ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 10වන කොටස:
ශිෂ්‍යයන්ව ගෙයින් ගෙට දේවසේවය සඳහා පුහුණු කිරීම
1 බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් තිබෙනවා කියා වැඩිමහල්ලන් තීරණය කරන විට සභාවත් සමඟ ප්‍රසිද්ධ දේශනා සේවයේ නිරත වීම අරඹන්න ඔහුට හැකියි. (අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම නමැති පොතේ 105-106වන පිටු බලන්න.) ගෙයින් ගෙට දේශනා සේවය සඳහා පියවර ගැනීමට ශිෂ්‍යයාට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
2 එක්ව සූදානම් වීම: හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍ය දෙයක්. අපගේ රාජ්‍ය සේවාවේ ඉදිරිපත් කිරීම් සඳහා දී තිබෙන යෝජනා සොයාගන්නා ආකාරය ශිෂ්‍යයාට පෙන්වන්න. තමන්ගේ බලප්‍රදේශයට ගැළපෙන හැඳින්වීමක් තෝරාගැනීමට ඔහුට උපකාර කරන්න. මුල සිටම දේවසේවයේදී බයිබලය පාවිච්චි කිරීමට ශිෂ්‍යයාව උනන්දු කරන්න.—2 තිමෝ. 4:2.
3 නව ප්‍රචාරකයෙකුට පුහුණු වීම් කිහිපයක්ම කිරීම ඉතා ප්‍රයෝජනදායකයි. ශිෂ්‍යයා ඉදිරිපත් කිරීම් පුහුණු වන අතරතුර බලප්‍රදේශයේ සිටින්නන්ගේ ප්‍රතිචාරවලට උපායශීලීව පිළිතුරු දෙන ආකාරය ඔහුට පෙන්වා දෙන්න. (කොලො. 4:6) නිවැසියෙක් අසන සෑම ප්‍රශ්නයකටම ක්‍රිස්තියානි දේවසේවකයන් පිළිතුරු දැන සිටීම අවශ්‍ය නැති බව ශිෂ්‍යයාට පැහැදිලි කර දෙන්න. එවැනි ප්‍රශ්න අසන විට ඒ ගැන පර්යේෂණය කර නැවත ගොස් ඒ කාරණය ගැන සාකච්ඡා කිරීම තමයි හොඳ දෙය කියා ඔහුට පෙන්වා දෙන්න.—හිතෝ. 15:28.
4 එක්ව දේශනා සේවයේ නියැලීම: පළමු වතාවට ශිෂ්‍යයා ගෙයින් ගෙට සේවයේ නියැලෙන විට ඔබ දෙදෙනා එකතු වී සූදානම් කළ ඉදිරිපත් කිරීම ඔබ ඉදිරිපත් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඉඩ හරින්න. ඉන්පසු ඔහුවත් සහභාගි කරවාගන්න. සමහර අවස්ථාවලදී නව ප්‍රචාරකයාට ඉදිරිපත් කිරීමේ කොටසක් කළ හැකියි. ඔහුට හැකියි බයිබල් පදයක් කියවා අදහස් දැක්වීම වැනි දෙයක් කරන්න. මෙහිදී ශිෂ්‍යයාගේ පෞද්ගලිකත්වය හා හැකියාවන් සැලකිල්ලට ගන්න. (ෆිලි. 4:5) දේශනා සේවයේ විවිධ පැතිවලින් ඔහුව පුහුණු කිරීමේදී ඔහු ලබන ප්‍රගතිය ගැන බොහෝ සෙයින් ප්‍රශංසා කරන්න.
5 දේශනා සේවයේ නිතිපතා සහභාගි වීම හෝ හැකි නම් සතිපතා සහභාගි වීමේ පුරුද්දක් ඇති කරගැනීමට නව ප්‍රචාරකයෙකුට උපකාර කිරීම වැදගත්. (ෆිලි. 3:16) සේවයෙහි එකට වැඩ කිරීමට නිශ්චිත සැලසුම් යොදන්න. ඒ වගේම අනෙකුත් උද්යෝගිමත් ප්‍රචාරකයන් සමඟ සේවයේ යෑමට ඔහුව උනන්දු කරන්න. ගෙයින් ගෙට දේශනා සේවය දක්ෂ ලෙස කිරීමටත් ප්‍රීතියක් ලැබීමටත් ඔවුන්ගේ ආදර්ශය සහ ආශ්‍රය ඔහුට උපකාරයක් වෙයි.