සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ජූලි
තරුණයෙක් හෝ තරුණියක් හමු වන විට ඔබට මෙසේ කිව හැකියි. “ඔබේ වයසේ හුඟදෙනෙක් විවාහය ගැන කල්පනා කරනවානේ. විවාහය ගැන හොඳම තොරතුරු කොහෙන් දැනගන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] විවාහයේ ආරම්භකයා කවුද කියලා මේකේ පෙන්වා දෙනවා. [මතෙව් 19:6 කියවන්න.] මේ සඟරාවේ කතා කරලා තියෙනවා සාර්ථක යුග දිවියකට බොහෝ උපදෙස්.”
මුරටැඹ අගෝ. 1
“මිනිස්සු අනික් අයට හිරිහැර කිරීම අද සාමාන්‍යයෙන් දකින්ට තිබෙන දෙයක්. බොහෝදෙනෙක් යේසුස්ගේ මේ වචනවලට කීකරු වුණා නම් මේ වගේ තත්වයක් ඇති වෙයිද? මේ බලන්න. [මතෙව් 7:12 කියවන්න. ඉන්පසු පිළිතුරට ඉඩහරින්න.] මිනිසා එකිනෙකාට ගෞරවයෙන් සලකන කාලයක් ගැන බයිබලයේ සඳහන් දේ මේ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! අගෝ.
“අපි හැමෝම හොඳ සනීපයෙන් ඉන්න කැමතියි. අද වෛද්‍යවරු හුඟදෙනෙක් ලේ දෙන්න එතරම් කැමැත්තක් නොදක්වන බව ඔබ දන්නවාද? [පිළිතුරට ඉඩහරින්න.] ඊට හේතුව මේ සඟරාවේ පෙන්වලා තියෙනවා. ඒ වගේම දෙවි රුධිරය ඉතා වටිනා දෙයක් ලෙස සලකන්නේ ඇයි කියලාත් මෙහි විස්තර කරනවා.” ලෙවී කතාව 17:11 කියවන්න.
මුරටැඹ අගෝ. 15
“යේසුස් කී මේ දේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? [මතෙව් 5:5 කියවන්න.] මේ කී දේ ඇත්තක් වෙද්දී, ලෝකය ඇත්තටම වෙනස් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද? [පිළිතුරට ඉඩහරින්න.] යේසුස් මේ පොළොවේ තත්වය වෙනස් කරන විදිහ ගැන මේ සඟරාවේ පෙන්වලා තියෙනවා. ඒ වගේම මේ පොළොව උරුම කරගන්නේ කොයි වගේ අයද කියලාත් මෙහි විස්තර කරනවා.”