වෙනත් භාෂාවක් කතා කරන ගෙවැසියෙක් හමු වන විට
1. තම සභාවට අයත් ප්‍රදේශය තුළ සේවය කරන විට සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී තිබෙන්නේ ඇයි?
1 ලොව පුරා බොහෝ ප්‍රචාරකයන්ට වෙනත් භාෂාවක් කතා කරන අයව නිතර හමු වෙනවා. තම සභාවේ රැස්වීම් පත්වන භාෂාව හැර වෙනත් භාෂාවක් කතා කරන උනන්දුව දක්වන අයව හමු වෙනවා. එවැනි අයට සත්‍යය ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා බොහෝ ශාඛා කාර්යාල වෙනත් භාෂාවලින් රැස්වීම් පත්වන කණ්ඩායම් හා සභා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. යම් ප්‍රදේශයක විවිධ භාෂා කතා කරන ජනයා සිටිනවා නම් එම භාෂාවලින් රැස්වීම් පත්වන සභාවලට ඒ ප්‍රදේශයේ දේශනා සේවයේ හවුල් විය හැකියි. මෙවැනි අවස්ථාවකදී එම ප්‍රදේශය තුළ නිසි පිළිවෙළකින් දේශනා සේවය කළ හැක්කේ කෙසේද?—1 කොරි. 14:33.
2. ගෙයින් ගෙට සේවයේ හවුල් වන විට වෙනත් භාෂාවලින් රැස්වීම් පත්වන කණ්ඩායම් හා සභා සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්න අපිට හැක්කේ කෙසේද?
2 සහයෝගය දක්වන්න: වීදි සේවයේ හවුල් වන විට හෝ අවිධිමත් ලෙස සාක්ෂි දරන විට වෙනත් භාෂාවක් කතා කරන අය ඇතුළු ඕනෑම කෙනෙකුට සාක්ෂි දැරීමේ නිදහස ප්‍රචාරකයන්ට තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ භාෂාවෙන් පොත් පත් සඟරා ලබා දීමට අපට පුළුවන්. කෙසේවෙතත් ගෙයින් ගෙට සේවයේ නිරත වන විට අප ප්‍රදේශය තුළ වෙනත් භාෂාවකින් රැස්වීම් පත්වන කණ්ඩායමක් හෝ සභාවක් තිබෙනවා නම් අපට කුමක් කළ හැකිද? එවැනි තත්වයන් යටතේ ප්‍රචාරකයන් සාමාන්‍යයෙන් සාක්ෂි දරන්නේ තමන් අයත් සභාවේ රැස්වීම් පත්වන භාෂාව කතා කරන ජනයාට පමණයි. එකම ප්‍රදේශයක විවිධ භාෂා කතා කරන සභා කිහිපයක් සේවය කරන විට ක්ෂේත්‍ර සේවය කරන ආකාරය ගැන හොඳ වාර්තාවක් තබාගැනීම වැදගත්. මෙම සභාවල සේවා අවේක්ෂකයන් හොඳ අදහස් හුවමාරුවක් පවත්වා ගනිමින් සේවය හොඳින් සැලසුම් කළ යුතුයි. (හිතෝ. 11:14) කෙසේවෙතත් ප්‍රචාරකයෙක් ගෙයින් ගෙට සේවයේ යන විට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් හමු වුණොත්, එම භාෂාවෙන් රැස්වීම් පත්වන සභාවක් ළඟපාත නැත්නම් එම ප්‍රචාරකයාට ඒ තැනැත්තාට බයිබලය ඉගෙනගැනීමට දිගටම උපකාර කළ හැකියි.
3. වෙනත් භාෂාවකින් රැස්වීම් පවත්වන කණ්ඩායමක් හෝ සභාවක් එකම ප්‍රදේශයේ සේවය කිරීමට පැමිණි අවස්ථාවකදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?
3 අරමුණ එකයි: වෙනස් භාෂා දෙකකින් රැස්වීම් පත්වන සභා දෙකක ප්‍රචාරකයන් අහම්බෙන් එකම දවසේ එකම ප්‍රදේශයේ සේවය කිරීමට පැමිණියොත් කළ යුත්තේ කුමක්ද? මෙවැනි අවස්ථාවකදී මුල් තැන ගන්නේ භාෂාව නොව ක්‍රිස්තියානි ප්‍රේමයයි. (යොහ. 13:34, 35) එමෙන්ම වැඩි අවධානයක් දිය යුත්තේ එම ප්‍රදේශයේ ජනයාගේ අවශ්‍යතාව ගැනයි. මෙම කණ්ඩායම් දෙකින් එකකට වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට සිදු වෙනවා. පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයන් ඒ අවස්ථාවේදී සාධාරණකම හා ප්‍රේමය විදහා පෙන්වමින් තීරණයක් ගනියි.—යාකො. 3:17, 18.
4. මේ කාලයේ ඉටු වෙමින් තිබෙන අනාවැකිය කුමක්ද?
4 විවිධ භාෂාවන් කතා කරන ජනයාට ශුභාරංචියට සවන්දීමට ප්‍රස්තාවක් ලැබෙනවා. (එළි. 14:6, 7) සියලුදෙනාම සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් එකම නිවෙස්වලට වෙනත් භාෂා කතා කරන සභාවල සිටින ප්‍රචාරකයන් යෑම වළක්වාගත හැකියි. එසේ කිරීමෙන් බොහෝදෙනෙකුට ශුභාරංචිය පැවසිය හැකියි.—එෆී. 4:16.