දෙවි ඉදිරියේ පොහොසත් වෙන්න ඔබ කැමතිද?
1. ඔබට ස්ථාවර පුරෝගාමි සේවය කිරීමට හැකිද කියා සලකා බැලිය යුත්තේ ඇයි?
1 ඔබ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න වෑයම් කරනවාද? අන් අයට උපකාර කිරීමෙන් ප්‍රීතියක් ලබන්න ඔබ උත්සාහ කරනවාද? දෙවිට වැඩි සේවයක් කරන්න ඔබ තුළ ආශාවක් තිබෙනවාද? මේ ප්‍රශ්නවලින් එකකට හෝ ඔව් කියා පිළිතුරු දිය හැකි නම් ඔබට ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කළ හැකියි කියා පවසන්න පුළුවන්. ඒත් පුරෝගාමි සේවය කිරීමට කැමැත්තක් තිබෙන අය පවුලේ අයව රැකබලා ගැනීම ඇතුළු දේවවචනයට අනුව ඉටු කළ යුතු වෙනත් වගකීම් ගැනත් තම ශාරීරික තත්වය ගැනත් සිතා බැලිය යුතුයි.
2. ස්ථාවර පුරෝගාමීන් පොහොසත් වන්නේ කුමන පැතිවලින්ද?
2 සලමොන් රජ යෙහෝවා දෙවිගේ ආශීර්වාද පොහොසත්කමට සම්බන්ධ කර දැක්වූවා. (හිතෝ. 10:22) මේ පොහොසත්කම මුදල් අතින් පොහොසත් වීමක් නොවෙයි. මෙයට මූලිකවම අයත් වන්නේ තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් දෙවි සමඟ ඇති කරගන්නා සමීප මිත්රත්වයයි. මේ පොහොසත්කම ස්ථාවර පුරෝගාමීන් බහුල ලෙස අද්දකිනවා. ඔවුන් කාලය පෞද්ගලික කාරණාවලට වැය කරනවා වෙනුවට අන් අයට උපකාර කිරීමට යෙදවීමෙන් මහත් ප්‍රීතියක් අද්දකිනවා. (කොලො. 4:5; ක්‍රියා 20:35) ඔවුන් කරන සේවය දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔවුන් ‘ස්වර්ගයේ රැස් කරන වස්තුවේ’ වටිනාකම කවදාවත් අඩු වන්නේ නැහැ. (මතෙ. 6:20; හෙබ්‍රෙ. 6:10) පුරෝගාමීන් ‘සරල ඇසක්’ තබාගෙන තම අවශ්‍යතා සපුරාලීමට දෙවිට තිබෙන හැකියාව ගැන පූර්ණ විශ්වාසයක් තබනවා. මේ නිසා දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් වෙනවා.—මතෙ. 6:22, 25, 32; හෙබ්‍රෙ. 13:5, 6.
3. මිල මුදල් අතින් පොහොසත් වීම හා දෙවිගේ ආශීර්වාද අතින් පොහොසත් වීම අතර තිබෙන වෙනස කුමක්ද?
3 මුදල් අතින් පොහොසත් වීමට වෑයම් කරන බොහෝදනෙක් තුළ “අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශා” ඇති වෙනවා. (1 තිමෝ. 6:9, 10; යාකො. 5:1-3) ඒත් දෙවි ලබා දෙන පොහොසත්කම අත් කරගන්නා අය එවැනි දෙයක් අද්දකින්නේ නැහැ. ස්ථාවර පුරෝගාමීන් ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් සේවය සඳහා යොදවනවා. එනිසා සමබර කාලසටහනකට අනුව ජීවත් වෙමින් වඩා වැදගත් දේවලට වැඩි අවධානයක් දීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. (ෆිලි. 1:10) දවසින් වැඩි කාලයක් රැකියාවට යෙදවූ ඉංජිනේරුවෙකු වූ සහෝදරයෙක් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ඔහු මෙසේ පැවසුවා. “මගේ රැකියාව නිසා මම මානසික පීඩනයක් අද්දැක්කා. ඒත් පුරෝගාමි සේවයේ කිසිම පීඩනයක් මම අද්දකින්නේ නැහැ. මම දැන් මිනිසුන්ට සත්‍යය ඉගෙනගන්න උපකාර කරනවා. මම ඒකෙන් ලොකු තෘප්තියක් අද්දකිනවා.”
4. ස්ථාවර පුරෝගාමීන් ආශීර්වාද ලබන අතර අන් අයටද ආශීර්වාදයක් වන්නේ කෙසේද?
4 අන් අයටත් ආශීර්වාද: මේ කාලයේ සෑම කෙනෙක්ම ‘අසීරුතා’ අද්දකිනවා. (2 තිමෝ. 3:1) මිනිසුන්ට පැහැදිලි බලාපොරොත්තුවක් නැහැ. හුඟදෙනෙක් සිටින්නේ කලකිරීමෙන්. මෙවැනි මිනිසුන් ශුභාරංචිය පිළිගැනීමෙන් පසු අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතිව සතුටින් සිටිනවා දැකීමෙන් අප මහත් ප්‍රීතියක් අද්දකිනවා. ජීවිත ගලවන මේ කාර්යය සඳහා වසරකට පැය 800කට වඩා යොදවන ස්ථාවර පුරෝගාමීන් ලබන ප්‍රීතිය මොන තරම්ද!—1 තිමෝ. 4:16.
5, 6. ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද?
5 ස්ථාවර පුරෝගාමි සේවය කිරීම ගැන ඔබ ගැඹුරින් සිතා බලා තිබෙනවාද? මේ සඳහා ‘කාලය මිල දී ගැනීම’ අවශ්‍යයි. (එෆී. 5:15, 16) බොහෝදෙනෙක් මේ සේවය කිරීම සඳහා ජීවිතය සරල කරගෙන තිබෙනවා. මේ නිසා රැකියාවට යොදවන කාලයෙන් දේවරාජ්‍ය හා බැඳි ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වීම සඳහා ඔවුන් කාලය මිල දී ගෙන තිබෙනවා. ඔබේ කටයුතු සකස් කරගෙන ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ඔබටත් පුළුවන්ද?
6 ඔබට ක්‍රියාත්මක කළ හැකි කාලසටහනක් සකස් කරගැනීම සඳහා යාච්ඤා කරන්න. (යාකො. 1:5) මෙසේ කිරීමෙන් දෙවි ලබා දෙන පොහොසත්කම ලබන්න ඔබටත් පුළුවන්. ඔබේ ද්‍රව්‍යමය අවශ්‍යතා පවා ඔහු සපයා දෙන බව විශ්වාසයි. (මතෙ. 6:33) මේ කාරණය අතින් දෙවිව සෝදිසි කරන අය “ඇති තරම් ආශීර්වාද” අද්දකිනවා නිසැකයි.—මලා. 3:10, NW.