ඔබ ඔබේ සේවය සම්පූර්ණ කරමින් සිටිනවාද?
1 යේසුස්ගේ ගෝලයන් ජනයාට “සම්පූර්ණ සාක්ෂියක් [NW]” දැරීමෙන් ඔවුන්ගේ සේවය කිසි අඩුවක් නැතිව සිදු කළ බවට ක්‍රියා පොතේ අපට කියවීමට තිබෙනවා. (ක්‍රියා 2:40; 8:25; 28:23) ප්‍රේරිත පාවුල්ගේ ඉලක්කය වූයේත් එසේ තමන්ගේ සේවය සම්පූර්ණ කිරීමයි. (ක්‍රියා 20:24) ශුභාරංචිය ගෙන යන දේවසේවකයෙකු වශයෙන් ඔබේ ඉලක්කයත් එය නොවේද? ඔබට මෙම ඉලක්කය අත් කරගත හැක්කේ කෙසේද?
2 ඔබේ ඉදිරිපත් කිරීම සූදානම් කරගන්න: දේවසේවයේදී හොඳ සාක්ෂියක් දීමට නම් ඔබ සූදානම් වී සිටීම අවශ්‍යයි. සඟරා ඉදිරිපත් කරන අවස්ථාවලදී, සවන් දෙන්නාගේ අවධානයට යොමු වන මාතෘකා නිතරම වෙනස් වන නිසා සූදානම් වීම ඉතාමත් වැදගත්. බලපෑමෙන් යුක්තව සඟරා ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමට අපට උපකාර කිරීමේ අරමුණින් අපගේ රාජ්‍ය සේවාවේ මෙම කලාපයට අලුත් අංගයක් හඳුන්වා දී තිබෙනවා. මුල් පිටුවේ වම් තීරුවේ තිබෙන මෙම අලුත් කොටසෙහි වත්මන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහැරීම සඳහා ආදර්ශ ඉදිරිපත් කිරීම් කිහිපයක් දක්වා තිබෙනවා. ඉදිරියේදී පළ වන සෑම කලාපයකම සඳහන් බොහෝදෙනෙකුගේ සිත්ගන්නා කාලෝචිත කරුණක් මෙහි විශේෂ කොට දක්වයි. ඔබට මේ කෙටි ඉදිරිපත් කිරීම් සේවයේදී යොදාගන්න පුළුවන් කොහොමද?
3 ඔබේ බලප්‍රදේශයේදී වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියා ඔබට හැඟෙන යෝජනාවක් එයින් තෝරාගන්න. හඳුන්වා දීමට බලාපොරොත්තු වන ලිපිය පරෙස්සමින් කියවමින් උනන්දුව ඇති කළ හැකි නිශ්චිත කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. ඉදිරිපත් කරන සඟරාවෙහි සඳහන් කරුණු සාකච්ඡාවට අදාළ කරගනිමින් ගෙවැසියා ඉදිරිපිට කියවිය හැකි ශුද්ධ ලියවිලි පාඨයක් තෝරාගන්න. ඔබට සවන් දෙන තැනැත්තා තුළ සඟරාව කියවීමට ආශාවක් ඇති වන ආකාරයෙන් කෙටි අවසානයක්ද ගොඩනඟාගන්න. යෝග්‍යයයි පෙනේ නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා පරිත්‍යාගයක් කරන්න ගෙවැසියාට පුළුවන් බව කෙටියෙන් පැවසිය හැකියි. දැන්, ඔබගේ ඉදිරිපත් කිරීම පෙරහුරු කරන්න.
4 බයිබලය පාවිච්චි කිරීමට සැලසුම් කරන්න: හොඳින් සැලසුම් කරගන්නවා නම්, බොහෝ අවස්ථාවලදී ඔබේ ඉදිරිපත් කිරීමට බයිබල් පදයක් ඇතුළත් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට, බොහෝ රටවල සිටින අද්දැකීම් ලත් ප්‍රචාරකයන් බයිබලය අතේ තබාගෙන ගෙවැසියාට ආචාර කිරීමෙන් පසු පහත සඳහන් ආකාරයට පැවසීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා.
◼ “බයිබලයේ මුල්ම වගන්තියේ සඳහන් දෙය විශ්වාස කරනවාද කියල අපි මිනිසුන්ගෙන් අහනවා . එහි මෙහෙම කියනවා, . . . ” උත්පත්ති 1:1 කියවීමෙන් පසු මෙහෙම අහන්න. “මෙයට එකඟ වෙන්න ඔයාට පුළුවන්ද?” ඔව් කියා ගෙවැසියා පැවසුවොත් ඔබට පුළුවන් මේ විදිහට කියන්න. “මමත් ඒකට එකඟ වෙනවා. කොහොමවුණත්, හැම දෙයක්ම මැව්වේ දෙවි නම්, අද තියෙන දුෂ්ටකම්වලට වගකියන්න ඕනෙත් දෙවි කියල ඔයා හිතනවාද?” ගෙවැසියා ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු දේශනාකාරයා 7:29 කියවන්න. දැනුම පොතේ 71වන පිටුවට පෙරළා එහි දෙවන ඡේදය කියවන්න. ඉන්පසු, දැනුම පොත කියවන්න ගෙවැසියාව උනන්දු කරවන්න. උත්පත්ති 1:1හි සඳහන් දෙය සමඟ ගෙවැසියා එකඟ වෙන්නේ නැත්නම්, මැවුම්කරු පොත ලබාගන්න ඔහුට උනන්දු කරවන්න.
5 උනන්දුව ලුහුබඳින්න: උනන්දුව දක්වන තැනැත්තන්ව නැවත හමුවීමට ඔබ යන්නේ නැත්නම්, ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඔබට හැකි වන්නේ නැහැ. ගෙවැසියා සමඟ හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා නම්, ඔහු හෝ ඇය සඟරා පොත් පත් ලබාගත්තත් නැතත්, ඔහුගේ හෝ ඇගේ නම හා ලිපිනය ලියාගන්න. හැකි විගස හමුවීමට යෑමෙන් එම පුද්ගලයාගේ උනන්දුව දිගටම පවත්වාගැනීමට හැකි සෑම වෑයමක්ම දරන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා අහන්න අමතක කරන්න එපා.
6 “සම්පූර්ණ සාක්ෂියක් දෙන්න” යේසුස් තමන්ට නියෝග කර තිබූ බව මුල් සියවසේ සිටි ගෝලයන් දැන සිටියා. (ක්‍රියා 10:42, NW) එම නියෝගය අපටත් අදාළ වෙනවා. මන්ද අපට ගෝලයන් සෑදීමට තිබෙන එකම මාර්ගය එසේ සම්පූර්ණ සාක්ෂියක් දීමයි. (මතෙ. 28:19, 20) මේ නිසා අපේ සේවය සම්පූර්ණ කරන්න අපිට හැකි උපරිමය කරමු.—2 තිමෝ. 4:5.