සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“මිනිස් සමාජයේ දියුණුවක් ඇති කරන්න, සමහරක් ආගමික නායකයෝ දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඒ වුණත්, මිනිස්සු යේසුස්ව රජෙකු කරන්න උත්සාහ කළ අවස්ථාවේ යේසුස් කළ දේ බලන්න. [යොහන් 6:15 කියවන්න.] යේසුස් අවධානය දුන්නේ සියලුමදෙනාට සදාකාලික යහපතක් ඇති කරන දෙයකටයි. මේ සඟරාවේ ඒ මොකක්ද කියලා පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“බොහෝදෙනෙකුට තමන්ගේ රැකියා ස්ථානයේදී විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර අය තමන් සමඟ එකට වැඩ කරන අයගේ හිරිහැරවලට පවා ලක් වෙනවා. එවන් අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැන යම් මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? [ප්රතිචාරයට ඉඩහරින්න. පසුව හිතෝපදේශ 15:1 කියවන්න.] රැකියා ස්ථානයේදී සාමය පවත්වාගන්න විදිහ ගැන යම් ප්රායෝගික යෝජනා මේ සඟරාවේ ඉදිරිපත් කරලා තියෙනවා.”
මුරටැඹ මැයි 15
“පොළොවේ ඉන්න මිනිස්සු කරන දේවල් දෙවි කෙරෙහි යම් බලපෑමක් කරනවාද කියලා ඔබ කවදාහරි කල්පනා කරලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අප කරන දේවල් දෙවිගේ හැඟීම්වලට බලපාන හැටි මේ බලන්න. [හිතෝපදේශ 27:11 කියවන්න.] දෙවිගේ සිත ප්රීතිමත් කරපු සමහරක් අයගේ ආදර්ශ ගැන මේ සඟරාවේ කතා කරලා තියෙනවා. අනික අපටත් එහෙම කරන්න පුළුවන් කොහොමද කියලත් එහි පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“අද, ලෝකයේ සමහරක් දෙනෙකුට බලාපොරොත්තුවක් නැහැ. ඔබටත් සමහර වෙලාවට එහෙම හැඟෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න. අනතුරුව රෝම 15:4 කියවන්න.] ජීවිතයට බලාපොරොත්තුවක් තියාගන්න එක වැදගත් කියලා වැඩිදෙනෙක් වටහාගෙන තියෙනවා. මේ පිබිදෙව්! සඟරාවේ ඉදිරිපත් කරලා තියෙනවා, බලාපොරොත්තුවක් තබාගැනීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු හතක්. මම හිතනවා ඔබ මේ ගැන කියවලා යම් ප්රයෝජනයක් ගනියි කියලා.”