සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“දෙවිට නමස්කාර කිරීමට ආගමික සංවිධානයකට සම්බන්ධ වීම අවශ්‍ය නැහැයි කියලා බොහෝදෙනෙකුට හැඟෙනවා. ඔබ කවදාහරි ඒ ගැන හිතුවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අතීතයේ හිටපු අය එක්ක දෙවි කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තාවක් මේ සඟරාවේ පළ වෙනවා. ඒ වගේම සත්‍යතාවෙන් දෙවිට නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන්නේ මොකක්ද කියලත් මෙහි කතා කරලා තියෙනවා.” යොහන් 4:24 කියවන්න.
පිබිදෙව්! ජූනි 8
“අද ඉන්න බොහෝදෙනෙකුට දැනෙන දෙයක් තමයි තනිකම. මේ නිසා අනික් අය තමාව කොන් කරලාය කියන හැඟීමකුත් ඇති වෙනවා. මේ වගේ දෙයක් හරිම වේදනාකාරීයි කියලා ඔයා හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. අනතුරුව ගීතාවලිය 25:16 කියවන්න.] තනිකම මඟහරවා ගන්නා ආකාරය ගැන යම් ප්‍රායෝගික අදහස් කිහිපයක් මේ පිබිදෙව්! කලාපයේ සඳහන් වෙලා තියෙනවා.”
මුරටැඹ ජූනි 15
“අද දින ඉන්න ළමයින්ව පුහුණු කරන එක අභියෝගයක් කියලා ඔබ හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා මෙහි කියලා තියෙනවා, මේ බලන්න. [හිතෝපදේශ 22:6 කියවන්න.] මේ අභියෝගයට මුහුණ දීම සඳහා දෙමාපියන්ට උපකාරවත් වන යම් ප්‍රායෝගික යෝජනා මේ මුරටැඹ කලාපයේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! ජූනි 8
“අද ලෙඩ රෝග බහුලයි. මේවා මර්දනය කිරීමට වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙන ආකාරය පුදුමාකාරයි. නමුත් සම්පූර්ණයෙන්ම අසනීප නැති ලෝකයක් කවදා හරි ඇති වෙයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා, යම් දවසක පොළොවේ ඉන්න හැමදෙනෙක්ම පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිනවා කියලා. එහෙම වෙන්නේ මේ පොරොන්දුවේ ඉටුවීමක් හැටියටයි.” යෙසායා 33:24 කියවන්න.