බයිබලය—එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව යොදාගත හැකි ක්‍රමයක්
අපේ රටේ ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට අයත් නොවන අය ඇතුළු බොහෝදෙනෙකුට බයිබලය ගැන වැඩි අවබෝධයක් නැහැ. එවැනි අය සමඟ බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩම් කරන විට සමහර ප්‍රචාරකයන් බයිබලය—එහි පණිවිඩය කුමක්ද? යන සඟරාවද යොදාගෙන බයිබලය ගැන සමස්ත අදහසක් දැනගැනීමට ශිෂ්‍යයාට උපකාර කරනවා. උදාහරණයකට එක් සහෝදරයෙක් බයිබලයේ ඉගැන්වීම් පොතේ තුන්වන පරිච්ඡේදය සාකච්ඡා කරන විට ඉහත සඟරාවේ පළවෙනි කොටස ඔහු සමඟ සාකච්ඡා කරනවා. ඉන්පසුව සෑම සතියකම පාඩම අවසානයේදී එම සඟරාවෙන් කොටස බැගින් සාකච්ඡා කරනවා. ඔබත් බයිබලය ගැන එතරම් නොදන්නා කෙනෙකු සමඟ පාඩමක් පවත්වනවා විය හැකියි. ඔහුගේ ‘ගැලවීමට මඟ පාදන ශුද්ධ ලියවිල්ල ගැන’ ඉගෙනගැනීමට උපකාරවත් වන අමතර තොරතුරුද එම සඟරාවෙන් ඔහු සමඟ සාකච්ඡා කළ හැකියි.—2 තිමෝ. 3:15.