සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“මේ කාලයේ අපිට නිතරම ස්වභාවික විපත්ති ගැන අහන්න ලැබෙනවා. සමහර අය හිතනවා දෙවියන් මිනිසුන්ට දඬුවම් කරන්න මේවා ඇති කරනවා කියලා. මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? [ප්රතිචාරයට ඉඩහැර 1 යොහන් 4:8 කියවන්න.] ස්වාභාවික විපත්ති නිසා මිනිසුන් දුක් වින්දත් දෙවි ඊට වග කිව යුතු නැත්තේ ඇයි කියලා මේ ලිපියේ පැහැදිලි කරනවා.” තිස්වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! මැයි
මතෙව් 6:10 කියවා මෙසේ අසන්න. “පොළොව සඳහා දෙවිගේ කැමැත්ත මොකක්ද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයට අනුව මුල සිටම පොළොව සඳහා දෙවිට හොඳ අරමුණක් තිබුණා. මේ අරමුණ වෙනස් වෙලා නැහැ. ඒ ගැන වැඩි විස්තර මේ ලිපියේ පැහැදිලි කරනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූනි 1
“බයිබලයේ සඳහන් නෝවාගේ කාලයේ සිදු වුණු ජලගැල්ම ගැන හුඟදෙනෙක් අහලා තියෙනවා. ඒ වගේ ජලගැල්මක් ඇති වුණා කියලා ඇත්තටම ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මෙය ඇත්තටම සිදු වුණා කියලා යේසුත් සඳහන් කළා. [ලූක් 17:26, 27 කියවන්න.] ඒ ජලගැල්ම ඇත්තටම සිදු වුණ බවට තිබෙන සාක්ෂි ගැනත් අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූනි
“මේ කාලයේ දරුවන් ඇති දැඩි කිරීම ඒ තරම් ලෙහෙසි නැහැ. අමාරුම කාලේ තමයි දරුවන්ගේ ජීවිතයේ මහත් වෙනස්කම් සිදු වෙන යොවුන් වියට පා තිබෙන කාලය. ඔබ හිතන විදිහට දෙමාපියන්ට හොඳ උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද? [ප්රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු යෙසායා 48:17, 18 කියවන්න.] අවබෝධයෙන් දරුවන් සමඟ කටයුතු කළ හැකි ආකාරය ගැන මේ සඟරාවේ හොඳ මඟ පෙන්වීම් දීලා තියෙනවා.”