ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 5 පි.
  • අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔයාටත් පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔයාටත් පුළුවන්
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අක්‍රියාශීලී අයව අමතක නොකරන්න
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • “මා ළඟට එන්න”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔයාටත් පුළුවන්

එඬේරෙක් නැති වුණු බැටළුවෙක්ව බේරගන්න උත්සාහ කරමින්

දෙවිට සේවය කරමින් අපි යන ගමනත් ධාවන තරගයක් වගෙයි. (හෙබ්‍රෙ 12:1) කාලයක් අපිත් එක්ක ඒ තරගයේ සහභාගි වුණු සමහර අයගේ වේගය එක එක හේතු නිසා දැන් අඩු වෙලා. ඒ හේතු කිහිපයක් ගැන ‘ආයෙත් එන්න’ සඟරාවේ තියෙනවා. හැම අවුරුද්දකම අක්‍රියාශීලී අයගෙන් හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා. ඒ අයවත් දෙවි මිල දීලා අරන් තියෙන්නේ ඔහුගේ පුතාගේ ලේවලින් නිසා එයාලව තාමත් දෙවිට හුඟක් වටිනවා. (ක්‍රියා 20:28; 1පේතෘ 1:18, 19) ආයෙත් දෙවි ළඟට එන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

රැළෙන් ඈතට ගිය බැටළුවෙක්ව හොයාගෙන යන එඬේරෙක් වගේ වැඩිමහල්ලනුත් අක්‍රියාශීලී අයව හොයාගෙන ගිහින් ඒ අයට උදව් කරනවා. (ලූක් 15:4-7) ඒකෙන් පේන්නේ යෙහෝවා දෙවිට ඒගොල්ලන් ගැන කොච්චර සැලකිල්ලක් තියෙනවද කියන එකයි. (යෙරෙ 23:3, 4) වැඩිමහල්ලන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම පුළුවන් එයාලව දිරිගන්වන්න. අපි එයාලට ආදරෙන් සලකද්දී ඒ ගැන යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා. ඒකෙන් අපිටත් ලොකු සතුටක් ලැබෙනවා. (හිතෝ 19:17; ක්‍රියා 20:35) ඒ නිසා ඔයාට දිරිගන්වන්න පුළුවන් කාවද කියලා හොඳට හිතලා බලන්න.

ලෝරා ජනේලයෙන් එළිය බලමින්, ඇබී යාච්ඤා කරමින්, ලෝරායි ඇබීයි වැලඳගනිමින්, දෙන්නා ෆොටෝ එකක් ගනිමින්

‘අක්‍රියාශීලී අයව දිරිගන්වමු’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • අඳුරන්නේ නැති සාක්ෂිකාරියක්ව හම්බවුණාම ඇබී කළේ මොනවද?

  • අක්‍රියාශීලී කෙනෙක්ට උදව් කරන්න කලින් ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනෙ ඇයි?

  • දෙවෙනි වතාවේ ලෝරාව හම්බ වෙන්න යන්න ඇබී සූදානම් වුණේ කොහොමද?

  • ලෝරාව දිරිගන්වන්න වෑයම් කරද්දී ඇබී දිගටම ලොකු ඉවසීමකින්, ආදරයකින් වැඩ කළේ කොහොමද?

  • ලූක් 15:8-10 සඳහන් යේසුස්ගේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

  • හැමෝම එකතු වෙලා ලෝරාට උදව් කරපු නිසා ලැබුණු ප්‍රතිඵල මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න