නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
දෙදහස් අට සේවා වසරේදී පවත්වනු ලබන විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව වන්නේ “අපි මැටිය. යෙහෝවා දෙවි අපේ කුම්භකාරයාය” යන්නයි. මේ තේමාව පදනම් වන්නේ යෙසායා 64:8 [NW] මතයි. බයිබලයේ සඳහන් උපදෙස් මත පදනම් වී තිබෙන මේ වැඩසටහන මගින් ශ්‍රේෂ්ඨ කුම්භකරු වන යෙහෝවා දෙවිගේ ප්‍රඥාව, යුක්තිය, බලය හා ප්‍රේමය තවත් හොඳින් තේරුම්ගැනීමටත් අගය කිරීමටත් හැකි වෙයි.
බොහෝදෙනෙක් සත්‍යය දැනගැනීමෙන් හා එය අන් අය සමඟ බෙදාගැනීමෙන් මහඟු ආශීර්වාද අද්දකින ආකාරය ගැන චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන “ගෞරවනීය භාජන මෙන් දෙවිට සේවය කරමු” නමැති තේමාවෙන් යුත් කතාවෙන් පැහැදිලි කරයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ගැඹුරින් මෙනෙහි කිරීම අපට ආරක්ෂාවක් වන ආකාරය “මෙනෙහි කිරීම ඔබට ආරක්ෂාවක් වන අයුරු” නමැති කතාවෙන් පෙන්වා දෙයි. “‘මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන්’ වළකින්න” හා “ඔබව හැඩගැස්වීමට ශ්‍රේෂ්ඨ කුම්භකරුට ඉඩ දෙන්න” යන තේමා ඔස්සේ ආගන්තුක කථිකයා කතා ඉදිරිපත් කිරීමට නියමිතයි. “යෙහෝවා දෙවිට වටින යෞවනයන්” සහ “තම දරුවන්ව හැඩගැස්වීමේදී දෙමාපියන්ට හිමි වැදගත් කාර්යය” යන කොටස්වලින් දෙමාපියන්ට හා යෞවනයන්ට කදිම දිරිගැන්වීමක් ලැබෙයි. අපේ සහෝදර සහෝදරියන් දේවසේවයෙන් ලබා තිබෙන සාර්ථක ප්‍රතිඵල ගැන නිරූපණ හා සම්මුඛ සාකච්ඡාවලින් දැනගන්න විට අපි මහත් ප්‍රීතියක් ලබනවා නිසැකයි. තම ජීවිත දෙවිට කැප කර, වතුර බව්තීස්මයෙන් එය සංකේතවත් කිරීමට ආශාවෙන් සිටින අය හැකි විගස මුලසුන භාර අවේක්ෂකට ඒ බව දැනුම් දිය යුතුයි. විශේෂ එක්රැස්වීම පවත්වන සතියේදී පාඩම් කරනු ලබන මුරටැඹ සඟරාවේ පිටපත රැගෙන එන්න.
ශ්‍රේෂ්ඨ කුම්භකරු යම් දෙයක් අරමුණු කරනවාද අනිවාර්යයෙන්ම එය ඉටු කරනවා. එහෙත් අපිව හැඩගස්වන්න ඔහුට ඉඩ දෙනවාද නැද්ද කියා තීරණය කිරීම අපට භාරයි. එසේ ඉඩ දෙන අයව, කුම්භකරුවෙක් මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදාගන්න සකපෝරුවක් මත තිබෙන මැටි පිඩකට සමාන කළ හැකියි. ඔහු ඉන් ප්‍රයෝජනවත් භාණ්ඩයක් සාදනවා. අපිව හැඩගැස්වීමට අපි දෙවිට ඉඩ දෙනවා නම් ඉන් ප්‍රයෝජන අත් වන්නේ අපිටමයි. එමෙන්ම ඔහු අපේ පාලකයා හැටියට පිළිගනිමින් ඔහුව මහිමවත් කිරීමටද අපිට එමගින් හැකියි.