සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ජූලි
“හුඟදෙනෙක් කැමති යහපත් ජීවිතයක් ගත කරන්නයි. ඔවුන් ඒ සඳහා සෑහෙන වෑයමකුත් දරනවා. ඔබටත් හැඟෙන්නේ එහෙමද? [පිළිතුරට ඉඩහරින්න.] ඒත් අපිට හොඳයි කියලා හිතෙන දේ දෙවි හොඳයි කියන දේට වඩා වෙනස් නම් මොකක් වෙයිද? [හිතෝපදේශ 14:12 කියවන්න.] යහපත් කෙනෙක් හැටියට දෙවි ගණන් ගන්නේ කොයි වගේ කෙනෙක්වද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.” මෙහි 20වන පිටුවේ ලිපිය පෙන්වන්න.
මුරටැඹ අගෝ. 1
“යේසුස් කිව්ව දෙයක් ඔබට පෙන්වන්න කැමතියි. [මතෙව් 5:3 කියවන්න.] සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න නම් සැබෑ දෙවිට ළං වෙන්න ඕන. ඔබේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැබෑ දෙවිට ළං වෙන්න නම් ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්න ඕන. ඒ ගැන මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! අගෝ.
“ඔබ හිතන විදිහට දෙමාපියන්ට හොඳ උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද? [පිළිතුරට ඉඩහරින්න.] බයිබලයේ තියෙන මේ පොරොන්දුව ගැන බලන්න. [කියවන්න 2 තිමෝති 3:16.] දරුවන්ව ඇති දැඩි කරද්දී බයිබලයෙන් මොන තරම් ලොකු උපකාරයක් ගන්න පුළුවන්ද කියලා මේ සඟරාවේ පෙන්වනවා.”
මුරටැඹ අගෝ. 15
“මං දැන් කියවන දේ ගැන ඔබේ අදහස දැනගන්න මං කැමතියි. [කියවන්න හෙබ්‍රෙව් 3:4.] විශ්වයට නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවාද? [පිළිතුරට ඉඩහරින්න.] නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කිරීම විද්‍යාවටත් එකඟ බව මේ සඟරාවේ පැහැදිලි කරනවා.”