ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ කුමකටද?
1 බොහෝ ආගමික සංවිධාන අධ්‍යාපනික හා වෛද්‍ය ක්ෂේත්රවල දියුණුවට අවශ්‍ය දේවල් සැපයීම වැනි ත්‍යාගශීලී කටයුතුවල නියැලීම කෙරෙහි වැඩි අවධානයක් දෙයි. කෙසේවෙතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් “යහපත කිරීමද අනුන් සමඟ දේවල් බෙදාගැනීමද අමතක [නොකළද]” ප්‍රමුඛත්වය දෙන්නේ ජනයාට ආත්මිකව උපකාර කිරීමටයි.—හෙබ්‍රෙ. 13:16, NW.
2 මුල් සියවසේ ආදර්ශය: යේසුස් මේ පොළොව මත සිය දේවසේවය කරගෙන ගිය කාලයේදී බොහෝ යහපත් දේවල් කළත්, ඔහුගේ ප්‍රධානතම වැඩය වූයේ සත්‍යය ගැන සාක්ෂි දැරීමයි. (ලූක් 4:43; යොහ. 18:37; ක්‍රියා 10:38) ඔහු සිය අනුගාමිකයන්ට මෙසේ අණ කළේය. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.” (මතෙ. 28:19, 20, NW) තමන් කෙරෙහි ඇදහිල්ල තබන අය තමා ආරම්භ කළ වැඩය වඩාත් විශාල පරිමාණයකින් කරන බව ඔහු ඇඟෙව්වේය. (යොහ. 14:12) යේසුස් දේශනා කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වය දුන්නේ ජනයාට ගැලවීමේ මාර්ගය ඉගෙනගැනීමට එමගින් උපකාර ලැබෙන නිසාය.—යොහ. 17:3.
3 ප්‍රේරිත පාවුල් දේශනා කිරීම සැලකුවේ තමා කිරීමට ‘බැඳී සිටින දෙයක්’ නැතහොත් තමන්ට කිසිසේත් නොසලකාහැරිය නොහැකි වගකීමක් ලෙසයි. (1 කොරි. 9:16, 17) තම දේවසේවය සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම දෙයක් කැප කිරීමටත් ඕනෑම පීඩාවක් විඳදරාගැනීමටත් ඕනෑම දුෂ්කරතාවකට මුහුණ දීමටත් ඔහු සූදානමින් සිටියේය. (ක්‍රියා 20:22-24) ප්‍රේරිත පේතෘස් හා ඔහුගේ ආශ්‍රිතයන්ද දැරුවේ ඒ හා සමාන ආකල්පයකි. සිරගත වීමට හා පහර කෑම්වලට ලක්වීමට සිදු වුවද ඔවුහු “අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.”—ක්‍රියා 5:40-42, NW.
4 අප ගැන කුමක් කිව හැකිද? රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයට අප ප්‍රමුඛත්වය දෙනවාද? “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” අය කෙරෙහි යේසුස්ට තිබුණා හා සමාන අව්‍යාජ සැලකිල්ලක් අපටත් තිබෙනවාද? (මතෙ. 9:36, NW) වර්තමානයේ ලොව පුරා සිදු වන දේවලින් හා බයිබල් අනාවැකිවලින් පැහැදිලි වන්නේ අද පවතින දුෂ්ට සමාජ ක්‍රමය ළඟදීම නිමාවට පත් වන බවයි. දේශනා කිරීමේ කාර්යයේ වැදගත්කම මනසෙහි තබාගැනීමෙන් ජ්වලිතව දේශනා කිරීම දිගටම කරගෙන යෑමට අප පෙලඹෙනු ඇත.
5 ඔබේ තත්වයන් සෝදිසි කර බලන්න: බොහෝ අවස්ථාවලදී එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් වන නිසා දේශනා කිරීමේ කාර්යයේ වැඩියෙන් හවුල් වීම සඳහා යම් සකස් කිරීම් කළ හැකිද කියා කලින් කලට සොයා බැලීම හොඳ දෙයක්. එක් සහෝදරියක් 50 ගණන්වල, 60 ගණන්වල හා 70 ගණන්වල සිටියදී ස්ථාවර පුරෝගාමී සේවය කළත් දුර්වල සෞඛ්‍ය තත්වය නිසා පුරෝගාමී සේවය නතර කළාය. කෙසේවෙතත් කාලයකට පස්සේ ඇගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණි. තමන්ගේ තත්වයන් යළි සලකා බලා නැවත පුරෝගාමී සේවය කරන්න ඇය තීරණ කළාය. වයස අවුරුදු 90දී පුරෝගාමී සේවා පාසැලට සහභාගි වෙන්න ලැබීම ගැන ඇය මොනතරම් සතුටු වූවාද! ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ විශ්‍රාම ගැනීමට ආසන්නව සිටිනවාද? නැත්නම් පාසැල් අධ්‍යාපනය නිම කිරීමට ආසන්නද? තත්වයන් වෙනස් වූ පසු ඔබට පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද?
6 “වැඩ කටයුතු බොහොමයක යෙදී සිටි හෙයින් ඇගේ [මාර්තාගේ] අවධානය වෙනතකට යොමු වී තිබූ” බව දුටු යේසුස් ඇය කළ දේවල් සරලව කළා නම් ඇයට මහත් ප්‍රයෝජන ලබාගත හැකි වන බව කාරුණිකව පෙන්වා දුන්නේය. (ලූක් 10:40-42, NW) ඔබේ ජීවන රටාව සරල කරගන්න ඔබට පුළුවන්ද? ස්වාමිපුරුෂයා පමණක් නොව භාර්යාවත් රැකියාවක් කිරීම ඇත්තටම අවශ්‍යද? යම් සකස් කිරීම් කළොත් එක් අයෙකුගේ ආදායමින් ජීවත් වීමට පවුලට පුළුවන්ද? දේවසේවයේ වැඩියෙන් හවුල් වීමට ඉඩ සැලසෙන විදිහට තත්වයන් සකස් කරගැනීමෙන් බොහෝදෙනෙකු ආත්මිකව ප්‍රයෝජන නෙළාගෙන තිබේ.
7 යේසුස් හා ප්‍රේරිතයන් විසින් තැබූ ආදර්ශය අපි සියලුදෙනාම අනුගමනය කරමු. මෙසේ කිරීමෙන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ අතිවැදගත් කාර්යයෙහි අපට හැකි උපරිමය කිරීම සඳහා අප දරන අවංක වෑයම්වලට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන බව අපට නිසැක විය හැකියි.—ලූක් 9:57-62.