අපේ DVD වලින් උගන්වමු
යෙහෝවා දෙවියන් ආබ්‍රහම් සහ යෙරෙමියාට වැදගත් තොරතුරු දැනුම් දෙද්දී ඒවා කිව්වේ වචනෙන් විතරක් නෙමෙයි. ඒවා ඇස් දෙකෙන්ම දකින්නත් සැලැස්සුවා. (උත්. 15:5; යෙරෙ. 18:1-6) ඒ වගේ අපිටත් පුළුවන් DVD පාවිච්චි කරලා බයිබල් ඉගැන්වීම් තේරුම්ගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න. ඒවා සමහරක් ඉංග්‍රීසියෙන් තිබුණත් ඒක ගැටලුවක් නෙමෙයි. ශිෂ්‍යයාට ගැළපෙන DVD එක තීරණය කරන්න ඔබට පුළුවන්. මේවා යෝජනා කිහිපයක් විතරයි. ශිෂ්‍යයන්ට පෙන්වන්න පුළුවන් DVD කිහිපයක් පහත දැක්වෙනවා. (ඉංග්‍රීසියෙන් දක්වා ඇති ඒවා සිංහලෙන් නැත.)
බයිබලයේ ඉගැන්වීම් පොත
◻ 1වෙනි පරිච්ඡේදයේ 17වෙනි ඡේදයෙන් පසු: දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ
◻ 2වෙනි පරිච්ඡේදයෙන් පසු: The Bible—Mankind’s Oldest Modern Book
◻ 9වෙනි පරිච්ඡේදයේ 14වෙනි ඡේදයෙන් පසු: Jehovah’s Witnesses—Organized to Share the Good News
◻ 14වෙනි පරිච්ඡේදයෙන් පසු: The Bible—Its Power in Your Life
◻ 15වෙනි පරිච්ඡේදයේ 10වෙනි ඡේදයෙන් පසු: Our Whole Association of Brothers
“දෙවිගේ ප්‍රේමය” පොත
◻ 3වෙනි පරිච්ඡේදයේ 15වෙනි ඡේදයෙන් පසු: යොවුන් සිතේ ගැටලු—හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?
◻ 4වෙනි පරිච්ඡේදයෙන් පසු: Respect Jehovah’s Authority
◻ 7වෙනි පරිච්ඡේදයේ 12වෙනි ඡේදයෙන් පසු: No Blood—Medicine Meets the Challenge
◻ 9වෙනි පරිච්ඡේදයේ 6වෙනි ඡේදයෙන් පසු: Warning Examples for Our Day
◻ 17වෙනි පරිච්ඡේදයෙන් පසු: ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?
බයිබල් ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වෙන වෙනත් DVD තියෙනවා. උදාහරණෙකට විරුද්ධවාදීකම් මැද පාඩම් කරන අයට, සෝවියට් දේශයෙන් සහ ජර්මනියේ නාට්සි හමුදාවෙන් සාක්ෂිකරුවන්ට ගෙනා පීඩා ගැන තොරතුරු ඇතුළත් DVD පෙන්වීමෙන් එයාලට දිරිගැන්වීමක් ලැබෙයි. (Faithful Under Trials—Jehovah’s Witnesses in the Soviet Union හෝ Jehovah’s Witnesses Stand Firm Against Nazi Assault) දෙවිව සතුටු කරන තීරණයක් ගන්න යෞවනයන්ට උදව් කරන DVD අපිට තියෙනවා. (Pursue Goals That Honor God සහ Young People Ask—What Will I Do With My Life?) ඔබේ බයිබලයේ ඉගැන්වීම් පොතේ සහ “දෙවිගේ ප්‍රේමය” පොතේ අදාළ තැන්වල ඉහත DVD තැටි ගැන සටහන් කරගන්න. ශිෂ්‍යයා එක්ක බලන්න හරි එයාට තනියම බලන්න දෙන්න හරි අපිට පුළුවන්. ඉදිරියේදී තවත් DVD ලැබෙයි. බයිබල් පාඩමේදී ඔබේ ශිෂ්‍යයාගේ හිතට කාවදින විදිහට ඒවා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා ගැන හිතලා බලන්න.—ලූක් 24:32.