නොවැම්බර් මාසයේදී අලුත් ඉදිරිපත් කිරීමක්
1. නොවැම්බර් මාසයේදී අප බෙදාහරින්නේ කුමක්ද? මෙම සඟරාවේ අරමුණ කුමක්ද?
1 වර්ෂ 2009දී පැවැත්වූ “සෝදිසියෙන් සිටින්න” නමැති දිස්ත්රික් සමුළුවේදී බයිබලය එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව අපිට ලැබුණා. නොවැම්බර් මාසයේදී ලොව පුරා තිබෙන සියලුම සභාවන් මුල් වරට එය ක්ෂේත්රයේ බෙදාහැරීමට නියමිතයි. අපේ ප්රදේශයේ සිටින ජනයාට එය ප්රයෝජනවත් වන්නේ කොහොමද? බොහෝවිට ක්රිස්තියානි නොවන ආගම්වල සිටින ජනයා බයිබලය ගැන එතරම් දන්නේ නැහැ. එමනිසා මේ සඟරාවේ 3වන පිටුවේ සඳහන් විදිහට එය සකස් කර තිබෙන්නේ එවැනි අයට ‘බයිබලය ගැන යම් අදහසක් ලබා දීමටයි.’
2. මෙම සඟරාව ඉදිරිපත් කළ හැකි යෝජනාවක් සඳහන් කරන්න.
2 ඉදිරිපත් කිරීමට යෝජනා: “මේ බයිබල් පදය ගැන ඔබ මොකක්ද හිතන්නෙ? [2 තිමෝති 3:16 කියවන්න.] ගොඩක් අය මේ අදහසට එකඟ වෙනවා. ඒත් තවත් අය හිතන්නෙ බයිබලය කියන්නේ හොඳ උපදෙස් තියෙන පොතක් විතරයි කියලා. බයිබලය ගැන ඔබගේ අදහස මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අපි මොන ආගමේ වුණත් බයිබලයේ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න හොඳ හේතු තියෙනවා. [3වන පිටුවේ ඉහළින්ම තිබෙන ඡේදය කියවන්න.] බයිබලය ගැන මේ සඟරාවේ සඳහන් වෙලා තියෙන දේ කියවද්දී ඔබේ උනන්දුවට හේතු වන දෙයක් ඔබ දකියි. ඒක තමයි, බයිබලයට එක තේමාවක් හා විශේෂ පණිවිඩයක් තියෙන බව.”
3. අපට යොදාගත හැකි තවත් යෝජනාවක් කුමක්ද?
3 ක්රිස්තියානි නොවන අයට කතා කිරීමට මේ යෝජනාව යොදාගන්න ඔබට පුළුවන්. “මේ ශුද්ධ පොතේ සඳහන් වෙලා තියෙන මේ අදහස ගැන ඔබ හිතන්නේ මොකක්ද? [ගීතාවලිය 37:11 කියවන්න.] මේ අනාවැකිය ඉටු වෙද්දී පොළොවේ තත්වය මොන වගේ වෙයි කියලද ඔබ හිතන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඕනෑම ආගමකට, පසුබිමකට අයිති කෙනෙකුට වුණත් සැනසීම ලබාදෙන පොරොන්දු බෙහොමයක් බයිබලයේ තියෙනවා. අපි දැන් බැලුවේ එයින් එකක් විතරයි.” පසුව 3වන පිටුවේ ඉහළින්ම ඇති ඡේදය කියවා සඟරාව ඉදිරිපත් කරන්න.
4. බයිබල් පාඩමක් පටන්ගැනීමට මේ සඟරාව යොදාගන්න පුළුවන් කොහොමද?
4 බයිබල් පාඩමක් පටන්ගනිමු. උනන්දුව දැක්වූ තැනැත්තාව නැවත හමු වන්න යන විට කලින් වතාවේදී සාකච්ඡා කළ තොරතුරු කිහිපයක් ඔහුට මතක් කර දී, මෙම සඟරාවේ පාඩමකින් ඡේදයක් හෝ දෙකක් ප්රශ්නෝත්තර ක්රමයට සාකච්ඡා කළ හැකියි. නැත්නම් කෙළින්ම බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ සඳහා මේ සඟරාවේ අවසාන පිටුවේ ඉහළින් තිබෙන කොටස කියවා ඔහුට පොතක් දිය හැකියි. ඉන්පසු ඔහු කැමති මොන පරිච්ඡේදයද කියා අසා එයින් ඡේදයක් හෝ දෙකක් සාකච්ඡා කරන්න. නොවැම්බර් මාසයේදී මේ සඟරාව ඉදිරිපත් කිරීමට අපි සියලුදෙනා උනන්දුවෙන් හවුල් වෙමු.