“ලෝකයේ ආලෝකය” ගැන අන්‍යයන්ට කතා කරන්න
1. දේවවචනයේ පුරෝකථනය කර ඇති මහත් ආලෝකය කුමක්ද? මේ ආලෝකය දෙස වැඩිදෙනෙකුට බැලිය හැක්කේ කිනම් අවස්ථාවේදීද?
1 අනාගතවක්තෘ යෙසායා මගින් යෙහෝවා දෙවි මෙසේ පුරෝකථනය කළා. “අඳුරේ හැසුරුණු සෙනඟ මහත් එළියක් දුටුවෝය. මරණ ඡායාවෙන් යුක්ත දේශයෙහි විසූ අය පිට එළිය බැබළුණේය.” (යෙසා. 9:2) දෙවිගේම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ක්‍රියා කලාපය තුළ “මහත් එළියක්” දක්නට ලැබුණා. යේසුස් මේ ලෝකයේ විසූ කාලයේ කළ ඉගැන්වීම් සහ ඔහුගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මගින් දෙවිව නොදැන අඳුරේ සිටි අයගේ ජීවිත ඉහළ තලයකට පැමුණුණා. අදත් අඳුරේ සිටින අයට අවශ්‍ය වන්නේ එවන් ආලෝකයක්. ස්වාමීන්ගේ රාත්‍රි භෝජනයට සහභාගි වීමෙන් බොහෝදෙනෙකුට “ලෝකයේ ආලෝකය” දෙස බැලීමට හැකියාව ලැබෙනවා. (යොහ. 8:12) පසුගිය වසරේ මිලියන ගණනක් අප සමඟ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” යන යේසුස්ගේ අණට කීකරු වී යම් පමණක ඇදහිල්ලක් පෙන්නුවා. (ලූක් 22:19) මේ වසරෙත් ඉතා ළඟදීම අපි මෙය සිහි කරමු. එසේ කිරීමෙන් යෙහෝවා දෙවි දල්වා ඇති මේ ආලෝකය තවත් වැඩිදෙනෙකුට බබළවන්න අපට හැක්කේ කොහොමද?—ෆිලි. 2:15.
2. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි කෘතඥතාව වැඩි කරන්නේ කොහොමද? මෙහි ප්‍රතිඵලය කුමක්ද?
2 හද පිරි කෘතඥතාව ගොඩනංවන්න: මිනිස් වර්ගයා සඳහා ජීවිත පූජාවක් පිළියෙල කිරීමෙන් යෙහෝවා සහ යේසුස් පෙන්වූයේ මහත්ප්රේමයක්. ඒ ගැන මෙනෙහි කිරීමට සිහිකිරීමේ කාලය ඉතා කදිම කාලයක්. (යොහ. 3:16; 2 කොරි. 5:14, 15) මෙම පරිශුද්ධ අවස්ථාවේදී මේ ගැන මෙනෙහි කිරීමෙන් අපේ හද පිරි කෘතඥතාව වැඩි වෙනවා නියතයි. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම පොතේ සඳහන් සිහිකිරීමේ සමයට නියමිත විශේෂ බයිබල් කොටස් කියවා ඒවා ගැන මෙනෙහි කිරීමට අප කාලයක් වෙන්කර තැබිය යුතුයි. යෙහෝවාගේ ගුණාංග කොතරම් උදාරද! මේවා යේසුස්ගේ ජීවිත පූජාව තුළ කොතරම් තේජවත් ලෙසින් විද්‍යමාන වෙනවාද! මේවා ගැන කල්පනා කරද්දී යෙහෝවා අපේ දෙවි වීම ගැන අප ආඩම්බර වෙන්නේ නැද්ද! යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට පෞද්ගලිකව ලැබෙන ප්‍රයෝජන ගැන සිතද්දී දෙවිට සහ ඔහුගේ පුත්‍රයාට මොන තරම් කෘතඥතාවකින් අපේ සිත් පිරෙනවාද! මේ නිසාම දෙවිගේ කැමැත්ත කිරීමටත් අප තව තවත් උත්සාහ කරනවා නිසැකයි.—ගලා. 2:10.
3. සිහිකිරීම ගැන අපේ කෘතඥතාව පෙන්වන්නේ කොහොමද?
3 අපේ ගැලවීම සඳහා යෙහෝවා මේ කර තිබෙන දේ ගැන කෘතඥතාව ගැඹුරු කර ගත්තොත්, අපි තුළ තිබෙන උද්යෝගය වැඩි වේවි. එවිට, අපි හැකි තරම් දෙනෙකුට, එනම් අපේ බයිබල් පාඩම්වලට, නැවත බැලීම්වලට, නෑදෑයන්ට, අසල්වාසීන්ට, පාසැලේ ළමුන්ට, රැකියාව කරන ස්ථානයේ අයට ආරාධනා කරාවි. එසේ කරත්ම ඔවුන් අප තුළ මේ සඳහා තිබෙන උද්යෝගය පැහැදිලිව දකීවි. (ලූක් 6:45) ඒ නිසා, පුද්ගලයෙකුට ආරාධනා කරද්දී ඔහුට නොවරදාම මුද්‍රිත ආරාධනා පත්‍රයක් පිළිගන්වන්න. කිසි කෙනෙකුව අතපසු නොවීම සඳහා සමහරු සෑම වසරකම ආරාධනා කෙරෙන අයගේ නම් ලැයිස්තුවක් සාදාගන්නවා. හැම වසරකම තවත් අලුත් අයව මීට එකතු කරනවා. ඔබටත් මෙසේ කරන්න හැකිද? “කියා නිම කළ නොහැකි, දෙවි නොමිලේ දෙන දීමනාව සඳහා” එය, යෙහෝවා දෙවිට ස්තුතිය පළ කළ හැකි හොඳම ක්‍රමයක්.—2 කොරි. 9:15.
4. මාර්තු සහ අප්‍රියෙල් මාසවල අපේ දේවසේවය වැඩි කරගැනීමට කුමක් කළ හැකිද?
4 වැඩියෙන් දේවසේවයේ හවුල් වන්න: මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී සේවය වැඩි කරගන්න පුළුවන්ද? ‘ක්‍රිස්තුස් ගැන තේජාන්විත ශුභාරංචිය’ අනුන් සමඟ බෙදාගැනීමෙන් දෙවිගේ ආශීර්වාද ලැබෙනවා නියතයි. දෙවිගේ අරමුණට සම්බන්ධ වූ සියලු කාරණා ගැඹුරින් අපට පහදා දෙන දෙවිම “අන්ධකාරයෙන් ආලෝකය බැබළේවා” කියා විධාන කළා. (2 කොරි. 4:4-6) අවශ්‍යතාව තිබෙන පරිදි, වැඩි වේලාවක් සාක්ෂි දැරීමට හැකි වන පරිද්දෙන් අමතර වේලාවල හා ස්ථානවල සේවය සූදානම් කිරීමටත්, ඒවායේ පෙරමුණ ගැනීමටත් වැඩිමහල්ලන්ට හැකියි. පාන්දර හා සැන්දෑ වරුවේ සාක්ෂි දැරීම, ව්‍යාපාර ප්‍රදේශවල සේවය, දුරකථනයෙන් සාක්ෂි දැරීම මීට සම්බන්ධයි. දේවසේවය වැඩියෙන් කිරීම පිණිස, සාධාරණ පැය ගණනක් ඉලක්ක කරගෙන, එය අත්කර ගැනීමට මහන්සි වී වැඩ කරන්න. බොහෝදෙනෙක්, යෙහෝවාට තම උපරිමය දෙන ක්‍රමය උපකාරික පුරෝගාමි සේවයයි.—කොලො. 3:23, 24.
5. උපකාරික පුරෝගාමි සේවයේ පැය ගණන අඩු කළායින් පසුව බොහෝදෙනෙක් ඉන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
5 ඔබට උපකාරික පුරෝගාමි සේවය කළ හැකිද? උපකාරික පුරෝගාමින්ට නියමිත පැය ගණන අඩු කර දැනට අවුරුදු හතක් ගත වෙලා. මේ නිසා බොහෝදෙනෙකුට මේ සේවයේ රස බැලීමට හැකි වී තිබෙනවා. ඔබ මෙය කළාද? සමහරු පුරුද්දක් ලෙස සෑම වසරකම උපකාරික පුරෝගාමි සේවය කරනවා. ඉදිරි මාසවලදී සභාවල ප්‍රචාරකයන් කණ්ඩායමක් ලෙස එකට එකතු වීමේ සේවයේ යෙදෙන්න සැලසුම් යොදන්න. මෙම සිහිකිරීමේ මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කිරීමට ඔබට හැකිද? අප්‍රියෙල් මාසයේදී සති අන්ත පහක් තිබෙන නිසා එසේ කිරීමට එය කදිම මාසයක්.
6. අපට ලැබී තිබෙන විශේෂ සැපයුම් මොනවාද?
6 මාර්තු හෝ අප්‍රියෙල් මාසයේදී චාරිකා අවේක්ෂක ඔබේ සභාව බැහැදකිනවාද? එය තවත් ආශීර්වාදයක්. මීට පෙර නිවේදනය කළාක් මෙන්, 2006 සේවා වසරේදී චාරිකා අවේක්ෂක බැහැදකින මාසයේ උපකාරික පුරෝගාමින්ට, ඔහු විසින් පුරෝගාමීන් සඳහා පවත්වන රැස්වීමේ මුල් කොටසට සහභාගි වීමට අවසර ලැබෙනවා. මේ රැස්වීමේදී ලැබෙන ඇදහිල්ල වඩන තොරතුරු බොහෝ උපකාරික පුරෝගාමීන්ට ස්ථාවර පුරෝගාමි සේවය කිරීමටත් මහෝපකාරී වේවි. මීට අමතරව, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නම් නව පොතෙන් බයිබල් පාඩම් පටන්ගැනීමටත් මාර්තු මාසයේදී අපට හැකි වේවි. මේ සඳහා ඔබත් ඉලක්කයක් තබාගන්න.
7, 8. (අ) උපකාරික පුරෝගාමි සේවය සැලසුම් කරගත හැක්කේ කෙසේද? (ආ) මුළු පවුලේම අය මීට සහයෝගය දැක්වීම වැදගත් ඇයි? මුළු පවුලම ඉන් ප්‍රයෝජන ගන්නේ කෙසේද?
7 උපකාරික පුරෝගාමිසේවය කරද්දී පැය 50ක අවශ්‍යතාවක් තිබෙනවා. එසේනම්, සෑම සතියකම පැය12ක් සේවය කිරීමට සැලසුම් කරගන්න. මීට පෙර උපකාරික පුරෝගාමි සේවය කර ඇති අය සහ තවත් අය සමඟ ඒ ගැන කතා කරන්න. ඔවුනුත් ඔබ වගේම උපකාරික පුරෝගාමි සේවය කිරීමට පෙලඹේවි. හොඳින් සැලසුම් කළොත් ඉතා ලෙහෙසියෙන් මේ ඉලක්කය අත් කරගත හැකි බව බාල මහලු ප්‍රචාරකයන් වටහාගෙන සිටිනවා. මේ ගැන යාච්ඤා කරන්න. ඔබට හැකි නම්, හොඳින් සැලසුම් කර, උපකාරික පුරෝගාමි සේවයේ රස බලන්න.—මලා. 3:10.
8 හොඳින් සැලසුම් කර ගත්තොත්, අඩු තරමින් පවුලේ එක්කෙනෙකුට හෝ මේ ඉලක්කය ඉටු කරගන්න හැකි වී තිබෙන බව බොහෝ පවුල් දන්නවා. එක්තරා පවුලක බව්තීස්ම වූ පස්දෙනෙක් තීරණය කළා, හැමෝම මේ සේවය කරන්න ඕනෑ කියලා. බව්තීස්ම නොලත් වෙනත් ළමුන් දෙදෙනෙක්ද මීට හවුල් වී වැඩි සේවයක් කළා. ඔවුන් ලැබූ ප්‍රයෝජන මොනවාද? ඔවුන් ලීවේ මෙසේයි. “ඒක නම් හරිම සතුටින් දේවල් කළ අපූරු මාසයක්. පවුලේ බැඳීමත් හරිම ශක්තිමත් වුණා. අපි මේ ගැන යෙහෝවා දෙවිට කොච්චර ස්තුති කරනවාද!”
9. මේ සිහිකිරීමේ සමයේදී අපට අපේ ආලෝකය විහිදුවාලිය හැක්කේ කොහොමද?
9 මාර්තු සහ අප්‍රියෙල් මාසවල අපගේ මේ විශේෂ ක්‍රියාකාරකම්වලින් අපව අපේ ස්වර්ගික පියාණන් වෙතට ළං කරාවිද? මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ දෙවි සහ ඔහුගේ පුත්‍රයා සඳහා අපේ ප්‍රේමය වැඩි කරගනිමින් දේවසේවයේ වැඩියෙන් සහභාගි වීම මතයි. අපේ අදිටනත් මෙසේ ගැයූ ගීතිකාකරුගේ අදිටන වේවා. “මාගේ කටින් යෙහෝවාට බොහෝ සෙයින් ස්තුති කරන්නෙමි. එසේය, සමූහයා අතරේ ඔහුට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 109:30) සිහිකිරීම සමයේ අපේ ප්‍රයත්නවලට යෙහෝවා ආශීර්වාද කරන බව නිසැකයි. අපි වැඩි වැඩියෙන් ආලෝකය පතුරුවමු. එවිට අන්ධකාරයේ සිටින බොහෝදෙනෙකුට “ජීවනයේ ආලෝකය ලැබෙනවා ඇත.”—යොහ. 8:12.