සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 1
“අනිත් අයත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න අපි හුඟදෙනෙක් උත්සාහ කරනවා. ඒ වුණත් හුඟාක් අවස්ථාවලදී මේක කියන තරම් ලෙහෙසි නැහැ. ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේකට හේතුව බයිබලයේ පැහැදිලි කරනවා. [යාකොබ් 3:2 කියවන්න.] එකිනෙකා අතර සාමය නැවත ඇති කරගන්නත් ඒක දිගටම පවත්වාගන්නත් උත්සාහ කරද්දී සමාව ඉල්ලීම මොනතරම් වැදගත්ද කියන එක මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! නොවැ. 8
“‘මට සනීප නැහැ’ කියලා කිසිම කෙනෙක් කියන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනවා කියලා බයිබල් අනාවැකියක සඳහන් වෙනවා. [යෙසායා 33:24 කියවන්න.] ඇත්තෙන්ම ඒ වගේ දෙයක් වෙන එක හොඳයි කියලා ඔයා හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ කොහොම වුණත් ඒඩ්ස් වසංගතය ඇතුළු විවිධ ලෙඩ රෝගවලින් මිනිස්සු අද දුක් විඳිනවා. ඒඩ්ස් මාරයාගේ ගමන නතර වේවිද කියන ප්‍රශ්නයට මේ පිබිදෙව්! සඟරාවේ උත්තර දීලා තියෙනවා.”
මුරටැඹ නොවැ. 15
“දෙවිට නමස්කාර කරන්න අපිට පල්ලි හා වෙනත් දේවස්ථාන අවශ්‍යද කියලා සමහරුන් කල්පනා කරනවා. ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලය කියන දෙය බලන්න. [ක්‍රියා 17:24 කියවන්න.] එහෙමනම් ආගමික ස්ථාන තිබීමේ අරමුණ මොකක්ද? මේ ප්‍රශ්නයට ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් මේ සඟරාවේ උත්තර දීලා තියෙනවා.”
පිබිදෙව්! නොවැ. 8
“ආගමික නායකයන් හෝ වෙනත් ඕනෑම කෙනෙක් කරන යාච්ඤාවලින් ලෝකයේ සාමය ඇති කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ලොව පුරා සාමය පවතින කාලයක් පැමිණෙනවා කියලා බයිබලයේ පොරොන්දුවක් දීලා තියෙනවා. [යෙසායා 9:6, 7 කියවන්න.] විශේෂ පාලකයෙක් විසින් ලෝකයේ සාමය ඇති කරන බව ඔබ දැක්කාද? මේ පාලකයා කවුද කියාත් ඔහු සැබෑ සාමය ඇති කරන්නේ කොහොමද කියාත් මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා.”