ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 13 පි.
  • හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න සංවිධානය වුණ සෙනඟක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න සංවිධානය වුණ සෙනඟක්
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයේ දක්ෂ වීමට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දැරීම
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට - ප්‍රදේශයේ හැමෝටම ශුභාරංචිය කියන්න වෑයම් කරන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විවිධ භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශයක සේවය කිරීම
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 13 පි.
සහෝදරයෙක් එයාගේ ටැබ් එකෙන් ‘JW ලැංවේජ්’ ඇප් එක පාවිච්චි කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න සංවිධානය වුණ සෙනඟක්

යෙහෝවා දෙවියන් එදා ඊශ්‍රායෙල් සෙනඟව වගේ අද ඉන්න ඔහුගේ සෙනඟවත් සංවිධානය කරනවා. ඒ නිසයි ඔහුගේ කැමැත්ත ඉටු කරන්න එයාලට පුළුවන් වෙලා තියෙන්නේ. ශුභාරංචිය දේශනා කරන කාර්යය කරන්න ලෝකේ පුරාම තියෙන ශාඛා කාර්යාල, චාරිකාවන්, සභාවන් සහ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සහයෝගයෙන් වැඩ කරනවා. අපි හැම කෙනෙක්ටම ශුභාරංචිය දේශනා කරනවා. ඒකට වෙන භාෂාවක් කතා කරන අයත් ඇතුළත්.—එළි 14:6, 7.

අනිත් අයට බයිබලේ තියෙන සත්‍යයන් කියලා දෙන්න, වෙන භාෂාවක් ඉගෙනගන්න එක ගැන ඔයා හිතලා තියෙනවාද? ඒකට කාලය හොයාගන්න ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඒත් වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ට අපේ පණිවිඩය සරලව කියන්නේ කොහොමද කියලා ‘JW ලැංවේජ්’ ඇප් එකෙන් ඉගෙනගන්න ඔයාට පුළුවන්. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන්වල අයට “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” කියලා දීලා ලොකු සතුටක් ලැබුවා. ‘JW ලැංවේජ්’ ඇප් එක සේවයේදී හොඳින් පාවිච්චි කෙරුවොත් ඒ වගේම සතුටක් ලබන්න ඔයාටත් පුළුවන්.—ක්‍රියා 2:7-11.

‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - වෙන භාෂාවකින් පණිවිඩය කියමු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - වෙන භාෂාවකින් පණිවිඩය කියමු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. වෙන භාෂාවක් කතා කරන කාන්තාවකට සාක්ෂි දරන්න රොබෝ කෙනෙක් උදව් වෙන විදිහ දුලේන් සිතින් මවාගන්නවා.

    ‘JW ලැංවේජ්’ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - වෙන භාෂාවකින් පණිවිඩය කියමු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ‘JW ලැංවේජ්’ ඇප් එකේ ආචාර කරන විදි සහ හඳුන්වා දෙන විදි පෙන්වන පිටුව.

    ඒ ඇප් එකේ තියෙන අංග මොනවාද?

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - වෙන භාෂාවකින් පණිවිඩය කියමු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ඒ කාන්තාව දුලේන් සහ නෙත්මි චීන භාෂාවෙන් ආචාර කළාම සතුටු වෙනවා.

    හැම කෙනෙක්ම ශුභාරංචිය දැනගන්න ඕනේ

    ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය කතා කරන භාෂා මොනවාද?

  • වෙන භාෂාවක් කතා කරන කෙනෙක් අපේ පණිවිඩයට උනන්දුවක් දැක්වුවොත් ඔයාට කරන්න පුළුවන් මොනවාද?—od 100-101 39-41¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න