සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“සමහරක් මිනිස්සු දියුණුයි වගේ පෙනුණාට ඔවුන්ගේ ජීවිතවල තියෙන්නේ හිස් බවක්. ඒ වගේ අයව අපි හැමෝම දැකලා තියෙනවා. ඔයා හිතන විදිහට ඒ අය තමන්ගේ ජීවිතවලින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? [අදහසක් දැක්වීමට ඉඩ හරින්න. පසුව මතෙව් 5:3 කියවන්න] මේ සඟරාවේ පෙන්වා දීලා තියෙනවා කෙනෙකුගේ සිතේ නියම සතුටට හා සමාදානයට අවශ්‍ය දේ මොකක්ද කියලා.”
පිබිදෙව්! ජූලි 8
“අද රටේ රැකියා ප්රශ්නය හරිම උග්‍රයි. හුඟ දෙනෙකුට රැකියාවක් නැහැ. මේ සඟරාවේ රැකියාවක් ලබාගැනීමට ඉවහල් වන දේවල් ගැන විස්තර කරනවා. [“රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්” යන ලිපියේ කලු අකුරින් ඇති උපමාතෘකා කාවද්දන්න.] ඒ වගේම තියෙන රැකියාව රැකගන්න සැටිත් මෙහි සඳහන් වෙනවා.” මෙහි 10වන පිටුවේ උපුටා දක්වා ඇති හිතෝපදේශ 22:29 කියවන්න.
මුරටැඹ ජූලි 15
“පසුගිය අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු නොයෙක් දේවල් විශ්වාස කරලා තියෙනවා. සත්‍යය මොකක්ද බොරුව මොකක්ද කියලා වෙන් කර ගන්නට පුළුවන් කියලා ඔබ හිතනවාද? [අදහසක් දැක්වීමට ඉඩ හරින්න.] සත්‍යය සොයා ගන්නේ කොහොමද කියලා මේ සඟරාවේ කතා කරලා තියෙනවා.” දැන් 2 තිමෝති 3:16 කියවන්න.
පිබිදෙව්! ජූලි 8
[එෆීස 4:28 කියවන්න.] “ඔයා හිතන්නේ නැද්ද මේ කියලා තියෙන දේ මිනිස්සු පිළිපදිනවා නම්, අපේ සමාජය මීට වඩා හුඟාක් හොඳ තැනක් වෙයි කියලා? [අදහසක් දැක්වීමට ඉඩ හරින්න.] මේ සඟරාවේ පෙන්නුම් කරන්නේ සාප්පුවලින් බඩු හොරකම් කිරීම නිසා අපි සියලු දෙනාටම විඳින්න සිදු වෙලා තියෙන පාඩුව ගැනයි. ඒ විතරක් නෙමෙයි, සාප්පුවලින් බඩු සොරකම් කිරීම වගේම වෙනත් සියලු අපරාධ ළඟදීම ඉවර වෙන හැටි ගැනත් මේක පෙන්වලා තියෙනවා.”