කතාවට සවන් දෙමින් සිටින අතරේදී ඔබ සවන් දුන් තොරතුරු ඔබේ පෞද්ගලික දේවසේවයට ඔබ සම්බන්ධ කරගත්තේ කෙසේද?
5 අදාළ කරගැනීම සඳහා මූලික කරුණු: “ස්තුතිපූර්වක ස්වභාවයක් පෙන්වන්න” නමැති තේමාවෙන් යුත් කතාවේදී පැහැදිලි කළ ආකාරයට යෙහෝවාට අපේ හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? “දැවෙන ජ්වලිතයකින් යුත් රාජ්‍ය ප්‍රකාශකයෝ” යන තේමාවෙන් ඉදිරිපත් කරන ලද මූලික ඇමතුමේදී අපව දිරිමත් කළේ කාගේ ආදර්ශ අනුකරණය කිරීමටද? අපෙන් ඉල්ලා සිටියේ කුමන ආකාරයේ ආත්ම සෝදිසියක් කිරීමටද?
6 “මීකාගේ අනාවැකිය යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමට අපව ශක්තිමත් කරයි” නමැති කතා මාලාවේදී යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට අප කළ යුතු දේවල් තුනක් කැපීපෙනෙන්න සලස්වනු ලැබුවා. ඒ මොනවාද? මේවා අපට අත් කරගත හැකි දේවල්ද? (මීකා 6:8) “ඔබේ හදවත රැකගැනීමෙන් ඔබේ නිර්මලකම පවත්වාගන්න” නමැති කතාවේදී ඉදිරිපත් කළ තොරතුරු අනුව අපි සදාචාරමය ලෙස පවිත්‍රව සිටිය යුතු පැති මොනවාද? “නොරැවටෙන්න” නමැති කතාවේදී තමන් රැවටීමට ලක් නොවීමට මෙන්ම අනිත් අයව රැවටීමට එරෙහිව අපට අනතුරු අඟවනු ලැබූ පැති මොනවාද?
7 “තම දේවසේවය ගෞරවයට පත් කරන රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති කතා මාලාවෙන් දේවසේවයේදී අදාළ කරගැනීමට ඔබ පටන්ගෙන තිබෙන ප්‍රයෝජනවත් කරුණු මොනවාද? “ආත්මික තලයක කෙරෙන සංවාද ගොඩනංවනසුලුය” නමැති කතාවේදී පිලිප්පි 4:8 විග්රහ කර බැලුවා. අපේ සංවාද ආත්මික තලයක තබාගැනීමට එම ශුද්ධ ලියවිලි පාඨය අපට උපකාර කරන්නේ කෙසේද? අප මෙය කළ යුත්තේ කුමන අවස්ථාවලදීද?
8 දුක්දායක සිද්ධීන්, ආර්ථික දුෂ්කරතා, දුර්වල සෞඛ්‍ය, පවුල් ප්‍රශ්න හා දිගු කලක සිට පවතින දුර්වලකම් යනාදිය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ආකාරය ගැන “පීඩාකාරී කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න” නමැති කතාවේදී සාකච්ඡා කළා. මෙවැනි තත්වයන්වලට මුහුණ දෙද්දී අපට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?
9 නව ආත්මික නිධාන: එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති අලුත් පොත ලැබීම ගැන අප මොනතරම් ප්‍රීති වුණාද! මෙම පොතේ අරමුණ පැහැදිලි කරමින් ඉදිරිපත් කළ නිවේදනය ඔබට බලපෑවේ කෙසේද? අප කරන ගෝලයන් සෑදීමේ වැඩයේදී මෙම පොත දෙවන පොතක් ලෙස පාඩම් කිරීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
10 ඊළඟට අපට ලැබුණු අලුත් ප්රකාශනය වූයේ යෙහෝවාට ළං වන්න නමැති අලංකාර පොතයි. එහි විශේෂ ලක්ෂණ සමහරක් මොනවාද? ඔබ විශේෂයෙන්ම කැමති මේ පොතේ මොන පින්තුරූවලටද? ඔබ යෙහෝවාට තව තවත් ළං වන බවක් මෙය කියවද්දී ඔබට දැනුණාද? මේ පොතෙන් ප්‍රයෝජන ගත හැකි වෙනත් අය කවුද?
11 මේ දුෂ්කර කාලයට මුහුණ දීම සඳහා අපට අවශ්‍ය ආත්මික දිරිගැන්වීම “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවෙන් අපට ලැබුණා. එමනිසා මෙම විශේෂ ආත්මික සැපයුමෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා සමුළුවේදී සවන් දුන් දේවල් මතක තබාගැනීමටත් අපට ලැබුණු දේවල් සඳහා අගය පෙන්වීමටත් අප ඉගෙනගත් දේවල් අදාළ කරගැනීමටත් අපි සියලුදෙනාම අපේ උපරිමය කරමු. (2 පේතෘ. 3:14) මෙසේ කිරීමෙන් යෙහෝවාව මහිමයට පත් කිරීම සඳහා අපේ අඛණ්ඩතාව දිගටම පවත්වාගැනීමටත් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් වීමට අපව තව තවත් ශක්තිමත් වෙනවාටත් සැකයක් නැත.—පිලි. 1:9-11.