තරාතිරම් නොබලා හැමෝටම ශුභාරංචිය ගැන කතා කරන්න!
1 “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” සදාකාල ශුභාරංචියක් අතැතිව අහස මැද දේවදූතයෙක් පියාසර කරනවා යොහන් එක්තරා දර්ශනයකදී දුටුවා. (එළි. 14:6) එසේනම් මිනිසුන්ගේ තරාතිරම් නොබලා අප මේ දේවදූතයා සමඟ වැඩ කරනවාද? සමහරවිට අප නොදැනුවත්වම අන් අයගේ තරාතිරම් බලනවා වෙන්න පුළුවන්. එසේ කළොත් අප ඉදිරිපත් කරන පණිවුඩයට එය බලපාන්න පුළුවන්. ඒ නිසා, විවිධ පසුබිම්වල හා තරාතිරම්වල සිටින අයට අවංක ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම අවශ්‍යමයි.
2 ඔබේ ප්‍රදේශය ගැන හිතන්න: අවතැන් වූ අය සිටිනවාද? මේ වගේ අයව ලෙහෙසියෙන් මඟහැරෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ව සොයා ඔවුන්ව හොඳින් හඳුනාගන්න. ඔවුන්ගේ අවශ්‍යතා, ඔවුන් කැමති අකමැති දේවල් මොනවාද කියා දැනගන්න උත්සාහ කරන්න. ඔවුන් භයෙන්ද ජීවත් වෙන්නේ? ඒ අනුව ශුභාරංචිය සකස් කරගෙන ඉදිරිපත් කරන්න. (1 කොරි. 9:19-23) පාවුල්ට මෙන් අපටත් අපට හමු වන හැමෝටම ශුභාරංචිය කීමට වගකීමක් තිබෙන බවට හැඟී යා යුතුයි. කෙනෙකුගේ සංස්කෘතිය, උපන් රට, කතා කරන භාෂාව, හෝ වත් පොහොසත්කම ගැන අපි බලන්නේ නැහැ. ඒ හැමෝටම අපි කතා කළ යුතුයි.—රෝම 1:14.
3 නමුත් වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුට සාක්ෂි දරන්නේ කොහොමද? ඒ සඳහා සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත් පිංචය හොඳින් යොදාගන්න. ඔබේ ප්‍රදේශයේ වෙනත් භාෂා කතා කරන අය සඳහා පත්‍රිකා සහ විවරණිකා ස්වල්පයක්ද රැගෙන යන්න. වෙනත් භාෂාවකින් ආචාර කර සරල ලෙස පණිවුඩය ඉදිරිපත් කිරීමටද සමහරු උත්සාහ කර තිබෙනවා. කෙනෙක් වඩාත් කැමතියි වෙන කෙනෙක් තමන් ළඟට ඇවිත් තමන්ගේ භාෂාවෙන් වචනයක් දෙකක් හරි කතා කරනවා නම්. ඒ මගින් ශුභාරංචිය වෙතට ඔහුගේ හෝ ඇගේ සිත ඇදී යන්න පුළුවන්.
4 යෙහෝවා දෙවිව අනුකරණය කරන්න: විවිධ පසුබිම්වලට අයත් මනුෂ්‍යයන්ට තරාතිරම් බැලීමකින් තොරව අප ශුභාරංචිය කියනවා නම්, අපි අනුකරණය කරන්නේ අපේ දෙවිවයි. මන්ද “ඔහුගේ කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.”—1 තිමෝ. 2:3, 4.