දේවවචනය සත්‍යයයි
1. බයිබලයේ සඳහන් වැදගත් තොරතුරු මොනවාද?
1 “ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය” කියා ගීතිකාකරු ලීවේය. (ගීතා. 119:160) යෙහෝවා ඔහුගේ ආනුභාවයෙන් ලියා තිබෙන වචනය යොදාගනිමින් ජීවිතයේ අතිවැදගත් ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර සපයයි. ගැටලු ප්‍රශ්න මධ්‍යයෙහි සිටින අයට ඔහු සැනසිල්ල හා බලාපොරොත්තුව සපයයි. ඔහුට ළංවීමට අපට හැකි ආකාරයද ඔහු පෙන්වා දෙයි. “බයිබලයේ තියෙන සත්‍යය ඉගෙනගැනීම හරියට ඝන අන්ධකාර තැනකින් ඉවත් වෙලා දීප්තිමත් ප්‍රසන්න කාමරයකට ඇතුල් වෙනවා වගෙයි” කියා ස්තුතිපූර්වකව එක් කාන්තාවක් පැවසුවාය. හැකි සෑම අවස්ථාවකදීම දේවවචනයේ සඳහන් සත්‍යය අනිත් අය සමඟ බෙදාගැනීමට ඔබ වෑයම් කරනවාද?
2. බයිබලය මිනිසුන්ගේ ජීවිත යහ මඟට ගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?
2 ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමේ බලය හා සකල ජනයාගේ සිත් ඇදගැනීමේ හැකියාව: මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරමින් ජීවිත මුළුමනින්ම වෙනස් කිරීමේ බලයක් බයිබලයේ සඳහන් සත්‍යයට තිබේ. (හෙබ්‍රෙ. 4:12) රෝසා නම් තරුණියක් ගණිකා වෘත්තියට සම්බන්ධ වී සිටියාය. ඒ විතරක් නොවෙයි, ඇය මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍යද පාවිච්චි කළාය. ඇගේ අද්දැකීම ගැන ඇය මෙසේ පවසයි. “ජීවිතයේ බලාපොරොත්තු හොඳටම කඩවෙලා හිටිය අවස්ථාවකදී, ගැටලු විසඳාගන්න පුළුවන් ආකාරය ගැන සාක්ෂිකාර යුවළක් මාත් එක්ක කතා කළා. මම දේවවචනය පාඩම් කරන්න පටන්ගත්තා. මට ඒකේ තියෙන දේවල් තව තවත් හොයලා බලන්න ආශාවක් ඇති වුණා. පවිත්‍ර තත්වයකට පත් වෙලා, අලුත් ජීවිතයක් පටන්ගන්න තරම් ශක්තියක් මට මාසයක් ඇතුළත ලැබුණා. දැන් මට ජීවිතයේ අරමුණක් තියෙන හින්දා මම තවදුරටත් මත්පැන් හා මත්ද්‍රව්‍යවල උපකාරය පතන්නේ නැහැ. යෙහෝවාගේ මිතුරෙක් වෙන්න මට දැඩි ආශාවක් තිබුණු හින්දා ඔහුගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න මම අධිෂ්ඨාන කරගත්තා. දේවවචනයේ තියෙන ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ප්‍රඥාව මට ලැබුණේ නැත්නම්, මම ජීවිතය නැති කරගන්න ඉඩ තිබුණා.”—ගීතා. 119:92.
3. අපි අනෙක් අය සමඟ බයිබලයේ සඳහන් පණිවිඩය බෙදාගැනීමෙන් නොවැළකී සිටිය යුත්තේ මන්ද?
3 අද තිබෙන බොහෝ පොත් පත් වගේ නොවෙයි, බයිබලය ‘සියලු ජාතීන්ට ගෝත්‍රවලට හා භාෂාවලට’ අයත් ජනයාගේ සිත් ඇදගනී. (එළි. 7:9, NW) දෙවිගේ කැමැත්ත නම් “සියලු ආකාර මිනිසුන් ගැලවීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝ. 2:4, NW) මේ නිසා යම් කෙනෙකුගේ පසුබිම නිසා ඒ තැනැත්තා ශුභාරංචියට සවන් දෙන්නේ නැහැ කියා අප කවදාවත් නොසිතිය යුතුයි. හැකි සෑම අවස්ථාවකදීම බයිබලය යොදාගනිමින් සියලුදෙනා සමඟම අප රාජ්‍යයේ පණිවිඩය බෙදාගත යුතුයි.
4. යම් කෙනෙකුට සාක්ෂි දරන විට අපට බයිබලය පාවිච්චි කළ හැක්කේ කෙසේද?
4 ශුද්ධ ලියවිලි අවධාරණය කරන්න: දේවසේවයේදී බයිබලය භාවිත කිරීම සඳහා බොහෝ අවස්ථා උදා වේ. සඟරා ඉදිරිපත් කරද්දී, යෝජිත ඉදිරිපත් කිරීම්වල තිබෙන ශුද්ධ ලියවිලි පාඨ කියවා පැහැදිලි කිරීමට උත්සාහ කරන්න. අදාළ මාසය සඳහා නියමිත ප්‍රකාශනය ඉදිරිපත් කරමින් අදහස් දක්වන විට, කලින් සූදානම් කරගත් ශුද්ධ ලියවිලි පාඨයක් කියවීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් බව සමහරුන් සොයාගෙන තිබේ. නැවත බැලීම් කරද්දී නිවැරදි දැනුම ක්‍රමානුකූලව අත් කරගැනීමට ගෙවැසියාට උපකාර කරමින් සෑම අවස්ථාවකදීම බයිබල් පදයක් හෝ පද කිහිපයක් ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කරන්න. බයිබල් පාඩමක් පවත්වද්දී ප්‍රධාන ශුද්ධ ලියවිලි පාඨවලට විශේෂ අවධානයක් දෙන්න. විධිමත්ව දේවසේවයේ හවුල් නොවන අවස්ථාවලදීද බයිබලයක් ළඟ තබාගන්න. මෙසේ කිරීමෙන් අවධිමත්ව සාක්ෂි දැරීමට ප්‍රස්තා උදා වන විට එය භාවිත කළ හැකියි.—2 තිමෝ. 2:15.
5. අප දේවසේවයේ හවුල් වන විට බයිබලය යොදාගැනීමට වෑයම් කළ යුත්තේ මන්ද?
5 දේවසේවයේ හවුල් වන විට යෝග්‍ය සෑම අවස්ථාවකදීම බයිබලය යොදාගනිමු. මෙසේ කිරීමෙන් සත්‍යය අඩංගු දේවවචනයේ පොලඹවනසුලු බලයෙන් ප්‍රයෝජන ගැනීමට අන් අයට උපකාර කිරීමට අපට හැකි වේ.—1 තෙස. 2:13.