බයිබලය හොඳින් භාවිත කරන්න
1 අපි දේවසේවයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්රකාශනය කුමක් වුණත්, අපට සවන් දෙන අයව කල්පනා කිරීමට පොලඹවන ශුද්ධ ලියවිලි පාඨයක් තෝරාගැනීමෙන් ප්‍රයෝජන අත් කරගත හැකියි. (හෙබ්‍රෙ. 4:12) ඔබ ඉදිරිපත් කරන ප්රකාශනයේ සඳහන් ශුද්ධ ලියවිලි පාඨයක් තෝරාගන්නවා නම්, එය එම ප්රකාශනයේ අදහස්වලට හොඳින් සම්බන්ධ කළ හැකියි. ගෙයින් ගෙට සේවයේදී හා අවිධිමත්ව සාක්ෂි දරද්දී බයිබලය තමන්ගේ අතේ රැගෙන යෑම ප්‍රයෝජනදායක බව ඇතැම් ප්‍රචාරකයන් අද්දැක තිබේ.
2 ශුද්ධ ලියවිලි පාඨයකින් පටන්ගන්න: සමහර ප්‍රචාරකයන් ගෙවැසියාට කතා කරන්න පටන්ගන්නේ යම් බයිබල් වගන්තියක් මත පදනම් කරගත් අදහස් විමසන ප්‍රශ්නයක් ගෙවැසියාගෙන් ඇසීමෙනි. ගෙවැසියාගේ ප්‍රතිචාරයෙන් පසුව ඔවුහු ඒ බයිබල් වගන්තිය කියවති. මේ ක්‍රමය මගින් කෙළින්ම දේවවචනය කෙරෙහි ගෙවැසියාගේ අවධානය ඇදගත හැකියි. පහත සඳහන් හැඳින්වීම්වලින් සමහරක් ඔබේ බලප්‍රදේශයට හොඳින් ගැළපෙනවාද කියා බලන්න.
◼ “ඔබට බලයක් තිබුණා නම්, ඔබ මේ වගන්තියේ සඳහන් වෙන වෙනස්කම් කරනවාද?” එළිදරව් 21:4 කියවන්න.
◼ “අපි ජීවත් වෙන්නේ අන්තරාදායක කාලයකයි. එසේ පැවසීමට ඇති හේතු මොනවාද?” 2 තිමෝති 3:1-5 කියවන්න.
◼ “හැම කෙනෙක්ම මේ උපදේශය පිළිපැද්දොත් අපේ සමාජය අදට වඩා හුඟාක් හොඳ වෙයි කියලා ඔබ හිතනවාද?” මතෙව් 7:12 කියවන්න.
◼ “මේ වගන්තිවල විස්තර කරලා තියෙන තත්වය යටතේ අපේ දරුවන්ට ජීවත් වෙන්න ලැබෙයි කියලා ඔබ හිතනවාද?” ගීතාවලිය 37:10, 11 කියවන්න.
◼ “මේ වචන සැබෑ වෙන කාලයක් කවදා හරි එයි කියලා ඔබ හිතනවාද?” යෙසායා 33:24 කියවන්න.
◼ “මේ වගන්තියේ විස්තර කරලා තියෙනවා ඉදිරියේදී ආණ්ඩුවල සිදු වෙන වෙනසක් ගැන. ඔබ මේ ගැන දැනගෙන හිටියාද?” දානියෙල් 2:44, 45 කියවන්න.
◼ “ඔබත් කැමතිද දෙවිගෙන් මේ ප්රශ්නය අහන්න.” යෝබ් 21:7 කියවන්න.
◼ “මියගොස් සිටින අපි ආදරය කරපු අයව නැවත දකින්න අවස්ථාවක් ලැබෙයිද?” යොහන් 5:28, 29 කියවන්න.
◼ “ජීවත් වෙන අය කරන දේවල් මියගොස් සිටින අය දන්නවාද?” දේශනාකාරයා 9:5 කියවන්න.
3 පැහැදිලි කරන්න, උපමා පාවිච්චි කරන්න, අදාළ කරන්න: යම් කෙනෙක් කතා කරන්න කැමති නම් සාකච්ඡාව ඉක්මනින්ම අවසන් කරන්න එපා. ඔබ කියවන ශුද්ධ ලියවිලි පාඨය පැහැදිලි කරන්න. උපමාවක් පාවිච්චි කරන්න. අදාළ කරන්න කාලය ගන්න. මෙසේ කරද්දී ඔබට සවන් දෙන පුද්ගලයාට ඒ පාඨය හොඳින් තේරුම්ගත හැකියි. (නෙහෙ. 8:8) දේවවචනයේ උගන්වන දේවල් මිනිසුන් තේරුම්ගෙන පිළිගන්න විට, ඔවුන්ගේ ජීවිතවල මවිතකර වෙනස්කම් සිදු වෙනවා දකින්න පුළුවන්.—1 තෙස. 2:13.
4 ජනයා තුළ උනන්දුවක් ඇති කරන්න උත්සාහ කරද්දී බයිබලය හොඳින් භාවිත කරන්න. නැවත බැලීම් කරද්දීත් ඔබට මේ ක්රමයම යොදාගන්න පුළුවන්. (1) යෝග්‍ය ශුද්ධ ලියවිලි පාඨයක් තෝරාගන්න. (2) ඒ පාඨයට අදාළව අදහස් විමසන සරල ප්‍රශ්න අසන්න. අනතුරුව පාඨය කියවන්න. (3) එය පැහැදිලි කරන්න. උපමාවක් පාවිච්චි කරන්න. අදාළ කරන්න. ඔබ උනන්දුව දක්වන පුද්ගලයාව නැවත හමු වෙන සෑම අවස්ථාවකදීම දේවවචනය ගැන ඔහුගේ දැනුම වැඩි කරන දෙයක් බෙදාගැනීමට වෑයම් කරන්න. මෙලෙස කිරීමෙන් වැඩි කල් නොගොස් බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට හැකි වේවි.
[Study Questions]
1. ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වීමේදී ඔබට කුමක් කළ හැකිද?
2. (අ) ශුද්ධ ලියවිලි පාඨයකින් අපේ සාක්ෂි දැරීම ආරම්භ කරන්න අපට හැක්කේ කෙසේද? (ආ) ඔබේ බලප්‍රදේශයේ සිටින ජනයාගේ සිත්ගන්නා ශුද්ධ ලියවිල්ල මත පදනම් විෂයන් මොනවාද?
3. අප කියවන බයිබල් වගන්ති තේරුම්ගැනීම සඳහා ජනයාට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
4. නැවත බැලීම්වලදී අපට බයිබලය හොඳින් භාවිත කළ හැක්කේ කෙසේද?