“නිසි නැඹුරුවාවක්” ඇති අයට උපකාර කරන්න
1. අපගේ දවසේදී යෙහෝවා තමන් වෙතට එක්කාසු කරගනිමින් සිටින්නේ කාවද?
1 සෑම පුද්ගලයෙකුටම ඔහුගේ සිත තුළ මුල් බැසගෙන ඇති යම් නැඹුරුවාවක් තිබේ. (මතෙ. 12:35) “සිතෙහි යුද්ධය” ඇති අය ගැන බයිබලය කතා කරයි. (ගීතා. 55:21) ඇතැම්හු ‘කෝපයෙන්’ ක්‍රියා කිරීමට නැඹුරු වී සිටිති. (හිතෝ. 29:22) එහෙත්, “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයද සිටිති. (ක්‍රියා 13:48, NW) අපගේ දවසේදී, යෙහෝවා නිසි නැඹුරුවාවක් ඇති එවන් අයව තමන්ට එක්කාසු කරගනිමින් සිටී. (හග්. 2:7) එවන් අයට යෙහෝවාගේ නමස්කාරකයන් බවට පත්වීමට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
2. ගෝලයන් සෑදීමට වූ අපගේ බලපැවරුම ඉෂ්ට කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?
2 අමතක නොකර නැවත ගොස් බලන්න: ගෝලයන් සෑදීමට අපට දී ඇති බලපැවරුම ඉෂ්ට කිරීම සඳහා නැවත බැලීම් කිරීම පිළිබඳව අප තුළ නිසි දෘෂ්ටියක් තිබීම අතිශයින් වැදගත්ය. (මතෙ. 28:19, 20) අපට හමු වන අයව නැවත ගොස් බැලීමට අප යුහුසුලු වෙනවාද? පොත් පත් ලබාගන්නාවූ සියල්ලන්ව හෝ ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දක්වන සියල්ලන්ව අප නැවත ගොස් බලනවාද? ඔවුන්ට ආත්මිකව වර්ධනය වීමට උපකාර කිරීමට අප නොකඩවා උත්සාහ කරමින් සිටිනවාද? මීට ජීවිත සම්බන්ධ වී තිබෙන බැවින්, අපට හමු වන සියල්ලන් තුළම ඒ සඳහා උනන්දුව ඇති කිරීමට අප උත්සුක විය යුතුයි.
3. දේවසේවය තුළ යමෙකු සමඟ කතා බහ කළාට පසුව අප කළ යුත්තේ කුමක්ද?
3 උනන්දුව දැක්වූ පුද්ගලයෙකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක තොරතුරු තවමත් අපගේ මනසේ නැවුම්ව තිබෙන කල, ඔහුගේ නම සහ ලිපිනය ලියාගැනීමට මොහොතක් කාලය මිඩංගු කරන්න. සාකච්ඡා කළ විෂයද, කියවූ බයිබල් පදයක් තිබේ නම් එයද, බෙදා දුන් පොත් පත්ද සටහන් කරගන්න. ඉන්පසුව, හැකි තරම් ඉක්මනින් නැවත ගොස් බැලීමට අදිටන් කරගන්න.
4. බලපෑමෙන් යුත් නැවත බැලීම් කිරීමට අපට හැක්කේ කෙසේද?
4 නැවත බැලීමක් කිරීම: ඔබ නැවත බැලීමක් කරන විට, උණුසුම්, මිත්‍රශීලී ස්වභාවයක් පළ කිරීමද ගෙවැසියා කෙරෙහි අවංක පෞද්ගලික උනන්දුවක් දැක්වීමද සුදුසුයි. ශුද්ධ ලියවිලිවලට එකඟව සරල සාකච්ඡාවක් කරන්න. ගෙවැසියාගේ උනන්දුව ඇදගන්නාවූ විෂයක් සාකච්ඡා කරන්න. අවසානයේදී ප්‍රශ්නයක් අසා ඊළඟ වතාවේදී පිළිතුරු දීමට හැකි බව කියන්න. ගෙවැසියා විසින් පළ කිරීමට ඉඩ කඩ තිබෙන ශුද්ධ ලියවිලිවලට පටහැනි යම් මතිමතාන්තර ගැන අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇති කරගැනීමෙන් වැළකී සිටීම යෙහෙකි. ඔහු සමඟ එකඟ විය හැකි පොදු කාරණා මත සාකච්ඡාව ගොඩනැංවීමට උත්සාහ කරන්න.—කොලො. 4:6.
5. එක් පුරෝගාමියෙක් දැරුවේ කිනම් උත්සාහයක්ද? ඔහු ලැබූ ප්‍රතිඵල මොනවාද?
5 නැවත බැලීම් කිරීමට යම් ප්රයත්නයක් අවශ්‍ය කරවයි. නමුත් ඉන් ලැබෙන ප්‍රතිඵල තෘප්තිය ගෙන දෙන්නකි. ජපානයේ එක් පුරෝගාමියෙක් සෑම මසකම නැවත බැලීම් කිරීමට ඉලක්කයක් තැබීය. ගෙයින් ගෙට සේවයේදී තමාට හමු වන සියල්ලන් ගැනම වාර්තාවක් තබාගැනීමට පටන්ගත් ඔහු, දවස් හතක් ඇතුළත, ඔවුන්ව යළිත් ගොස් බැහැදැක්කේය. තමා කියන්නට යන දේ ගැන හොඳින් සූදානම් වූ ඔහු තමා දරන පණිවුඩය කෙරෙහි සම්පූර්ණ නිසැකභාවයක් ඇති කර සේවය කරගෙන ගියේය. ඒ එක් නැවත බැලීමකදී, එක් පුද්ගලයෙක් සමඟ පාඩමක් පටන් ගැනීමට ඔහුට හැකි විණි. එම තැනැත්තා මෙසේ කියා තිබිණි. “මම හැමදාම ඔයාලගේ කට්ටියව හරවලා යවනවා. මම ඇත්තටම සවන් දුන්න පළමු අවස්ථාව මේකයි.” මෙම පුරෝගාමියා ඉතා ප්‍රේමයෙන් යුතුව දැරූ අඛණ්ඩ උත්සාහයන් මල්පල ගැන්විණි. ඒ මාසයේ අවසානයේදී ඔහු බයිබල් පාඩම් දහයක් වාර්තා කරමින් සිටියේය.
6. නැවත බැලීම් කිරීමෙහිලා අප දිගටම උත්සාහ කළ යුත්තේ මන්ද?
6 ජනයාගේ තත්වයන් නිතරම වෙනස් වෙමින් තිබේ. (1 කොරි. 7:31) උනන්දුමත් පුද්ගලයෙකුව නිවසේදී යළිත් හමුවීමට බොහෝවිට උත්සාහයන් කිහිපයක්ම දරන්නට සිදු වේ. අප අමතක නොකර නැවත බැලීම් කළොත් සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති අයට ජීවනයේ මාර්ගයට පැමිණීමට උපකාර කිරීමට අපට හැකියි.—මතෙ. 7:13, 14.