සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“විපත්ති සිදු වෙනකොට, ඇත්තටම දෙවි කෙනෙක් මිනිස්සු ගැන සැලකිලිමත් වෙනවාද කියලත් ඔවුන්ගේ දුක් වේදනාවන් දෙවිට පේනවාද කියලත් හුඟක් අය ප්‍රශ්න කරනවා. ඔබ කවදාහරි ඒ ගැන කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ සාකච්ඡා කරලා තියෙනවා, මේ කාලයේ දෙවි අපට සැලකිල්ල දක්වන්නේ කොහොමද කියලා. ඒ වගේම දුක් වේදනාවන් සදහටම තුරන් කිරීමට යන බවට යම් හේතුවක් අපට දීලා තිබෙනවා කියලත් පෙන්වනවා.” යොහන් 3:16 කියවන්න.
පිබිදෙව්! ජූලි 8
“හුඟදෙනෙක් දන්නවා, තරුණ කාලය බොහොම ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් වගේම ඒ කාලයේදී ජීවිතයේ යම් යම් අභියෝගවලට මුහුණ දෙන්නත් තියෙනවා කියල. ඔබ හිතන්නේ මොකක්ද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ සාකච්ඡා කරලා තියෙනවා, නහඹර වියේ පසු වන තරුණ තරුණියන් මුහුණ දෙන වෙනස්කම් ගැන. ඒ වගේම තමන්ගේ නහඹර වියේදී ජීවිතයේ උපරිම යහපත නෙළාගන්නේ කොහොමද කියලත් මෙහි කතා කරලා තියෙනවා.” දේශනාකාරයා 12:1 කියවන්න.
මුරටැඹ ජූලි 15
“[කවරයේ පින්තූරයේ තිබෙන] මේ වගේ දෙයක් ගැන ප්රවෘත්තිවල වාර්තා වුණා නම්, බොහෝදෙනෙක් ඒ ගැන සැක හිතාවි නේද? ඔබ හිතන්නේ කුමක්ද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු මාර්ක් 4:39 කියවන්න.] යේසුස් කළ ප්රාතිහාර්යයන් ඇත්තටම සිදු වුණාය කියා කියන්න තිබෙන සාක්ෂි මොනවාද? මේ මුරටැඹ සඟරාවේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දීලා තියෙනවා.”
පිබිදෙව්! ජූලි 8
“සමහරු හිතන්නේ දෙවි කෙරෙහි විශ්වාස කරන එක විද්‍යාවට එකඟ නැහැ කියලා. නමුත් ඔබ දන්නවාද මැවුම්කරුවෙකු කෙරෙහි විශ්වාස කිරීම විද්‍යාවෙන් සනාථ වෙනවා කියලා විද්‍යාඥයන් කියන බව? [පිළිතුරට ඉඩහරින්න.] මේ පිබිදෙව්! සඟරාවේ මේ ගැන තියෙන සාක්ෂි සමහරක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ සාක්ෂි තමයි ඒ අයට ඒ වගේ දෙයක් නිගමනය කරන්න හේතු වෙලා තියෙන්නේ.” රෝම 1:20 කියවන්න.