ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 නොවැම්බර් 8 පි.
  • විවිධ භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශයක සේවය කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවිධ භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශයක සේවය කිරීම
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වෙනත් භාෂාවක් කතා කරන ගෙවැසියෙක් හමු වන විට
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • ශුභාරංචිය දේශනා කරන ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • සේවයේ දක්ෂ වීමට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න සංවිධානය වුණ සෙනඟක්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 නොවැම්බර් 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විවිධ භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශයක සේවය කිරීම

යුවළකට සේවයේ යද්දී වෙනත් භාෂාවක් කතා කරන තාත්තා කෙනෙක්ව සහ පුතෙක්ව හම්බ වෙනවා

හුඟක් වෙලාවට මිනිසුන් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ ඒක එයාලගෙම භාෂාවෙන් අහන්න ලැබෙද්දියි. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී විවිධ දේශවලින් ඇවිත් හිටිය යුදෙව්වන් හැමෝම වගේ හෙබ්‍රෙව් නැත්නම් ග්‍රීක භාෂාව දැනගෙන ඉන්න ඇති. ඒත් දෙවි ඒ හැමෝටම එයාලගේ ‘මව් භාෂාවෙන්ම’ ශුභාරංචිය අහන්න සලස්වන්න ඇත්තේ පණිවිඩය එයාලගේ හිත්වලට කාවද්දන්න වෙන්න ඇති. (ක්‍රියා 2:5, 8) එකම නමස්කාර මධ්‍යස්ථානයේ විවිධ භාෂාවලින් රැස්වීම් පවත්වන සභාවල අයට සේවයේ යන්න තියෙන්නේ එකම ප්‍රදේශයක වෙන්න පුළුවන්. ඒ වගේ සභාවල අයට සහයෝගයෙනුත් නිවැසියන්ව අපහසුතාවට පත් වෙන්නේ නැති විදිහටත් ප්‍රදේශයේ ඉන්න හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න පුළුවන් කොහොමද?

  • ජංගම දුරකථනයක්

    කතා කරගන්න (හිතෝ 15:22): ප්‍රදේශය හොඳින් ආවරණය කරන්න පුළුවන් විදිහ ගැන ඒ සභාවල සේවා සංවිධායක හැටියට සේවය කරන සහෝදරයන් එකතු වෙලා සැලසුම් කරන්න ඕනේ. සේවය කරන්න තියෙන්නේ කුඩා ප්‍රදේශයක් නම් සමහරවිට වෙනත් භාෂාවක් කතා කරන සභාවක් කැමති වෙයි එයාලගේ භාෂාව කතා කරන අයගේ නිවෙස්වල ඉන්න අයට ඔයාලා සාක්ෂි දරන්නේ නැතුව ඉන්නවාට. හැබැයි ඒ ප්‍රදේශය එයාලට ආවරණය කරන්න බැරි තරම් විශාලයි නම් ඒ භාෂාව කතා කරන අයටත් සාක්ෂි දරලා උනන්දුවක් දක්වන අය ගැන එයාලට දැනුම් දෙනවාට එයාලා කැමති වෙයි. (od 93 37¶) සමහරවිට වෙනත් භාෂාවක් කතා කරන සභාවකින් කියන්න පුළුවන් එයාලගේ භාෂාව කතා කරන අයව හොයාගන්න උදව් කරන්න කියලා. ඒ අයව මුණගැහුණොත් එයාලගේ ලිපිනයන් දැනුම් දෙන්න කියලත් කියයි. (km 7/12 5, කොටුව) සමහරවිට සේවයේ යද්දී එක ගෙදරක විවිධ භාෂා කතා කරන අය ඉන්න පුළුවන්. එයාලා ගැන තොරතුරු සටහන් කරගනිද්දී ඒකට අදාළව රටේ පවතින නීති ගැන සැලකිලිමත් වෙන්න.

  • සේවය කරන ප්‍රදේශයේ තියෙන නිවෙස්

    සහයෝගය දෙන්න (එෆී 4:16): සේවා සංවිධායකගෙන් ලැබෙන මඟ පෙන්වීම් ඒ විදිහටම අදාළ කරගන්න. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් එක්ක ඔයා බයිබල් පාඩමක් කරනවාද? එයාගේ භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවකට නැත්නම් කණ්ඩායමකට එයාව භාර දුන්නොත් ඉක්මනින්ම දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එයාට පුළුවන් වෙයි.

  • භාෂාව වෙනස් කරන්න

    හොඳින් සූදානම් වෙන්න (හිතෝ 15:28; 16:1): ගෙයින් ගෙට සේවයේ යද්දී වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ව මුණගැහුණොත් එයාට ශුභාරංචිය කියන්න උපරිමයෙන් උත්සාහ කරන්න. ඔයාගේ ප්‍රදේශයේ වෙනත් භාෂා කතා කරන අය ඉඳියි කියලා හිතෙනවා නම් ඒ අයගේ භාෂාවලින් බයිබලය සහ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න. සමහර භාෂාවලින් සුභ පතන්න පුළුවන් විදිහ ගැන ‘JW ලැංවේජ්’ ඇප් එකෙන් ඉගෙනගන්නත් පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න