බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ දවසක්
1 සෑම සභාවක්ම ජනවාරි මාසයේ පටන් මාසයකට එක සති අන්තයක දවසක් බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා වෙන් කරනු ලබනවා. මෙය පළමුවන සති අන්තයේ සෙනසුරාදා හෝ ඉරිදා විය හැකියි. එම දවස එක් එක් සභාවට ගැළපෙන පරිදි තෝරාගත හැකියි. එදින බයිබල් පාඩමක් හඳුන්වා දෙනවාට ගෙවැසියන් කැමති නැත්නම් බයිබලයේ ඉගැන්වීම් පොත හෝ අලුත් සඟරා ලබා දිය හැකියි. සියලුම වැඩිමහල්ලන් හා සභා සේවකයන් එදින සේවයේ හවුල් වීමට කටයුතු සකස් කරගත යුතු අතර බයිබල් පාඩම් පටන්ගැනීමට ප්‍රචාරකයන්ට උපකාර කිරීමටද එමගින් ඔවුන්ට හැකි වෙයි.
2 බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා වෙන් කරන්නේ සති අන්තයේ කුමන දවසද කියා තීරණය කරන්නේ සේවා කමිටුවයි. විටින්විට ප්‍රචාරකයන්ට ඒ දවස ගැන මතක් කළ යුතුයි. ගෙයින් ගෙට සේවයේදී හා කලින් උනන්දුවක් දැක්වූ අයව හමු වීමට යන විට බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා හොඳින් සූදානම් වීමට එම මතක් කිරීම උපකාරවත් වෙයි.
3 සූදානම් වන අයුරු: බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා කදිම යෝජනා කිහිපයක් 2006 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන්ද බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ 4වන හා 5වන පිටුවලින්ද සොයාගත හැකියි. සඟරා ලබාගත් අයව හමු වීමට යන විට ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා යෝජනා 2007 අගෝස්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 7වන පිටුවේ හා ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද වැනි පත්‍රිකාවල තිබෙනවා. වැඩිමහල්ලන් සහ සභා සේවකයන් විනාඩි 15කට හෝ ඊට අඩු කාලයකින් ක්ෂේත්‍ර සේවා රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කළ යුතුයි. එම රැස්වීමේදී බයිබල් පාඩම් පටන්ගන්නා ආකාරය ගැන ප්‍රදේශයට ගැළපෙන යෝජනාවක් හෝ දෙකක් සාකච්ඡා කළ යුතුයි. එසේ නැතහොත් නිරූපණය කළ යුතුයි.
4 බයිබල් පාඩමක් කිරීමට හැමෝම කැමති වන්නේ නැහැ. මුලින් කැමති වුණත් දිගටම පාඩම කරගෙන යෑමට කැමති නොවන්නත් ඉඩ තිබෙනවා. එවැනි හේතු නිසා අපි බයිබල් පාඩමක් හඳුන්වා දීමට පසුබට නොවිය යුතුයි. බැටළු ගුණැති අයට සංවිධානය වෙත ඒමට මඟ සලසන්නේ යෙහෝවා දෙවි බව අප මතක තබාගනිමු. (යොහ. 6:44) අපේ වගකීම වන්නේ සත්‍යයේ බීජ වැපිරීම පමණක් නොව වැපිරීමෙන් පසු මුල් ඇදගත් බීජවලට වතුර දමා සාත්තු කිරීමයි. ඉන් අදහස් කරන්නේ දෙවි ගැන ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන අය සමඟ බයිබලය පාඩම් කිරීම අවශ්‍ය බවයි. එසේ කිරීමෙන් අප අද්දකින්නේ දෙවිගේ හවුල් වැඩකරුවන් ලෙස සේවය කිරීමේ වරප්රසාදයයි.—1 කොරි. 3:9.