සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්තෝබර් 1
“අද හුඟදෙනෙකුට දෙවි කෙරෙහි විශ්වාසය අඩු වෙලා තියෙන එක හේතුවක් මේ බයිබල් පදවල පෙන්වනවා. [හබක්කුක් 1:2, 3 කියවන්න.] ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවි කෙරෙහි විශ්වාසය අඩු වෙලා තියෙන හේතු කීපයකටම පිළිතුරු මේ ලිපියේ තියෙනවා.” සඟරාවේ 11වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ඔක්තෝබර්
“අද හුඟක් පවුල්, ප්‍රශ්න ගොඩකට මූණ දෙනවා නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන හොඳ උපදෙස් බයිබලයේ තියෙන බව හුඟදෙනෙක් දන්නේ නැහැ. මේ බලන්න මේ බයිබල් පදේ! [සඟරාවේ සඳහන් බයිබල් පදයක් කියවන්න.] නොයෙක් තත්වයන්වලදී මුළු පවුලටම සාර්ථකව මූණ දෙන්න උපකාර වෙන බයිබලේ සඳහන් මඟ පෙන්වීම් කිහිපයක් මේ විශේෂ පිබිදෙව්! සඟරාවේ තියෙනවා.”
මුරටැඹ නොවැම්බර් 1
“පල්ලිවල උගන්වන හැම දෙයක්ම බයිබලයේ සඳහන් වෙනවා කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අසත්‍ය දේවලට රැවටෙන්න එපා කියලා බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා. [කොලොස්සි 2:8 කියවන්න.] එවැනි ඉගැන්වීම් හයක් දෙවිගේ වචනයට පටහැනි වන විදිහ මේ සඟරාවේ එළි කරලා තියෙනවා.”
පිබිදෙව්! නොවැම්බර්
“ජංගම දුරකථන, පරිගණක වගේ උපකරණ අද නැතුවම බැරි දේවල් බවට පත් වෙලා. මේවා නිසා කාලය ඉතුරු වෙනවාද නැත්නම් නාස්ති වෙනවද? මොකක්ද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න] අපේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න කියලා තියෙන මේ දේට ඔබත් එකඟ වෙයි. [එෆීස 5:15, 16 කියවන්න.] මේ වගේ නවීන උපකරණ සමබරව සහ සැලකිලිමත්ව පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”