සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! මැයි
“සමහරු හිතනවා මේ සමාජයේ යම් තැනකට එන්න නම්, කලහාකාරී වෙන්න ඕනෑ කියලා. නමුත් බලන්න යේසුස් කී දේ. [මතෙව් 5:5, 9 කියවන්න.] ඔබ මොනවාද හිතන්නේ, යේසුස් කියන දේ හරිද? [පිළිතුරට ඉඩ දෙන්න.] සාමකාමී පුද්ගලයන් වීමෙන් ලැබෙන යහපත ගැන මේ ලිපියේ පෙන්වලා තියෙනවා.” දැන් 28වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූනි 1
“ඈත අතීතයේදී වයසක අයට සැලකීම ගැන නීති දීලා තියෙනවා. මේ බලන්න. [ලෙවී කතාව 19:32 කියවන්න.] එය අදත් ඒ විදිහටම තියෙනවා කියා ඔබ සිතනවාද? [පිළිතුරට ඉඩ හරින්න.] දෙවි වයසක අය ගැන සලකන විදිහත් අපටද එසේම කළ හැකි ආකාරය ගැනත් මේ සඟරාවේ කතා කරනවා.”
පිබිදෙව්! ජූනි
“ත්‍රස්තවාදය අලුත් දෙයක් නොවේ, නමුත් දැන් ඒක ලෝකය පුරාම පැතිරිලා. අපි හැමෝට ඒක තර්ජනයක්, එහෙම නේද? [පිළිතුරට ඉඩදෙන්න.] ත්‍රස්තවාදය අවසන් වී පොළොව පුරා දෙවි විසින් සාමය ගෙනෙන විදිහ මේ පිබිදෙව්! කලාපයේ ඉතා ලස්සනට පෙන්වලා තියෙනවා.” මීකා 4:4 කියවන්න.
මුරටැඹ ජූනි 15
“ජීවිතයේ කරදර ගැටලු මැද, සන්තෝෂයෙන් ඉන්න කෙනෙකුට පුළුවන් කියා ඔබ සිතනවාද? [පිළිතුරට ඉඩ හරින්න.] ජීවිතයේ යම් යම් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට යම් මඟ පෙන්වීමක් හා බලාපොරොත්තුවක් අවශ්‍යයි. ඒ ගැන මේ සඟරාවේ කියලා තියෙනවා.” එළිදරව් 21:3, 4 කියවන්න.