සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අගෝ. 1
“යේසුස් දුන් ආඥාවක් මම ඔයාට පෙන්වන්න කැමතියි. [යොහන් 13:34 කියවන්න.] ඒකට කීකරු වීමෙන් පවුලේ සන්තෝෂය වැඩි කරගන්න පුළුවන් වෙයිද? ඔයා මොකක්ද හිතන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ඉගැන්වූ දේවල් වගේම ඔහුගේ ආදර්ශය පවුලේ සෑම කෙනෙකුටම අදාළ කරගන්න පුළුවන් කියලා මේ ලිපියේ පෙන්වලා තිබෙනවා.” පසුව 16 හා 17 පිටුවල ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අගෝ.
“ගෝලීය උෂ්ණත්වය නිසා ඇති වෙලා තිබෙන ජීවිත තර්ජනයට විසඳුමක් දෙන්න අද තිබෙන ආණ්ඩුවලට හැකියි කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර යෙරෙමියා 10:23 කියවන්න.] මේ ප්රශ්නයට දෙවි ගෙනෙන විසඳුම ගැන මේ සඟරාවේ සාකච්ඡා කර තිබෙනවා.”
මුරටැඹ සැප්. 1
“යේසුස් මතෙව් 6:9හි සඳහන් කළ දේ බොහෝදෙනෙකුට කට පාඩම්. [එම පදය කියවන්න.] ඒත් පියෙකු ලෙස සලකා දෙවිට ළං වන එක බොහෝදෙනෙකුට අමාරු දෙයක් වෙලා තිබෙනවා. ඔයා හිතන විදහට අපිට දෙවිට ළං වෙන්න පුළුවන් කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අපේ ස්වර්ගික පියාණන්ගේ ගතිලක්ෂණ ගැනත් ඔහුව හොඳින් හඳුනාගන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! සැප්.
“මරණයෙන් පසු ජීවිතයක් තිබෙනවාද නැද්ද කියලා අතීතයේ සිටම මිනිස්සු කල්පනා කර තිබෙනවා. ඒ ගැන ඔයා මොකක්ද හිතන්නේ? [ප්රතිචාරයට ඉඩහැර යෝබ් 14:14, 15 කියවන්න.] මළා වූ කෙනෙකුට අනාගතයේදී නැවත ජීවත් වීමට අවස්ථාවක් ලැබෙයිද කියන කරුණ ගැන බයිබලයේ සඳහන් දේ මේ සඟරාවේ සාකච්ඡා කර තිබෙනවා.”