සැප්තැම්බර් මාසයේදී බෙදා දෙන විශේෂ පිබිදෙව්! කලාපය
1 කුරුල්ලන්ගේ මිහිරි නාදයට, ඉර බැස යන සුන්දර දසුනකට අකැමති කවුද? කෙසේනමුත් ස්වර්ගයේ ප්‍රේමණීය දෙවි පියෙක් මේ සියල්ලම මැවූ බව බොහෝදෙනා පිළිගන්නේ නැහැ. නමුත් අපට පුළුවන් යෙහෝවා දෙවි මේ සියල්ලේ මැවුම්කරු හෙවත් නිර්මාතෘ බව ඔප්පු කරන්න. ඒ, සැප්තැම්බර් මස පිබිදෙව්! විශේෂ කලාපය බෙදාහැරීමෙන්. (යෙසා. 40:28; 43:10) මේ කලාපය මුළුමනින්ම වෙන් වී තිබෙන්නේ “සියල්ලේ නිර්මාතෘ කවුද?” යන විෂයටයි.
2 සේවයේ යෙදෙන විට: හැකි නම්, සෑම සෙනසුරාදාවකම ගෙයින් ගෙට සඟරා සේවයේ හවුල් වෙන්න ඔබට පුළුවන්ද? සතියේ අනෙකුත් දිනවලත් මෙම විශේෂ කලාපය බෙදා දිය හැකියි. ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ තවත් අය විශේෂයෙන් මේ කලාපයට කැමති වේවි. එමනිසා, මේ අයව සොයාගෙන ගොස් මෙම කලාපය බෙදා දීමට අමතක කරන්න එපා.
3 පුද්ගලයා උනන්දුවක් පෙන්වයි නම්, ඊළඟ වතාවේ සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්නයක් අසා එන්න. උදාහරණයකට, ප්‍රේමණීය මැවුම්කරුවෙක් මේ තරම් දුක් වේදනාවලට ඉඩ දෙන්නේ ඇයි කියන ප්රශ්නය හොඳ ප්‍රශ්නයක්. නැවත යන විට, බයිබලයේ ඉගැන්වීම් පොතේ 1වන හෝ 11වන පරිච්ඡේද සාකච්ඡා කිරීමට ඔබට හැකියි. නැත්නම් මුල් වතාවේදී, මැවුම්කරු පොළොව මැව්වේ ඇයි කියන ප්රශ්නය අසා, නැවත ගොස් මේ පොතේ 3වන පරිච්ඡේදය සාකච්ඡා කරන්න.
4 පාසැලේදී: දරුවෙනි, පාසැලේදී මෙම කලාපය ගුරුවරුන්ට හා ළමුන්ට දෙන්න ඔබට පුළුවන් නේද? කලාපයේ පිටපතක් ඔබේ ලියන මේසය මත තබන්න. එවිට ඒ ගැන ඔවුන් අසාවි. ඔබේ විශ්වාසයන් ගැන පැහැදිලි කිරීමටත් යම් රචනාවන් ලිවීමටත් මේ තොරතුරු යොදාගන්න පුළුවන්. මේ කලාපයේ “යෞවන අය අසති” ලිපියේ “මැවීම ගැන ඇති මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කොහොමද?” යන ලිපිය ප්‍රයෝජනවත් වේවි.
5 මැවූ දේ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ගෞරවය හා මහිමය ලැබීමට වටිනවා. (එළි. 4:11) අපි මේ සැප්තැම්බර් පිබිදෙව්! සඟරාව බෙදාහැරීමෙන් අපේ මැවුම්කරුව ගෞරවයට පත් කරනවා. තවත් අයට දීමෙන්ද අපි කරන්නේ ඒ අය විසින් දෙවිව මහිමයට පත් කිරීමට උදව් කිරීමයි.