සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! මාර්.
“හුඟක් අය හිතන්නේ යේසුස් දෙවියන් කියලා. නමුත් යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් කිව්වේ ඔහු දෙවිගේ පුත්‍රයා කියලා. [මතෙව් 16:16 කියවන්න.] යේසුස් දෙවිගේ පුත්‍රයා නම් දෙවි වෙන්න පුළුවන්ද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ 12 සහ 13 පිටුවල ඒ ප්‍රශ්නයට බයිබලයේ තිබෙන උත්තරය දීලා තියෙනවා.”
මුරටැඹ අප්‍රි. 1
“අපි අපේ දෙවිව දැනගන්න ඕනෑ කියලා ඔබ හිතන්නේ නැද්ද? මේ බලන්න යේසුස් කී දේ [මතෙව් 4:4 කියවන්න.] නමුත් හුඟදෙනෙකුට බයිබලයේ තිබෙන දේවල් තේරෙන්නේ නැහැ. ඔබටත් එහෙමද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ පෙන්වලා තියෙනවා, බයිබලය තේරුම් ගන්න ක්‍රම කිහිපයක්.”
පිබිදෙව්! අප්‍රි.
“හුඟදෙනෙක් ජීවිතයේ සතුට සෙව්වත්, එය සොයා ගෙන ඇත්තේ ටිකදෙනයි. මේ කොටුවේ සඳහන් කරලා තියෙන දේවල් මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න හේතු වෙයි කියා ඔබ හිතනවාද? [මෙහි 9වන පිටුවේ කොටුව පෙන්වන්න. පසුව සඳහන් වී ඇති බයිබල් පදයක් කියවන්න.] සැබෑ සතුට ලබාගත හැකි නියම බලාපොරොත්තුව ගැන මේ පිබිදෙව්! සඟරාවේ පෙන්වලා තියෙනවා.”
මුරටැඹ අප්‍රි. 15
“පවුලක සන්තෝෂයට පවුලේ අය හොඳින් කතා බහ කිරීම අවශ්‍යයි කියලා හැමෝම වාගේ එකඟයි. නමුත් හුඟක් අයට කතා බහ කිරීම එච්චර ලේසි දෙයක් නොවේ. ඔබ හිතන්නේ ඇයි ඒ? [පිළිතුරට ඉඩහරින්න.] හරියට කතා කරන්නත් ඉගෙනගන්න ඕනෑ. ඒ ගැන මේ සඟරාවේ තියෙන කාරණා කියවලා බලන්න ඔයා කැමතිද?” යාකොබ් 1:19 කියවන්න.