ඔක්තෝබර් මාසයේදී බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට හැකිද?
1. ඔක්තෝබර් මාසයේදී අප ඉදිරිපත් කරන්නේ කුමක්ද?
1 අප ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. උනන්දුව දක්වන අයට ඔබත් මේ ප්රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්රිකාව ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. එය කරන්නේ කොහොමද?
2. සඟරා ලබාගත් කෙනෙකුව නැවත හමු වීමට යන විට ඉහත සඳහන් පත්රිකාව ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද?
2 පත්රිකාව ඉදිරිපත් කරන ආකාරය: ඔබට මෙසේ අසන්න පුළුවන්. “අපි මොන ජාතියකට, ආගමකට අයිති වුණත් මම ගිය වතාවේ ඔයාට දීලා ගිය සඟරාවල උනන්දු කරන්නේ බයිබලයේ තියෙන තොරතුරු ගැන හොයලා බලන්න කියලයි. [ඔබත් මේ ප්රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්රිකාව නිවැසියා අතට දී මුල් පිටුවේ සඳහන් ප්රශ්න පෙන්වන්න.] අපි ගොඩක් කල්පනා කරන ප්රශ්න කිහිපයක් මේකේ තියෙනවා. ඒවාට උත්තර බයිබලයේ තියෙනවා. ඔයා කවදාහරි මේ ප්රශ්න ගැන හිතලා තියෙනවාද?” නිවැසියාගේ ප්රතිචාරයෙන් පසුව ඔහු උනන්දුව දැක්වූ ප්රශ්නයට පිළිතුරු එම පත්රිකාවෙන්ම සාකච්ඡා කරන්න. ඊට අදාළ බයිබල් පදයක් කියවන්න. තවත් ප්රශ්න බොහොමයකට උත්තර බයිබලයේ සඳහන් වී තිබෙන බව පවසා බයිබලයේ ඉගැන්වීම් පොත නිවැසියාට දෙන්න. පසුව ඔහු එහි පටුනෙන් තෝරාගත් පරිච්ඡේදයේ ඡේදයක් හෝ දෙකක් ඔහු සමඟ සාකච්ඡා කරන්න. නැත්නම් ඔහු පත්රිකාවෙන් තෝරාගත් ප්රශ්නයට අදාළ බයිබලයේ ඉගැන්වීම් පොතේ පරිච්ඡේදයට පෙරළා සාකච්ඡා කළ හැකියි. පත්රිකාවේ ඇති ප්රශ්නවලට අදාළව බයිබලයේ ඉගැන්වීම් පොතේ අදාළ කොටස් කිහිපයක් පහත දැක්වෙයි.
● දෙවි ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද? (9-11පි. 6-10 ඡේ.)
● යුද්ධ හා දුක් වේදනා කෙදිනක හෝ නිම වේද? (11-12 පි. 12-13 ඡේ.)
● මරණයේදී සිදු වන්නේ කුමක්ද? (59-61 පි. 7-8 ඡේ.)
● මිය ගිය අය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද? (71 පි. 13-15 ඡේ.)
● දෙවි සවන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද? (166-167 පි. 5-8 ඡේ.)
● සැබෑ සතුට සොයාගත හැක්කේ කෙසේද? (9 පි. 4-5 ඡේ.)
3. නිවැසියාගේ තත්වයට අනුව සාකච්ඡාවක් කරගෙන යන්න පුළුවන් කොහොමද?
3 මුල්ම වතාවේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩමක් ආරම්භ කරන්න නොහැකි වුණත් නැවත ගොස් සාකච්ඡාව දිගටම කරගෙන යෑමට සැලසුම් යොදන්න පුළුවන්. නිවැසියා උනන්දුවක් දක්වයි නම් ඔහුව නැවත හමු වන අවස්ථාවලදී පත්රිකාවේ ඇති ප්රශ්න එකකට වඩා සාකච්ඡා කළ හැකියි. එමනිසා ඔක්තෝබර් මාසයේදී අපි මෙම වටිනා පත්රිකාව ප්රයෝජනයට ගෙන දෙවි ගැන ඉගෙනගැනීමට කැමති අය සමඟ බයිබල් පාඩමක් පටන්ගනිමු.—යොහ 8:31, 32.