සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ජූනි
“ඔබට මතකද අමෙරිකාවේ මෑතකදී සිදු වූ කත්රිනා කියන කුණාටුව ගැන? [පිළිතුරට ඉඩහරින්න.] මේ විපතින් බේරුණු අය ඉගෙනගත් පාඩමක් තමයි, අනතුරු ඇඟවීම්වලට කන් දෙන එක කොච්චර වැදගත්ද කියන කාරණය. මේ සඟරාවේ ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම කීකරු විය යුතු අනතුරු ඇඟවීමක් ගැනත් මෙහි කතා කරලා තියෙනවා.” මෙහි 14වන පිටුවෙන් ආරම්භ වන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූලි 1
“අද ලෝකය කරදර ගැටලුවලින් පිරිලා. හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි, ‘ඇයි මෙච්චර ගැටලු? දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඇයි මේ කරදර දුක් වේදනා? දෙවියන්ට මේ දේවල් පේන්නේ නැද්ද? ඔබ මේ ගැන කල්පනා කරලා නැද්ද? [පිළිතුරට ඉඩහරින්න.] මේ වගේ ප්‍රශ්නවලට බයිබලයෙන් දෙන පිළිතුරු මේ සඟරාවේ කතා කරලා තියෙනවා.” 2 තිමෝති 3:16 කියවන්න.
පිබිදෙව්! ජූලි
“අද විවාහය එන්ට එන්ටම පිරිහීගෙන යනවා. පවුල්වල හුඟක් ප්‍රශ්න. නමුත් බයිබලයේ මේ වගේ උපදෙසක් දීලා තියෙනවා. [එෆීස 4:32 කියවන්න.] මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] ඈත අතීතයේ පටන් බොහෝ පවුල් සාර්ථක කරගැනීමට හේතු වුණු බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් මේ පිබිදෙව්! කලාපයේ විස්තර කරලා තියෙනවා.”
මුරටැඹ ජූලි 15
“අපි හැමෝගේම ගැටලු විසඳන ආණ්ඩුවක් කවදාහරි එයි කියල ඔයා හිතනවාද [පිළිතුරට ඉඩහරින්න.] මතෙව් 6:9, 10හි කියන විදිහට යේසුස් අපට ඉගැන්නුවා ඒ වගේ ආණ්ඩුවක් එන්න කියා දෙවිට යාච්ඤා කරන්න කියලා. [කියවන්න.] මේ සඟරාවේ පෙන්වලා තියෙනවා, අද තියෙන ආණ්ඩුවලට වඩා දෙවිගේ රාජ්‍යය කොච්චර උතුම්ද ඒ වගේම අපිට ඒ මගින් ලැබෙන ආශීර්වාද මොනවාද කියලා.”