නැවත බැලීම් සාර්ථක කරගැනීමට මඟ සූදානම් වීමයි
1. යේසුස්ගේ මුල් ගෝලයන් කළ සේවය තවදුරටත් ව්‍යාප්ත කරනු ලබන්නේ කුමන අරමුණෙන්ද?
1 යේසුස් ඔහුගේ ගෝලයන්ව සාර්ථක ලෙස “රාජ්‍යයේ ශුභාරංචිය” දේශනා කරන්නන් බවට පත් කිරීම සඳහා හොඳින් පුහුණු කළා. (මතෙ. 4:23; 9:35) යේසුස් ඔවුන්ට එම පුහුණුව ලබා දුන්නේ පලස්තීන දේශයට අයත් ප්‍රදේශවලදී පමණයි. නමුත් ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමේ’ අරමුණ ඇතුව ශුභාරංචිය තව තවත් ව්‍යාප්ත කරන බව යේසුස් ස්වර්ගයට යෑමට පෙර ඔහුගේ ගෝලයන්ට දැනුම් දුන්නා.—මතෙ. 28:19, 20.
2. “ගෝලයන් කරන්න” යන යේසුස්ගේ අණට කීකරු වීම සඳහා අප කුමක් කළ යුතුද?
2 යේසුස්ගේ අණට කීකරු වීම සඳහා අප කුමක් කළ යුතුද? ශුභාරංචිය ගැන උනන්දුවක් දක්වන අයව නැවත ගොස් බැලීමත් යේසුස් අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට ඉගැන්වීමත් අවශ්‍යයි. එසේ සාර්ථකව නැවත බැලීම් කිරීමට නම් අප හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍යයි.
3. මුල් හමුවීමේදීම නැවත බැලීමකට අඩිතාලමක් දැමිය හැක්කේ කෙසේද?
3 කල් ඇතුව සූදානම් වන්න: සමහර ප්‍රචාරකයන් මුල් හමුවීමේදීම ගේ හිමියාගෙන් ප්‍රශ්නයක් අසා ඊට පිළිතුරු දීමට නැවත පැමිණෙන බව පවසනවා. නැවත බැලීමේදී එම ප්‍රශ්නයට පිළිතුර බයිබලයේ ඉගැන්වීම් පොතෙන් සාකච්ඡා කිරීමෙන් බයිබල් පාඩම් පටන්ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.
4. නැවත බැලීමට යෑම සඳහා ඊළඟ සඟරා ලැබෙන තුරු බලා සිටීම අවශ්‍ය නැත්තේ ඇයි?
4 දැන් අපට මාසයක් පුරා බෙදා හැරීමට තිබෙන්නේ සඟරා දෙකක් පමණයි. නමුත් සඟරාවක් ලබා දුන් කෙනෙකුව නැවත බැලීමට යෑම සඳහා ඊළඟ සඟරා ලැබෙන තුරු බලා සිටිය යුතුද? නැහැ. එම තැනැත්තාගේ උනන්දුව තවත් වැඩි කිරීම සඳහා ඔහුට හෝ ඇයට දුන් සඟරාවේම තොරතුරු යොදාගත හැකියි.
5. නැවත ගොස් කතා කළ යුත්තේ කුමන කාරණා ගැනද කියා කලින්ම සිතා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
5 කලින්ම සිතා බලන්න: නැවත බැලීමට යෑමට කලින් එම තැනැත්තා ගැන ඔබ සටහන් කරගෙන තිබෙන තොරතුරු කියවා ඔහු හෝ ඇය සමඟ කතා කළ යුත්තේ කුමන කාරණාද කියා කලින්ම සිතා බලන්න. එවිට ඔබ තබා පැමිණි ප්‍රකාශනයෙන්ම යම් කරුණක් සාකච්ඡා කළ හැකි බව ඔබට වැටහේවි. එසේත් නැත්නම් ඔබ කලින් කතා කළ කරුණකට අදාළ තොරතුරු ඇති වෙනත් ප්රකාශනයක් ගෙන ගොස් දිය හැකියි. කලින් වතාවේ ඔබ ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පොරොන්දු වී පැමිණියා නම් එම පිළිතුර ලබා දීම ඉතාම වැදගත්. එසේ කරන විට බයිබලය යොදාගැනීමට වගබලා ගන්න.
6. අප නැවත බැලීමක් කිරීමේ අරමුණ කුමක්ද?
6 අරමුණ වටහාගන්න: අප නැවත බැලීමක් කිරීමේ අරමුණ වන්නේ බයිබල් පාඩමක් ආරම්භ කිරීමයි. එක් සාක්ෂිකරුවෙක් නැවත බැලීමකට ගොස් සාකච්ඡා කළාට පසු ගේ හිමියාගෙන් බයිබල් පාඩමක් කිරීමට කැමතිද කියා ඇසුවා. ඊට කැමති නැති බව ගේ හිමියා පැවසුවා. පසු අවස්ථාවකදී අලුත්ම සඟරා රැගෙන ඔහුව හමු වීමට ගිය සාක්ෂිකරුවා මෙසේ පැවසුවා. “මේ වතාවේ මම ආවේ බයිබලය ගැන යම් ප්‍රශ්න තියෙනවා නම් ඉන් එකකට පිළිතුරු දෙන්නයි.” ඉන්පසු ගේ හිමියා ඇසූ ප්‍රශ්නයට බයිබල් පදයක් කියවා පිළිතුරක් දුන් සාක්ෂිකරුවා බයිබල් පාඩම් පවත්වන පොතකින් ඊට අදාළ ඡේදයක් කියෙව්වා. මේ ආකාරයට බයිබල් පාඩමක් කිරීමට අවස්ථාව උදා වුණා.
7. බයිබල් පාඩමක් ආරම්භ කිරීම සඳහා හොඳින් සූදානම් වීම ඔබට උපකාරවත් වුණේ කෙසේද?
7 නැවත බැලීම්වලට යෑමට කලින් ඒ සඳහා අප හොඳින් සූදානම් වෙනවා නම් ඉන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. එමඟින් අපට කියා නිම කළ නොහැකි ප්‍රීතියක් ලැබෙනවා පමණක් නොව සදාකාල ජීවනය ලැබීමට ආශාවක් දක්වන අයට එය අත් කරගැනීමට උපකාර කිරීමේ වරප්‍රසාදයද ලැබෙනවා.—ක්‍රියා 13:48.