අපේ ප්‍රධානතම කාර්යය ක්‍රිස්තියානි දේවසේවයයි
1 අපගේ ජීවිතයේ කළ යුතු විවිධ කාර්යයන් අප සෑම කෙනෙකුටම තිබේ. තම පවුලේ අයගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම දෙවි බලාපොරොත්තු වන දෙයකි. (1 තිමෝ. 5:8) කෙසේවෙතත් දෙවි බලාපොරොත්තු වන ඒ දෙය ඉටු කිරීම සඳහා කරන වැඩය රාජ්‍යය ගැන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයට වඩා ඉහළින් නොතැබිය යුතුය.—මතෙ. 24:14; 28:19, 20.
2 ‘පළමුකොට රාජ්‍යය සෙවීම’ සම්බන්ධයෙන් යේසුස් අපට ආදර්ශයක් තැබුවේය. (මතෙ. 6:33; 1 පේතෘ. 2:21) ඔහුට භුක්ති විඳීමට තිබුණේ ද්‍රව්‍යමය දේවල් ටිකක් වුවද සිය පියාගේ කැමැත්ත කිරීමෙහි ඔහු මුළුමනින්ම යෙදී සිටියේය. (ලූක් 4:43; 9:58; යොහ. 4:34) සෑම අවස්ථාවකදීම සාක්ෂි දැරීමට ඔහු දැඩි ප්රයත්නයක් දැරුවේය. (ලූක් 23:43; 1 තිමෝ. 6:14) මේ හා සමානව දැඩි උනන්දුවක් ඇතුව අස්වැන්න නෙළීමේ වැඩයෙහි හවුල් වීමට ඔහු සිය ගෝලයන්ව දිරිගැන්වුයේය.—මතෙ. 9:37, 38.
3 වර්තමානයේ යේසුස්ව අනුකරණය කිරීම: ක්‍රිස්තියානි දේවසේවයට ප්‍රමුඛත්වය දෙන සරල ජීවිතයක් ගත කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් යේසුස්ව අනුකරණය කරන්න අපට හැකියි. ජීවත් වීමට අවශ්‍ය කරන දේවල් අපට ඇත්නම් මේ ලෝකයේ දේවල් තව තවත් අත් පත් කරගැනීමේ උත්සාහයක නිරත නොවන්න කියා බයිබලයේ දෙන උපදේශයට අපි අවනත වෙමු. (මතෙ. 6:19, 20; 1 තිමෝ. 6:8) දේශනා කිරීමේ කාර්යයේ අප හවුල් වන ප්‍රමාණය තව තවත් වැඩි කරගැනීමට මං සෙවීම ඊට වඩා කොපමණ හොඳද! අප යම් දුෂ්කරතා අද්දකිනවා නම්, අපේ ප්‍රධානතම කාර්යය වන රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම පසෙකට තල්ලු කිරීමට ජීවිතයේ සිත්තැවුල්වලට ඉඩ නොදීම සඳහා යේසුස් මෙන් අපිත් දැඩි වෑයමක් දරමු.—ලූක් 8:14; 9:59-62.
4 බොහෝ වගකීම් තිබෙන අය පවා දේශනා කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වය දෙති. ලොකු පවුලක් සිටින, රැකියාවේ වගකීම්ද උසුලමින් ක්‍රිස්තියානි සභාවක වැඩිමහල්ලෙකු හැටියට සේවය කරන සහෝදරයෙක් මෙසේ පවසයි. “මම දේවසේවය සලකන්නේ මගේ ජීවිතයේ ප්‍රධානතම වැඩය හැටියටයි.” පුරෝගාමී සහෝදරියක් පවසන්නේ මෙසේයි. “පුරෝගාමී සේවය කරන එක හොඳ ලෞකික රැකියාවකට වඩා වටිනා දෙයක්.”
5 අප මුහුණ දෙන තත්වයන් මොනවා වුණත්, යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමු. ඒ කෙසේද? ක්‍රිස්තියානි දේවසේවය අපේ ප්‍රධානතම කාර්යය කරගැනීමෙනි.