යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - ප්‍රදේශයේ හැමෝටම ශුභාරංචිය කියන්න වෑයම් කරන්න
ඒක වැදගත් ඇයි? විවිධ භාෂා කතා කරන, සියලුම ජාතීන්වලට අයත් අය ශුභාරංචියට ඇහුම්කන් දෙනවා කියලා සෙකරියා අනාවැකියක් කිව්වා. (සෙක 8:23) ඒත් එයාලට ශුභාරංචිය කියන්නේ කවුද? (රෝම 10:13-15) අපිට තමයි ඒ වගකීම තියෙන්නේ. ප්‍රදේශයේ ඉන්න හැමෝටම ශුභාරංචිය කියන්න අපි උත්සාහ කරන්න ඕනේ.—od 84 10-11¶.
ඒක කරන්නේ කොහොමද?
- හොඳින් සූදානම් වෙන්න. ඔයා සේවයේ යද්දී වෙන භාෂාවක් කතා කරන අයව ඔයාට මුණගැහෙනවාද? jw.org වෙබ් අඩවියේ ශුභාරංචිය වෙනත් භාෂාවලින් කෙටියෙන් කියන්න උදව් වෙන ඇප් එකක් තියෙනවා. (JW Language App) ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන්. නැත්නම් ඔයා කතා කරන කෙනාට එයාගේ භාෂාවෙන් අපේ වෙබ් අඩවියට යන්න පුළුවන් විදිහ ඔයාගේ ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි පෙන්වන්නත් පුළුවන් 
- හොඳ අවධානයකින් ඉන්න. ගෙයින් ගෙට සේවයේ යද්දී අතරමඟ මුණගැහෙන අයටත් ශුභාරංචිය කියන්න. වාහනවල ඉන්න අයවත් අමතක කරන්න එපා. පොදු සේවයේ හවුල් වෙද්දී ශුභාරංචිය ගැන කියන්න ලැබෙන අවස්ථාවන් ගැන හොඳ අවධානයකින් ඉන්න 
- උත්සාහය අත්හරින්න එපා. සේවයේ යද්දී සමහර ගෙවල්වල කවුරුත් ඉන්න එකක් නැහැ. එයාලව මුණගැහෙන්න ඔයා දරන උත්සාහය අත්හරින්න එපා. සේවයේ යන දවස හරි වෙලාව හරි වෙනස් කළොත් එයාලව මුණගැහෙන්න පුළුවන් වෙයි. ලියුමකින්, දුරකථන ඇමතුමකින් එයාලට ශුභාරංචිය කියන්නත් පුළුවන්. ඒ ප්‍රදේශයේ වීදි සේවය කරන එකත් ඒකට උදව් වෙයි. අපිට ඕනෙ මොනම හරි ක්‍රමයකින් හැමෝටම ශුභාරංචිය කියන්නයි 
- නැවත බලන්න යන්න. කෙනෙක් පුංචි හරි උනන්දුවක් පෙන්නුවොත් ඉක්මනින්ම ගිහින් එයාව ආයෙත් මුණගැහෙන්න. එයා කතා කරන්නේ වෙන භාෂාවක් නම් ඒ භාෂාව හොඳට පුළුවන් ප්‍රචාරකයෙක්ව එයාට මුණගස්සන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක්ව මුණගැහෙන කල් ඔයා ඒ කෙනාට උදව් කරන්න ඕනේ.—od 93, 94 39-40¶ 
‘“පොළොවේ දුර ඈත ප්‍රදේශවල” සාක්ෂි දැරීම’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
- අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සාක්ෂි දරන්න ඒ සහෝදර සහෝදරියන් කලින්ම සූදානම් වුණේ කොහොමද? (1කොරි 9:22, 23) 
- එයාලට මුහුණ දෙන්න වුණේ මොන වගේ අභියෝගවලටද? 
- එයාලා ලබපු ආශීර්වාද මොනවාද? 
- ඔයාගේ ප්‍රදේශයේ ඉන්න හැමෝටම ශුභාරංචිය කියන්න නම් ඔයාට තව මොන වගේ දේවල් කරන්න පුළුවන්ද?