‘දෙවිගේ වචනය බලවත්ය’
1 “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය” කියා ප්‍රේරිත පාවුල් සඳහන් කළා. (හෙබ්‍රෙ. 4:12) පාවුල් එම වදන්වලින් අදහස් වන්නේ කුමක්ද? බයිබලයෙහි සඳහන් දෙවිගේ වචනයට නොහොත් පණිවිඩයට පුළුවන් මිනිසුන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්න. යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා ජීවිතයෙහි යම් වෙනස්කම් කිරීම සඳහා යමෙකුව පෙලඹවීමේ බලයක් බයිබලයෙහි සඳහන් ප්‍රඥාවට තිබෙනවා. එමෙන්ම එය සපයන සැනසිල්ල හා බලාපොරොත්තුව මගින් මිනිසුන්ව ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවි වෙතට ළං කරවයි. සදාකාල ජීවනයට යන මාවතේ ගමන් කිරීම සඳහා අවංක හදවත් ඇති අයට උපකාර කරන්න එහි සඳහන් පණිවිඩයට හැකියි. කොහොමවුණත්, බයිබලය මගින් ඇති කරන මේ සෑම බලපෑමක්ම දැකගැනීමට නම්, අපි අනිත් අයට සාක්ෂි දරන විට බයිබලය භාවිත කළ යුතුයි.
2 සෑම අවස්ථාවකදීම ශුද්ධ ලියවිල්ලෙන් පාඨයක් කියවන්න: දේවසේවයේදී බයිබලය භාවිත කිරීමේ පුරුද්ද ප්‍රචාරකයන් බොහෝදෙනෙක් අතින් අත්හැරෙමින් තිබෙන බව පෙනෙන්න තිබෙනවා. ඔබත් එවැනි කෙනෙක්ද? හුඟදෙනෙකුට දිගු වේලාවක් කතා කරන්න කාලයක් නැති බව පෙනී යන නිසා, සමහරවිට පොත් පත් පමණක් ඉදිරිපත් කිරීමේ හෝ ශුද්ධ ලියවිලි පාඨයක අදහස ගෙනහැර දැක්වීමට ඔබ පුරුදු වී සිටින්න පුළුවන්. අන් අය සමඟ ශුභාරංචිය ගැන කතා කරන විට අඩුම තරමින් එක බයිබල් වගන්තියක්වත් කියවීමට උත්සාහ කරන්න කියා සියලුම ප්‍රචාරකයන්ව දිරිගන්වන්න කැමතියි. මන්ද එසේ කිරීමෙන්, අපි කතා කරන්නේ ඇත්තෙන්ම දෙවිගේ වචනයේ සඳහන් පණිවිඩයක් කියා තේරුම්ගන්න ඔවුන්ට හැකි වෙනවා.
3 පුරුද්දක් හැටියට බයිබලය කියවන්නේ ටිකදෙනෙක් වුණත්, සාමාන්‍යයෙන් බයිබලයට මිනිසුන් ගරු කරනවා. බොහෝ අවස්ථාවලදී වැඩ බහුල පුද්ගලයන් පවා කෙළින්ම දෙවිගේ වචනයෙන් ඉදිරිපත් කරන පණිවිඩයකට සවන් දෙන්න විනාඩියක් හෝ දෙකක් වැය කරන්න කැමති විය හැකියි. යෝග්‍ය ශුද්ධ ලියවිලි පාඨයක් උණුසුම් හැඟීමෙන් යුතුව කියවා කෙටියෙන් පැහැදිලි කරන විට, සවන් දෙන්නා කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන්න යෙහෝවාගේ වචනය සතු බලයට පුළුවන්. නමුත් ඔබ මුලින්ම පවසන දෙය හා බයිබල් වගන්තියක් කියවීම අතර සම්බන්ධයක් ඇති කරන්න පුළුවන් කොහොමද?
4 සඟරා සේවයේදී මෙය අත්හදා බලන්න: චාරිකා අවේක්ෂකයෙක් සඟරා සේවයේ හවුල් වන අවස්ථාවලදී ශුද්ධ ලියවිලි බලපෑමෙන් යුක්තව භාවිත කරනවා. ඔහු කුඩා බයිබලයක් සාක්කුවේ දමාගෙන යනවා. සඟරාවක් ඉදිරිපත් කර, එහි සඳහන් ලිපියක විශේෂ කරුණක් කෙටියෙන් ගෙනහැර දැක්වීමෙන් පසු, ඔහු හිත හිත ඉන්නේ නැතුව බයිබලය පෙරළා ලිපියට සම්බන්ධ වගන්තියක් කියවනවා. මේ විදිහට ඇසීමෙන් මෙය කරන්න පුළුවන්. “මේ දිරිගන්වනසුලු පොරොන්දුව ගැන ඔයා මොනවද හිතන්නේ?” ඉන් අනතුරුව, තෝරාගත් බයිබල් වගන්තියක් කියවන්න පුළුවන්.
5 සවන් දෙන සෑම කෙනෙකුටම බයිබල් වගන්තියක් දෙකක් කියවීම ඔබේ ඉලක්කය කරගන්න. බොහෝදෙනෙකුට දෙවි වෙතට ළං වීමේ මාර්ගය විවෘත කර දෙන්න බයිබලය සතු පෙලඹවීමේ බලයට පුළුවන්.—යොහ. 6:44.