ඔබේ පොත් පාඩම් අවේක්ෂකට සහාය වන්න
1 අපි එක් එක්කෙනා සභා පොත් පාඩමෙන් ප්‍රයෝජන රැසක් ලබනවා. පොත් පාඩම් අවේක්ෂක ඔහුගේ කාර්යභාරය ඉටු කරන ආකාරය ගැන අපි පසුගිය මාසයේදී සාකච්ඡා කළා. එනමුත් අපටත් අනිත් අයටත් ප්‍රයෝජන අත් කරගත හැකි වන පරිදි ඔහුට සහාය වීමට අපට කළ හැකි දේවල් මොනවාද?
2 සෑම සතියකම පැමිණෙන්න: පොත් පාඩම් කණ්ඩායම් කුඩා නිසා ඔබේ පැමිණීම ඉතාමත් වැදගත්. සෑම සතියකම පැමිණීම ඔබේ ඉලක්කය කරගන්න. වේලාවට පැමිණීමෙන්ද ඔබට සහාය විය හැකියි. මෙය පොත් පාඩම් අවේක්ෂකට නිසි පිළිවෙළකට මෙම රැස්වීම පටන්ගැනීමට උපකාරවත් වෙයි.—1 කොරි. 14:40.
3 ගොඩනංවනසුලු අදහස් දැක්වීම්: ඔබට සහාය විය හැකි තවත් ආකාරයක් වන්නේ හොඳින් සූදානම් වී ගොඩනංවනසුලු අදහස් දැක්වීමෙනි. සාමාන්‍යයෙන් අදහස් දැක්වීමේදී හොඳම ක්‍රමය වන්නේ එක කරුණක් ගැන අවධානය යොමු කිරීමයි. මෙසේ කිරීමෙන් අනිත් අයටද අදහස් දැක්වීමට දිරිගැන්වීමක් ලැබෙනවා. ඡේදයක තියෙන සෑම දෙයක්ම ඇතුළත් කරමින් අදහස් දැක්වීමෙන් වැළකීමට උත්සාහ කරන්න. සාකච්ඡා කරනු ලබන යම් කරුණක් ඔබේ සිතට යම් බලපෑමක් කළා නම්, එම අදහස බෙදාගැනීමෙන් සාකච්ඡාවේ ගුණය තවත් ඉහළ දමන්න.—1 පේතෘ. 4:10.
4 කණ්ඩායමේ ප්‍රයෝජනය සඳහා ඡේද කියවීමේ අවස්ථාව ඔබට ලැබී තිබෙනවා නම් එම පැවරුම හොඳ උත්සාහයක් දරමින් ඉටු කරන්න. හොඳින් ඡේද කියවීම පාඩමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දායක වෙනවා.—1 තිමෝ. 4:13.
5 කණ්ඩායමක් හැටියට සාක්ෂි දැරීම: ක්ෂේත්‍ර සේවය සඳහා අදාළ රැස්වීම පවත්වනු ලබන්නේ පොත් පාඩම් පවත්වන ස්ථානවලයි. පොත් පාඩම් අවේක්ෂක එවැන්ජලිස්ත සේවයේදී පෙරමුණ ගන්න විට මෙම විධිවිධානවලට ඔබ දක්වන සහයෝගය ඔහුට උපකාරයක් වෙයි. ඔබේ සහෝදරයන්ට තව තවත් ළංවීමටත් ඔවුන්ව දිරිමත් කිරීමටත් ලැබෙන ප්‍රස්තා හැටියට එම විධිවිධාන සලකන්න.
6 ක්ෂේත්‍ර සේවා වාර්තා: අවේක්ෂකට සහාය විය හැකි තවත් ආකාරයක් වන්නේ සෑම මාසයකම අවසානයේදී හැකි විගස ඔබේ සේවා වාර්තාව ලබා දීමයි. ඔබේ වාර්තාව කෙළින්ම ඔහුට ලබා දෙන්න පුළුවන්. නැත්නම් රාජ්‍ය ශාලාවේ තිබෙන සේවා වාර්තාව දැමීම සඳහා තිබෙන පෙට්ටියට දමන්නත් පුළුවන්. පොත් පාඩම් අවේක්ෂකයන් විසින් එකතු කරගත් ක්ෂේත්‍ර සේවා වාර්තාද එම පෙට්ටියට දැමිය හැකි අතර, පසුව ලේකම්ට ඒවා එකතු කරගන්න පුළුවන්.
7 ඔබේ පොත් පාඩම් අවේක්ෂකට ඔබ දක්වන සහයෝගය කවුරුත් අගය කරන්නේ නැහැ කියා නොසිතන්න. සියල්ලටම වඩා ‘ඔබ පෙන්වන ආකල්පයට’ යෙහෝවාගේ ආශීර්වාද හිමි වන බවට නිසැක වන්න ඔබට පුළුවන්.—පිලි. 4:23, NW.