ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/06 1 පි.
  • නිර්භීත නමුත් සාමකාමීව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත නමුත් සාමකාමීව
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සාමකාමීව කටයුතු කරන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද?
    2006 පිබිදෙව්!
  • ‘සාමය සොයමින් එය ලුහුබඳින්න’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ නිර්භීතව සාක්ෂි දරනවාද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 11/06 1 පි.

නිර්භීත නමුත් සාමකාමීව

1 අප දේශනා කරන බොහෝදෙනෙකු තුළ තිබෙන අදහස් හා විශ්වාසයන් බයිබලයට පටහැනියි. නමුත් ඔවුන් ඒවා අවංකව විශ්වාස කරන බව අප මතක තබාගැනීම වැදගත්. අප මේ අයට නිර්භීතව දේශනා කළ යුතු බව ඇත්තයි. නමුත් ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිට’ අනවශ්‍ය මත ගැටුම්වලින් වැළකී සිටීමටත් අප වග බලාගත යුතුයි. (රෝම 12:18; ක්‍රියා 4:29) එසේනම් නිර්භීතව දේශනා කරන අතර, සාමකාමීව එය අපට කළ හැක්කේ කෙසේද?

2 එකඟ විය හැකි පැති බලන්න: සාමකාමී කෙනෙක් වාදවලට පැටලෙන්නේ නැහැ. ගෙවැසියෙකුගේ දැඩි ආගමික අදහස් ගැන අනවශ්‍ය ලෙස වාද කළොත් වන්නේ ඔහු සත්‍යය ගැන තේරුම් ගැනීමට උත්සාහ නොකිරීමයි. ඔහු වැරදි දෙයක් කිව්වත්, ඒ ගැන වාද නොකර, ඔහුට එකඟ විය හැකි යම් කාරණයක් ගැන සඳහන් කිරීමයි ඥානවන්තම දේ. අපට පොදුවේ එකඟ විය හැකි දෙයක් ගැන කතා කළොත්, ඔහු තුළ තිබිය හැකි යම් අශුභවාදී සිතිවිලි දුරු කර, ඔහුගේ සිත දිනාගැනීමට අපට හැකි වේවි.

3 ගෙවැසියෙක් පැවසූ වැරදි දෙයක් ගණන් නොගෙන සිටීම වරදක්ද? එසේ කළොත්, අප සත්‍යය සැහැල්ලුවට ලක් කළා වෙනවාද? නැහැ. අපේ පැවරුම නම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම මිස අපට ඇසෙන හැම වැරදි මතයක්ම නිවැරදි කිරීම නොවේ. (මතෙ. 24:14) පුද්ගලයන් කියන කියන සෑම වැරදි දෙයක්ම හරිගැස්සීමට උත්සාහ කරනවාට වඩා, ඒ මගින් ඔවුන් සිතන විදිහ ගැන තේරුම්ගැනීමට අපට හැකියි නොවේද?—හිතෝ. 16:23.

4 ගෞරවය රකින්න: වැරදි අදහස් මතුවන විට නිර්භීතව ඒවා නිවැරදි කළ යුතු අවස්ථාද උදා වෙනවා. කෙසේවෙතත්, අප සාමකාමී පුද්ගලයන් හැටියට වැරදි දේවල් විශ්වාස කරන සහ උගන්වන අය ගැන නින්දාසහගත ලෙස කතා කරන්නේ නැහැ. පහත් යෙදුම් ඔවුන් සඳහා පාවිච්චි කරන්නේද නැහැ. ‘අපි තමයි සේරම දන්නේ’ යන ආකල්පය හානිකරයි. නමුත් යටහත් පහත් ලෙස කරුණාවෙන් කතා කළොත් සත්‍යයට ඇලුම් කරන හැමෝම අපේ පණිවුඩයට ආකර්ෂණය වේවි. අපට සවන් දෙන අයට සහ ඔවුන්ගේ විශ්වාසයන්ට අපි ගරු කරනවා නම්, ඔවුන්ගේ ආත්ම ගෞරවයද රැකෙන අතර, ඒ ඔස්සේ අපේ පණිවුඩය පිළිගැනීමට ඔවුන්ට පහසු වේවි.

5 පාවුල් එසේ කළා. ඔහු උත්සාහ කළේ තමා දේශනා කළ අයගේ විශ්වාසයන් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ සිත් දිනා ගැනීමටයි. (ක්‍රියා 17:22-31) මෙසේ ඔහු ‘ටිකදෙනෙකු වුවද ගලවා ගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වුණා.’ (1 කොරි. 9:22) එසේ නම්, අපිත් ශුභාරංචිය නිර්භීතව ප්‍රකාශ කරන අතර සාමකාමී පුද්ගලයන්ද වෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න