බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩම් පටන්ගන්නා අයුරු
අපට බයිබල් පාඩමක් පැවැත්විය හැක්කේ එය පටන්ගත්තොත් පමණයි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත මේ සඳහා කදිම ආධාරකයක්. මෙහි 3-7 දක්වා පිටු සැලසුම් කර තිබෙන්නේ පුද්ගලයෙකුගේ සිත් ඇදගෙන මෙම පොත ආධාරයෙන් බයිබලය පාඩම් කිරීමට හැකි වන පරිදියි. සේවයේ එතරම් අද්දැකීම් නැති අයට පවා ඉතාමත් ලෙහෙසියෙන් මෙම පොතෙන් පාඩම් පටන්ගන්න පුළුවන්.
◼ මෙහි 3වන පිටුව යොදාගෙන මෙසේ කළ හැකියි:
ඔබේ පළාතේ ජනයාට ආරංචි වී තිබෙන පුවතක් හෝ ඔවුන්ගේ මනසේ තිබෙන ගැටලුවක් ගැන සඳහන් කර, 3වන පිටුවේ තද කළු අකුරින් තිබෙන ප්රශ්න ගෙවැසියාට පෙන්වන්න. ඒ ගැන ඔහුගෙන් යමක් අහන්න. ඊළඟට 4-5 පිටුවලට පෙරළන්න.
◼ එසේ නැත්නම් 4-5 පිටු හුවා දක්වමින් ඔබට මෙසේ කිව හැකියි:
“මේ බලන්න, මුළු ලෝකයේම මේ වගේ වෙනස්කම් වෙනවා නම් කොච්චර හොඳද නේද?” නැත්නම් මෙසේ කියන්න. “ඔබ කැමති මේ පින්තුරූවලින් කොයි පින්තූරයටද?” කියන දේට හොඳින් සවන් දෙන්න.
ගෙවැසියා යම් බයිබල් පදයකට විශේෂ උනන්දුවක් දක්වයි නම්, එම පදය විග්රහ කර තිබෙන පොතේ ඡේදය ඔහුට පෙන්වන්න. (මෙම පිටුවේ කොටුව බලන්න.) බයිබල් පාඩමකදී වගේම එම ඡේදය සාකච්ඡා කරන්න. මෙය දොරකොඩ ළඟ සිට විනාඩි පහක් දහයක් අතර කාලයකදී කළ හැකියි.
◼ තවත් ක්රමයක් නම්, 6වන පිටුව පෙන්වීමයි:
පිටුවේ පහත තිබෙන ප්රශ්න පෙන්වා මෙසේ අසන්න. “මේ බලන්න මේ ප්රශ්න දිහා. ඔබටත් මේ වගේ හැඟිලා තිබෙනවාද?” මේ එක් ප්රශ්නයක් ගැන ඔහු උනන්දු වෙයි නම්, එම ප්රශ්නයට පිළිතුරු දී තිබෙන පොතේ ඡේදයට හරවන්න. (අතිරේකයේ මෙම පිටුවේ කොටුව බලන්න.) ඔබ ඔහු සමඟ ඡේදය සාකච්ඡා කරන විට, ඇත්තටම ඔබ කරමින් සිටින්නේ බයිබල් පාඩමක්.
◼ බයිබල් පාඩමක් කරන ආකාරය පෙන්වීමට 7වන පිටුවද යොදාගත හැකියි:
පිටුවේ මුල් වාක්ය තුන කියවන්න. ඊට පසු 3වන පරිච්ඡේදයට පෙරළා, ඡේද 1-3 යොදා ගෙන පාඩම් කරන හැටි පෙන්වන්න. මෙහි 3වන ඡේදයේ ප්රශ්නයට පිළිතුර සාකච්ඡා කිරීමට නැවත එන බව කියන්න.
◼ නැවත සාකච්ඡාවකට අඩිතාලම දමන සැටි:
මුල් පාඩම පවත්වද්දී නැවත ඒමට අඩිතාලම දමන්න. මෙසේ කිව හැකියි. “බලන්න දැන් අපි විනාඩි කිහිපයකදී වැදගත් කාරණයක් බයිබලයෙන් දැනගත්තා නේද? මම ආයෙ ආවාම අපි [කතා කරන විෂය කියන්න] ගැන කතා කරමු. කැමතිද? මම ආයේ ලබන සතියේ මේ වෙලාවටම එන්නද?”
යෙහෝවාගේ මහත් දවසට අප ළං වෙමින් සිටින නිසා, කිරීමට තිබෙන සේවයට ඔහු නොකඩවා අනුග්රහය දක්වනවා. (මතෙ. 28:19, 20; 2 තිමෝ. 3:17) ඒ නිසා බයිබල් පාඩම් පටන්ගැනීමට මෙම කදිම මෙවලම යොදාගනිමු.
[3වන පිටුවේ කොටුව]
හතර සහ පස්වන පිටුවල සඳහන් බයිබල් පද ගැන සාකච්ඡා කරන්න
◻ එළිදරව් 21:4 (27-8 පි., 1-3 ඡේ.)
◻ යෙසායා 33:24; 35:5, 6 (36 පි., 22 ඡේ.)
◻ යොහන් 5:28, 29 (72 පි., 17-19 ඡේ.)
◻ ගීතාවලිය 72:16 (34 පි., 19 ඡේ.)
මෙහි 6වන පිටුවේ ප්රශ්නවලට පිළිතුරු
◻ ඇයි අපි දුක් විඳින්නේ? (108 පි., 6-8 ඡේ.)
◻ ජීවිතයේ ප්රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? (184 පි., 1-3 ඡේ.)
◻ අපේ පවුල් ජීවිතය තව තවත් සන්තෝෂවත් කරගන්න පුළුවන් කොහොමද? (143 පි., 20 ඡේ.)
◻ මරණයේදී කෙනෙකුට සිද්ධ වෙන්නේ කුමක්ද? (58 පි., 5-6 ඡේ.)
◻ මිය ගොස් සිටින අපේ පවුලේ අයව හා හිතමිතුරන්ව අපට නැවත දැකගන්න පුළුවන් වෙයිද? (72 පි., 17-19 ඡේ.)
◻ දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරයි කියා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? (25 පි., 17 ඡේ.)