නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන විශේෂ පිබිදෙව්! කලාපය
1 අද බොහෝ මිනිසුන් බයිබලයේ වටිනාකම ගැන ප්‍රශ්න කරන්නේ අවංකවමයි. බයිබලය ලිව්වේ මිනිසුන් නම් එයට දෙවිගේ වචනය කියන්නේ ඇයි? බයිබලය විශ්වාස කරන්න තිබෙන හේතු මොනවාද? බයිබලය කියවීමට හා අධ්‍යයනය කිරීමට කාලය ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මම පාවිච්චි කරන්න ඕනෙ මොන බයිබල් පරිවර්තනයද? මේ ප්‍රශ්නවලට පිළිතුරු “බයිබලය විශ්වාස කළ හැකිද?” යන මාතෘකාවෙන් යුත් නොවැම්බර් විශේෂ පිබිදෙව්! කලාපයේ සඳහන් වෙනවා.
2 අප වෑයම් කරන්නේ අපගේ බලප්‍රදේශය පුරාම මෙම විශේෂ පිබිදෙව්! කලාපය බෙදාහරින්නයි. ඒ නිසා නොවැම්බර් මාසයේ සෑම සෙනසුරාදාවකම සභාව සමඟ දේශනා සේවයේ හවුල් වෙන්න අපි දැඩි වෑයමක් දරමු. නෑදෑයන්ට, අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ සෙසු සේවකයන්ට, ගුරුවරුන්ට, පාසැලේ මිතුරන්ට සහ නැවත බැලීම්වලට මෙම පිබිදෙව්! කලාපයෙන් පිටපතක් ලබා දෙමු. ඔබ සාප්පු සවාරි සහ ගමන් බිමන් යන විට මෙයින් සඟරා කිහිපයක් රැගෙන යන්න. සභාවේ වැඩිමහල්ලන් අවශ්‍ය තරම් අමතර සඟරා දැනටමත් ඇණවුම් කර තිබෙනවා.
3 බයිබල් පාඩමක් ආරම්භ කරන්න: කෙනෙක් සඟරාවක් ලබාගත්තොත් සංවාදය අවසන් කරන්න කලින් බයිබල් පාඩමක් සඳහා අඩිතාලමක් දමන්න. උදාහරණයකට ඔබට මෙසේ පැවසිය හැකියි. “මම ඊළඟ වතාවේ ආවහම ‘පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද’ කියන ප්‍රශ්නයට බයිබලයේ තියෙන පිළිතුර පෙන්නන්න කැමතියි.” නැවත යන විට බයිබලයේ ඉගැන්වීම් පොත රැගෙන යන්න. එහි 4 සහ 5 පිටුවල ඇති පින්තූර හෝ 3වන පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා ඡේදවල ඇති තොරතුරු ඔහු සමඟ සාකච්ඡා කරන්න. එසේ නැතහොත් මෙසේද පැවසිය හැකියි. “මම ඊළඟ වතාවේ ආවහම බයිබලයේ සඳහන් අනාවැකියක් දැන් ඉටු වන ආකාරය ගැන සාකච්ඡා කරන්න කැමතියි.” ඔබ ආපසු යන විට බයිබලයේ ඉගැන්වීම් පොතේ 9වන පරිච්ඡේදයේ 1-3 දක්වා ඡේද ගෙවැසියා සමඟ සාකච්ඡා කරන්න. ඔබට මෙසේද පැවසිය හැකියි. “තමන්ට බයිබලය කියවලා තේරුම්ගන්න බැහැ කියලා හුඟක් අය හිතනවා. ඊළඟ වතාවේ මම කැමතියි බයිබලය වඩාත් හොඳින් තේරුම්ගන්න පුළුවන් කොහොමද කියලා ඔයාට පෙන්නන්න.” නැවත බැලීමේදී බයිබලයේ ඉගැන්වීම් පොත හඳුන්වා දී බයිබල් පාඩමක් කරන ආකාරය පෙන්වන්න.
4 ‘ගැලවීම ලබාගැනීම සඳහා අපව නැණවත්’ කළ හැකි දෙවිගේ මඟ පෙන්වීම් තිබෙන්නේ බයිබලයේ පමණයි. (2 තිමෝ. 3:15) බයිබලය කෙරෙහි ඇති විශ්වාසය වැඩි කරගැනීමට මිනිසුන්ට උපකාර කිරීම අපේ ආශාවයි. එමනිසා මෙම විශේෂ පිබිදෙව්! කලාපය බෙදාහැරීමේ කාර්යයට අපි උද්යෝගයෙන් හවුල් වෙමු!