ඉගැන්වීමට වීඩියෝ පට යොදාගන්න
1 යෙහෝවා සිය පුරාණ සේවකයන්ට උගන්වන්න දර්ශන සහ සිහින යොදාගත්තා. යෙහෝවාගේ ස්වර්ගික රථය ගැන එසකියෙල් දුටු දර්ශනය ගැන සිතා බලන්න. (එස. 1:1-28) ඒ වගේමලෝක මහා බලවේගයන් ගැන අනාවැකිමය සිහිනයක් දුටු දානියෙල්ට හැඟුණු දේ ඔබට සිතා ගන්න පුළුවන්ද! (දානි. 7:1-15, 28) නැත්නම් එළිදරව් පොතේ “ස්වාමීන්ගේ දවසේදී” සිදු වන දේ සම්බන්ධයෙන් යොහන් දුටු ‘සංකේතාත්මක’ දේවල් ගැන කුමක් කිව හැකිද? (එළි. 1:1, 10) යෙහෝවා එම තොරතුරු ඔවුන්ගේ මනස්වල තදින් කාවැද්දවීමට විවිධ වර්ණ සහ චමත්කාරජනක දර්ශන යොදාගත්තා.
2 එසේනම්, බයිබල් සත්‍යයන් කෙනෙකුගේ සිතට තදින් කාවැද්දවීමට නම්, අපටත් වීඩියෝ පට යොදාගන්න පුළුවන්. අපේ වීඩියෝ පටවල විවිධ විෂයන් ආවරණය කරනවා. බයිබලය කෙරෙහි විශ්වාසය ගොඩනංවනවා. යෙහෝවාගේ සංවිධානය කෙරෙහි අගය වැඩි කරනවා වගේම ක්‍රිස්තියානියෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය ප්රතිපත්තිද කාවද්දනවා. අපටත් මෙම වීඩියෝ පට යොදාගත හැකි ක්‍රම කිහිපයක් ගැන සලකා බලමු. උදාහරණ මෙන්න.
3 අපේ සේවයේදී: ඔබ සමඟ බයිබලය පාඩම් කරන කෙනෙකුට අපේ ක්‍රිස්තියානි සහෝදරත්වය ගැන කියා තිබෙනවාද? දැන් එය පෙන්වන්න ඔබට පුළුවන්. ඒ අපේ මුළු සහෝදර සංගමය [Our Whole Association of Brothers] වීඩියෝ පටය ඔහුට බලන්න දීමෙනුයි. නැත්නම් ඊළඟ පාඩමේදී ඔබ දෙදෙනාටම එය එකට නැරඹිය හැකියි. මේ සමඟම 2002 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් ප්‍රශ්න සලකා බැලිය හැකියි.
4 යෞවනයෙනි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි පීඩා හමුවෙහි ස්ථිරව [Jehovah’s Witnesses Stand Firm Against Nazi Assault] හෝ සෝවියට් දේශයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පීඩා මැද විශ්වාසවන්තව [Faithful Under Trials—Jehovah’s Witnesses in the Soviet Union] වීඩියෝ පට ඔබේ පංතියේ ගුරුවරයාගෙන් විමසා ළමුන්ට පෙන්වීමට ඔබට පුළුවන්. වර්ෂ 2001 ජූනි හෝ 2003 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් ප්‍රශ්න පංතියට ගැළපෙන ලෙස සකසාගන්න. ඒවා පංතියේ ළමුන් සමඟ සාකච්ඡා කරන්න කැමති බව ගුරුවරයාට කියන්න.
5 පවුලේ අය සහ මිත්‍රයන් සමඟ: දෙමාපියෙනි, යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කර ගත හැක්කේ කෙසේද? [Young People Ask—How Can I Make Real Friends?] යන වීඩියෝ පටය ඔබේ දරුවන් නරඹා දැන් කොපමණ කාලයක් ගත වී තිබෙනවාද? එසේ නම්, ඊළඟ පවුලේ පාඩමේදී එය නැරඹීමට අපි යෝජනා කරමු. හොඳ සාකච්ඡාවක් සඳහා අවශ්‍ය ප්‍රශ්න 2002 අප්‍රියෙල් අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් කර තිබෙනවා.
6 සභාවේ සිටින මිත්රයන්ව ඔබේ නිවසට ආරාධනා කරන්න ඔබ බලාපොරොත්තු වෙනවාද? යෙහෝවාගේ අධිකාරියට ගෞරව කරන්න [Respect Jehovah’s Authority] වීඩියෝ පටය සැන්දෑ වරුවක එකට නරඹන්න. එය ඉතාමත් ගොඩනංවනසුලු අවස්ථාවක් වේවි. වර්ෂ 2004 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න යොදාගෙන ඉගෙනගත් දේ නැවත සලකා බලන්නටත් ඔබට පුළුවන්.
7 වෙනත් අවස්ථා: අපට දැන් වීඩියෝ පට 20ක් තිබෙනවා. මේවා ඔබට කෙසේ යොදාගත හැකිද? ඔබ නිතිපතා හමුවීමට යන යම් කෙනෙකුට මෙයින් එකක් හෝ දෙකක් පෙන්වීම ඔහුගේ වර්ධනයට හේතු වේවිද? සාත්තු නිවාසයක් හෝ වැඩිහිටි නිවාසයක වැනි ස්ථානයකදී මේ වීඩියෝ පටයක් පෙන්වීමට ඔබට කටයුතු පිළියෙල කළ හැකිද? මෙම වීඩියෝ පට සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ගේ, අසල්වාසීන්ගේ සහ රැකියා ස්ථානයේ වැඩ කරන අයගේ සිත් ඇදගනීවිද? අපේ වීඩියෝ පට ඉතා තදින් සිත්වලට කාවදිනවා. ඒවා යොදාගෙන බොහෝ දේවල් උගන්වන්න පුළුවන්. ඒවා හොඳින් පාවිච්චි කරන්න.
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
1. යෙහෝවා සිය ආදි සේවකයන්ට ඉගැන්වීම සඳහා දර්ශන සහ සිහින යොදාගත්තේ කොහොමද? ඉන් ඔවුන්ට ඇති වූ බලපෑම කුමක්ද?
2. අන්‍යයන්ට බයිබල් සත්‍යයන් ඉගැන්වීම සඳහා අපට යොදාගත හැක්කේ මොනවාද?
3. බයිබල් ශිෂ්‍යයෙකුව සංවිධානය වෙතට මඟ පෙන්වීමට ඔබට කුමක් යොදාගත හැකිද?
4. සාක්ෂිකාර දරුවෙකුට පාසැලේදී කිනම් දේ යොදාගෙන සාක්ෂි දරන්න පුළුවන්ද?
5. දෙමාපියන්ට පවුලේ පාඩමේදී කුමක් යොදාගත හැකිද?
6. ඔබේ මිත්‍රයන් සමඟ ගොඩනැංවෙන ආකාරයෙන් කාලය ගත කිරීමට ඔබට කුමක් කළ හැකිද?
7. අපේ වීඩියෝ පට පෙන්වීමට හැකි වෙනත් අවස්ථා මොනවාද?