ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 8 පි.
  • සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සඟරාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආකාරය
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ඉදිරිපත් කිරීම් සඳහා දෙන යෝජනා යොදාගත හැකි අයුරු
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • සත්‍යය ගැන සාක්ෂි දරන සඟරා බෙදාහරින්න
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 8 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න

මුද්‍රිත පිටුව
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කෙනෙක්ට සඟරාවේ තියෙන දෙයක් ගැන කියනවා

ඒක වැදගත් ඇයි? වැඩපොතේ අත්හදා බලන්න යෝජනාවල උදව් වෙන අදහස් දීලා තිබුණත් ඒවා දළසටහන් විතරයි. ඒ අදහස් ඔබේම වචනවලින් කියන්න. ඔබ කැමති නම් වෙන විදිහකට පටන්ගන්න හරි ප්‍රදේශයට ගැළපෙන වෙනත් කරුණක් ගැන කතා කරන්න හරි පුළුවන්. එහෙම කරන්න නම් සඟරාව කියවන්න. අත්හදා බලන්න යෝජනාත් සලකලා බලන්න. අත්හදා බලන්න යෝජනා වීඩියෝවලින් පෙන්නුව දේත් මතක තියාගන්න. ඔබේම යෝජනාවක් හදාගන්න උදව් වෙන කරුණු පහත තියෙනවා.

ඒක කරන්නේ කොහොමද?

මෙහෙම හිතන්න. ‘මම අත්හදා බලන්න යෝජනාවලින් එකක් පාවිච්චි කරනවාද?’

ඔව්

  • මුලින්ම කියන වචන සූදානම් කරගන්න. නිවැසියාට ගැළපෙන විදිහට ආචාර කරලා ඔබ ආපු කාරණය කෙටියෙන් කියන්න. (උදාහරණයක්: “මං ආවේ . . . “)

  • ප්‍රශ්නය ඇහුවාට පස්සේ බයිබල් පදයක් කියවන්නත් ඊටපස්සේ ප්‍රකාශනයක් දෙන්නත් පුළුවන් විදිහ ගැන හිතන්න. (උදාහරණයක්: බයිබල් පදයක් හඳුන්වලා දෙද්දී මෙහෙම කියන්න පුළුවන්. “ඒ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා.”)

නැහැ

  • ඔබ කැමති, ප්‍රදේශයට ගැළපෙන ලිපියක් සඟරාවෙන් තෝරගන්න

  • නිවැසියාගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන්, සාකච්ඡාවකට මඟ පාදන ප්‍රශ්නයක් ලෑස්ති කරගන්න. හැබැයි නිවැසියාව අපහසුතාවට පත් කරන ප්‍රශ්නයක් අහන්න එපා. (උදාහරණයක්: සඟරාවල 2වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න.)

  • බයිබල් පදයක් තෝරගන්න. (දෙන්නේ ‘පිබිදෙව්!’ සඟරාව නම් බයිබල් පදයක් කියවනවාද නැද්ද කියලා හිතලා බලන්න පුළුවන්. මොකද ඒක සකස් කරලා තියෙන්නේ බයිබලය ගැන එච්චර දැනුමක් නැති, ආගම ගැන එච්චර විශ්වාසයක් නැති අයට.)

  • ලිපිය කියවන එක ප්‍රයෝජනවත් කියලා නිවැසියාට පෙන්වලා දෙන්න පුළුවන් වාක්‍යයක් හෝ දෙකක් හිතාගන්න

කොහොමවුණත්

  • නැවත බැලීමට ගිහින් සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් ලෑස්ති කරගන්න

  • ඊළඟ වතාවේදී කියන දේ මතක තියාගන්න උදව් වෙන කරුණු සටහන් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න