අක්‍රියාශීලී අයව අමතක නොකරන්න
1. අක්‍රියාශීලී අයව අපි දිරිගැන්විය යුත්තේ ඇයි?
1 අක්‍රියාශීලී වූ කෙනෙක්ව ඔබේ මතකයට නැඟෙනවාද? සමහරවිට ඔහු සභාවට ඒමෙන් වැළකී දෙවිගේ නමස්කාරයෙන් ටිකෙන් ටික ඈත්වෙමින් සිටිනවා වෙන්න පුළුවන්. ගෙයින් ගෙට දේවසේවයේ යෙදෙද්දී ඔබට එවැන්නෙක් මුණගැසී ඇති. තවමත් ඔහු අප හා දෙවිගේ නමස්කාරයේ යෙදෙන අපේ සහෝදරයෙක් බව අපි මතක තබාගත යුතුයි. අපේ ප්‍රේමය අඩු කර නැති බව සහතික කරමින් යළි සභාවටත්, ‘අපේ ජීවිතවල එඬේරාද අවේක්ෂකද වෙතටත්’ පැමිණීමට ඔහුට අපි උපකාර කරමු.—1 පේතෘ. 2:25.
2. අක්‍රියාශීලී කෙනෙකුව දිරිගන්වන්නේ කොහොමද?
2 සැලකිලිමත් වෙන්න: කෙටි දුරකථන ඇමතුමකින් හෝ බැහැදැකීමකින් අපිට හැකියි ඔහුව අපිට අමතක වී නැති බව පෙන්වන්න. ඔහු එක්ක මොනවද කතා කරන්න පුළුවන්? ඔහුව අමතක කර නැති බව දැනෙන්න සැලැස්වීමෙන් ඔහුට දිරිගැන්වීමක් ලැබෙයි. සංවාදය ප්‍රසන්න මෙන්ම ගොඩනංවනසුලු ආකාරයකින් පවත්වාගෙන යන්න. (ෆිලි. 4:8) මෑත රැස්වීමකදී ඉගෙනගත් කරුණක් සඳහන් කළ හැකියි. රැස්වීමකට හෝ එක් රැස්වීමකට ආරාධනා කරමින් ඔහුට ආසනයක් වෙන් කරන බව හෝ ප්‍රවාහණ පහසුකම් දෙන බව හෝ පැවසිය හැකියි.
3. අක්‍රියාශීලී සහෝදරියක් යළි ක්‍රියාශීලී වුණේ කොහොමද?
3 සේවයේ යෙදෙද්දී කෙනෙකුට වසර 20කට වැඩි කාලයක් අක්‍රියාශීලීව සිටි සහෝදරියක්ව මුණගැසුණා. බයිබල් පාඩමක් කරන්න ඇය අකමැති වුණත් ඇයව මුණගැසුණු සහෝදරිය ඇයට සඟරා දෙන්න ආපහු ගියා. දිස්ත්‍රික් සමුළුවෙන් පසු එම සහෝදරිය අක්‍රියාශීලී සහෝදරියව බලන්න ගොස් ඉගෙනගත් ප්‍රධාන කරුණු ටිකක් ඇයට පැවසුවා. ටික කලක් යද්දී ඇය යළි ක්‍රියාශීලී වුණා.
4. යළි රැස්වීම් එන කෙනෙකුට අපි කුමන සැලකිල්ලක්ද දැක්විය යුත්තේ?
4 කෙනෙක් යළි පැමිණෙන විට: අක්‍රියාශීලී සහෝදරයෙක් යළි රැස්වීම්වලට පැමිණෙන විට අප ඔහුට කොහොම සැලකිය යුතුද? ගෝලයන් යේසුස්ව දමා ගිය අවස්ථාවේදී යේසුස් ඔවුන්ට සැලකුවේ කොහොමද? ඔවුන් තවදුරටත් ඔහුගේ “සහෝදරයන්” කියා පවසමින් ඔහුගේ ස්නේහය ඔවුන්ට දැනෙන්න සලස්වා ඔවුන් ගැන විශ්වාසය අඩු වී නැති බව පෙන්නුවා. ඔවුන්ට වැදගත් පැවරුමක් පවා දුන්නා. (මතෙ. 28:10, 18, 19) ඉන් ටික කලකට පසු ඔවුන් “අත් නෑර” කඩිසරව ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ යෙදී සිටියා.—ක්‍රියා 5:42.
5. අක්‍රියාශීලී කෙනෙක් ගැන අපි වැඩිමහල්ලන් සමඟ කතා කළ යුතු අවස්ථා ගැන සඳහන් කරන්න.
5 අක්‍රියාශීලී කෙනෙකු සමඟ යළි බයිබල් පාඩමක් ඇරඹීමට පෙර හෝ දිගු කලක් පුරා අක්‍රියාශීලීව සිටි කෙනෙකුට අප සමඟ දේවසේවයේ යන්න ආරාධනා කිරීමට පෙර අපි වැඩිමහල්ලන්ගෙන් විමසා බැලිය යුතුයි. අපේ බලප්‍රදේශයේ සිටින අක්‍රියාශීලී ප්‍රචාරකයෙකුව අපිට මුණගැසුණොත් වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. එවිට අවශ්‍ය උපකාර සපයන්න ඔවුන්ට හැකි වෙයි.
6. අක්‍රියාශීලී අයට උපකාර කිරීමෙන් අපට අද්දැකිය හැක්කේ මොන වගේ ප්‍රීතියක්ද?
6 බයිබලයේ පැහැදිලිව පෙන්වන ආකාරයට දිවීම කෙළවර කරන අයට පමණයි ගැලවීම ලැබෙන්නේ. (මතෙ. 24:13) එබැවින් පැකිළී හෝ නමස්කාරයෙන් ඈත් වී සිටින අය ගැන සැලකිලිමත් වන්න. එවැන්නන් කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වමින් අපි ඉවසිලිවන්තව යෙහෝවාගේ ප්‍රේමය පිළිබිඹු කරනවා නම්, යළි අප හා උරෙන් උර ගැටී ඔවුන් පරිශුද්ධ සේවයේ යෙදෙනවා දැකීමේ ප්‍රීතිය අපට අද්දැකීමට හැකි වෙයි.—ලූක් 15:4-10.