ඔබේ ජීවිතයේ ඉලක්ක මොනවාද?
1 කුඩා දරුවන්ගෙන් නිතරම අසන ප්‍රශ්නයක් තමයි “ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?” කියන ප්රශ්නය. කුඩා කාලයේදී අපි එයට විවිධ පිළිතුරු දෙන්න ඇති. දොස්තර කෙනෙක්, ගුරුවරයෙක්, නළුවෙක්, ගායිකාවක්, චාරිකා අවේක්ෂකයෙක්, පුරෝගාමියෙක් වැනි පිළිතුරු ඒ අතර තියෙන්න ඇති. ඒත් ඔබ ටික ටික ලොකු වෙද්දී ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ‘මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද?’ යන ප්රශ්නයයි. තීරණයක් ගන්න ඔබ සූදානම්ද?
2 යෞවන අය අසති—මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද? යන DVD තැටිය (Young People Ask—What Will I Do With My Life?) යෙහෝවා දෙවිගේ සංවිධානය නිපදවා ඇත්තේ යෞවනයෙකු හැටියට ඔබට හත හැකි හොඳම තිරණය ගැනීමට ඔබට උපකාර කිරීම සඳහායි. එය නරඹන්න කියා ඔබව දිරිගන්වන්න අප කැමතියි. එය නරඹා එහි ඇති නාට්‍යය, සම්මුඛ සාකච්ඡා, සහ අමතර තොරතුරු වැනි කොටස්වල ඇති කාරණා ගැන හොදින් සිතා බලන්න. එම කොටස් DVD තැටියේ “Main Menu.” යටතේ ලැයිස්තු ගත කර තිබෙනවා.
3 නාට්‍යය (The Drama): ඔබ නාට්‍යය නරඹන අතර මේ ප්‍රශ්න ගැන සිතා බලන්න: (1) මෙම නාට්‍යයේ සිටින ඔන්ඩ්‍රේ සහ බයිබලයේ සඳහන් තිමෝති අතර තිබෙන සාමානකම් මොනවාද? (ක්‍රියා 16:1; 1 තිමෝ. 4:8; 2 තිමෝ. 1:5) (2) මළල ක්‍රීඩාවේ හොඳ තැනකට එන්න ඔන්ඩ්රේව පොළඹන්නේ කවුරුන් විසින්ද? (3) තිමෝතිට මෙන්ම ඔන්ඩ්‍රේට හොද බලපෑමක් වුණේ කවුරුන්ද? කුමන ආකාරවලින්ද? (2 තිමෝ. 1:1-4; 3:14, 15) (4) මතෙව් 6:24 සහ ෆිලිප්පි 3:8 යන ශුද්ධ ලියවිලි පදවල සඳහන් උපදෙස් ඔන්ඩ්‍රේට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? ඒවා ඔබට උපකාරවත් වන්නේ කොහොමද?
4 තෝරාගත් දර්ශන කොටස් (Scenes): නාට්‍යය සම්පූර්ණයෙන්ම නැරඹුවායින් පසු පහත සඳහන් නම්වලින් යුත් දර්ශන කොටස් නැවත නරඹා මේ පිළිතුරු සපයන්න. “පාවුල් සහ තිමෝති” (Paul and Timothy): පාවුල් තිමෝතිට දුන් අවසන් උපදෙස කුමක්ද? (2 තිමෝ. 4:5) “යෙහෝවා දෙවිට ඔබේ උපරිමය දෙන්න” (Giving Jehovah Your Best): දෙවිට සේවය කිරීම සඳහා ඔබට තිබෙන්නේ කුමන ආකාරයේ ඉලක්කද? “ දෙවි වෙනුවෙන් තීරණයක් ගන්න” (Taking a Stand for Jehovah): සැබෑ සතුට ලැබෙන්නේ කොහෙන්ද? “ආච්චිගේ උපදෙස” (Grandmother’s Advice): සාතන්ගේ ලෝකයේ තරුවක් වෙන්න ආශාවෙන් සිටීමේ ඇති අන්තරාය කුමක්ද? (මතෙ. 4:9) “ඒ ගැන පසු තැවෙන්නේ නැහැ” (No Regrets): ජීවිතයේ නියම තෘප්තිය ලබාගැනීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?—හිතෝ. 10:22.
5 සම්මුඛ සාකච්ඡා (Interviews): ඔබ පහත සඳහන් මේ එක් එක් කොටස් නරඹන විට යෙහෝවා දෙවිට ඔබේ උපරිමය කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් මොනවාද? (1) “කැපවී සිටින්නේ නිෂ්ඵල දේවල් සඳහාද නැත්නම් දෙවිට සේවය කරන්නද?” (“Dedication to Vain Pursuits or to God?”) (1 යොහන් 2:17); (2) “දේවසේවයෙන් ප්‍රීතියක් ලැබීම” (“Learning to Enjoy Your Ministry.”) (ගීතා. 27:14) (3) “සේවය සඳහා ප්‍රස්තාවක්” (“An Open Door to Service.”)—මතෙ. 6:33.
6 අතීතය දෙස හැරී බලන්න (Looking Back): (1) එම සහෝදරයා හා සහෝදරිය තොරා ගන්නේ කුමක් කිරීමටද? එවැනි තේරීමක් කරන්නේ ඇයි? (2) ඔවුන් කොතරම් සාර්ථක වුණාද? (3) ඔවුන් එක් එක්කෙනාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණේ කුමන අවස්ථාවද? (2 කොරි. 5:15) (4) ඔවුන් කලින් කරමින් සිටි දේ අත් හැර ආරම්භ කළේ කුමන සේවයේ කුමන අංගවල හවුල් වීමටද? ඔවුන්ට මේ ඉලක්ක දෙකම එකට අත් කර ගත නොහැකි බව හැඟුණේ ඇයි? (5) ඔවුන්ගේ ජීවිතයේ ඉලක්ක වෙනස් කිරීම ගැන ඔවුන් කනගාටු වෙනවාද? (6) ඔබ අනාගතයේදී කළ යුතු දේවල් ගැන කල්පනා කර බැලීමට ඔබව පෙළඹුවේ ඔවුන් පැවසූ කුමන දේවල්ද?
7 අමතර සම්මුඛ සාකච්ඡා (Supplementary Interviews): යෙහෝවා දෙවිගේ සේවයේ වඩාත් පූර්ණ ලෙස යෙදීම සඳහා මේ සම්මුඛ සාකච්ඡා ඔබට ප්‍රයෝජනවත් වුනේ කෙසේද? (1) “පුද්ගලික පාඩම කිරීමේ ඇති වැදගත්කම” (“The Value of Personal Study.”) (2) “අවධිමත් ලෙස සාක්ෂි දැරීම” (“Alternative Witnessing.”) (3) “බෙතෙල් සේවය” (“Bethel Service.”) (4) “ගිලියඩ් පාසැල” (“Gilead Missionary Training.”) (5) “දේවසේවා පුහුණු පාසැල” (“Ministerial Training School.”)— “Index to Published Information on Related Subjects” නමැති කොටස බලා ඔබේ වැඩියෙන්ම ආශා කරන තොරතුරු කියවා බලන්න.
8 ඔබ අනාගතයේදී මොනවාද කරන්නේ කියා තීරණය කළාද? පාවුල් තිමෝතිගෙන් මෙසේ ඉල්ලා සිටියා. “මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒවායෙහි යෙදී සිටින්න. එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.” (1 තිමෝ. 4:15) ඔබ මෙම DVD පටයෙන් නැරඹූ හා සවන් දුන් දේවල් ක්‍රියාවට නඟන්න කියා ඔබව දිරිගන්වන්න අපි කැමතියි. නැණවත් තීරණයක් ගැනීමට උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න. ඔබ මෙසේ නැණවත් තීරණයක් ගන්නවා නම් දැනුත් සදහටමත් ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳින්න ඔබට පුළුවන්.
[8වන පිටුවේ කොටුව]
MAIN MENU
Play Drama
Scenes (11 selections)
Interviews
Play All
Sections (3 selections)
Looking Back
Supplementary Material
Supplementary Interviews
Index to Published Information on Related Subjects
Subtitles
Hearing Impaired
None
To navigate around the menus, use the Next ▶, ◀ Back, and Main Menu buttons.