‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සමහර අය එක්ක පාඩමක් පටන්ගන්න අමාරු නම් . . .
1. මුල් හමුවීමේදීම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ලබාගන්න උනන්දුවක් දක්වයිද? පැහැදිලි කරන්න.
1 යෙහෝවා දෙවිට නමස්කාර කරන්න නම් බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒත් ක්‍රිස්තියානි නොවන අය බයිබලය දෙවිගේ වචනය කියලා පිළිගන්නේ නැහැ. තවත් අය දෙවිව පිළිගන්නේ නැති නිසා බයිබලය වටිනා පොතක් කියලා හිතන්නේ නැහැ. මුල් හමුවීමේදීම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත පාවිච්චි කරලා පාඩමක් පටන්ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අයට මොන වගේ ප්‍රකාශනද දෙන්න පුළුවන්? රටවල් 20ක පමණ ප්‍රචාරකයන්ගේ අදහස් පදනම් වූ යෝජනා බලමු.
2. දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වොත් අපි දැනගන්න ඕන මොකක්ද? ඒ ඇයි?
2 දෙවි ගැන විශ්වාසයක් නැති අය: කවුරු හරි දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒකට හේතුව දැනගන්න එක ප්‍රයෝජනවත්. ඒ පරිණාමවාදය විශ්වාස කරන නිසාද? අසාධාරණකම් නිසා හෝ ආගම්වල සිදු කරන කුහකකම් නිසාද? හැදී වැඩුණේ දෙවි කෙනෙකුව විශ්වාස කරන්නේ නැති පසුබිමක හෝ සංස්කෘතියකද? දෙවි කෙනෙක් නැහැයි කියලා තරයේම හිතුවේ නැතත් දෙවි කෙනෙක්ව විශ්වාස කරන්න ඕන කියලා ඒ කෙනාට හැඟිලා නැතුව ඇති. ඒ වගේ කෙනෙක්ගෙන් “ඔයා ඉස්සර ඉඳලම හිතුවේ එහෙමද” කියලා ඇහුවාම ඔහු ඒ ගැන පැහැදිලි කරනවා කියලා බොහෝ ප්‍රචාරකයන් අද්දැකලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී හොඳින් සවන් දෙන්න. ඔහු දෙවිව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි කියලා තේරුම්ගත්තම පිළිතුරු දෙන්නේ කොහොමද කියලත් මොන ප්‍රකාශනද ඉදිරිපත් කරන්නේ කියලත් තීරණය කරන්න අපිට පුළුවන්.—හිතෝ. 18:13.
3. නිවැසියාගේ විශ්වාසයන්ට ගරු කරනවා කියලා පෙන්වන්නේ කොහොමද?
3 නිවැසියා එක්ක කතා කරද්දී ඔහුගේ විශ්වාසයන්වලට ඔබ විරුද්ධයි කියලා දැනෙන්න ඉඩ තියන්න එපා. මේ යෝජනාව එක්සත් ජනපදයෙන්. “තමන් විශ්වාස කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්න ඕනම කෙනෙක්ට නිදහස තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ. වාද කරලා දිනන්න හදනවා වෙනුවට හිතලා බලන්න උදව් වෙන ප්‍රශ්න අහලා එයාටම දේවල් තේරුම්ගන්න ඉඩ දෙන එකයි හොඳම දේ.” සංචාරක සේවකයෙක් ඒක කළේ මෙහෙමයි. නිවැසියා කියන දේවලට ඔහු හොඳින් සවන් දෙනවා. ඊටපස්සේ “ඔයා මෙහෙම හිතලා තියෙනවාද” කියලා අහලා තමාගේ අදහස පැහැදිලි කරනවා.
4. බෞද්ධ අයට උපකාර කරන්න පුළුවන් කොහොමද?
4 දෙවි කෙනෙක් කියන සංකල්පය හුඟක් බෞද්ධ අයට නුහුරු නිසා සමහර ප්‍රචාරකයන් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතට කලින් නිර්මාතෘ කෙනෙක් ගැන පැහැදිලි කරන ප්රකාශනයක් සාකච්ඡා කරනවා. උදාහරණයකට බ්‍රිතාන්‍යයේ සමහර ප්‍රචාරකයන් ඉංග්‍රීසියෙන් පළ වෙලා තියෙන මාසික නොවන සඟරාවක (Lasting Peace and Happiness—How to Find Them) මුල් පිටුවේ තියෙන කොටසෙන් යම් කරුණු හැඳින්වීම හැටියට යොදාගන්නවා. ඊටපස්සේ නිර්මාතෘවරයෙක් ඉන්නවාද සහ මිනිසාට මඟ පෙන්වීම් ලබා දෙන පොතක් යන කොටස් සාකච්ඡා කරනවා. ඒවා සාකච්ඡා කළාට පස්සේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හඳුන්වලා දීලා මේ විදිහට කියනවා. “ඔයා දෙවිව විශ්වාස කළේ නැතත් බයිබලයේ ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් තියෙන නිසා ඒක ඉගෙනගන්න එක වටිනවා.” ඇමරිකාවේ චීන ජාතිකයන් ඉන්න ප්‍රදේශයක සේවය කරන පුරෝගාමියෙක් මෙහෙම කිව්වා. “මෙහෙ ඉන්න අය පොත් පත් කියවන්න හරි කැමතියි. අපි පොත් පත් දීලා ආපහු බලන්න යනකොට ඒ අය ඒවා සම්පූර්ණයෙන්ම කියවලා. ඒත් බයිබලයේ තියෙන දේ සාකච්ඡා කරන්න ඕන කියලා ඒ අය හිතන්නේ නැහැ. ඒ නිසා මම ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ කියන සඟරාව දෙනවා. ඒක සකස් කරලා තියෙන්නේ සාකච්ඡාවක් කරන්න දිරිගැන්වෙන විදිහටයි.” ඇමරිකාවේ චීන සභාවල සේවය කරන චාරිකා සේවකයෙක් කිව්වේ මුල් හමුවීමේදීම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත දෙන්න පුළුවන් වුණත් දෙවි ගැන සාකච්ඡා කරන 1වෙනි පරිච්ඡේදයට වඩා බයිබලය ගැන හැඳින්වීමක් කරලා තියෙන 2වෙනි පරිච්ඡේදයෙන් පාඩම පටන්ගන්න එක සුදුසුයි කියලයි.
5. ඉවසන්න ඕන ඇයි?
5 දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න සමහර අයට කාලයක් යයි. ඒ වගේ කෙනෙක් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා මුල්ම සාකච්ඡාවලින් ඒත්තුගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම අවශ්‍යයි. ඒත් කාලයක් යද්දී නිර්මාතෘ කෙනෙක් ඉන්න පුළුවන් කියලා හිතන්න ඔහු පෙලඹෙයි. නැත්නම් සමහර අය නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ මොන හේතු නිසාද කියලා අඩුම තරමින් ඔහු තේරුම්ගනියි.
6. සමහරු බයිබලය ගැන උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි?
6 බයිබලය ගැන ඒ තරම් උනන්දුවක් හෝ විශ්වාසයක් නැති අය: දෙවි ඉන්නවා කියලා සමහරු විශ්වාස කළත් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ඒ අය එතරම් උනන්දුවක් නැහැ. මොකද එයාලා පිළිගන්නේ නැහැ ඒක දෙවිගෙන් ලැබුණු පොතක් කියලා. ඒකට හේතුව, ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල සිද්ධ වෙන වැරදි දකිද්දී බයිබලයත් ඒ ආගම්වල පොතක් කියලා හිතන නිසා වෙන්න පුළුවන්. නැත්නම් ක්‍රිස්තියානියයි කියාගන්න අයම බයිබලය එතරම් වැදගත් පොතක් විදිහට සලකන්නේ නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ අයට බයිබලය ගැන උනන්දුවක් ඇති කරලා පස්සේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමක් පටන්ගන්න පුළුවන් කොහොමද?
7. බයිබලය ගැන උනන්දුවක් ඇති කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද?
7 ග්‍රීසියේ ශාඛා කාර්යාලය මේ දේ පැවසුවා. “බයිබලය ගැන උනන්දුවක් නැති කෙනෙක්ට උනන්දුවක් ඇති කරන්න පුළුවන් හොඳම විදිහ තමයි බයිබලයෙන්ම පෙන්වන එක. අපි කියන දේවලට වඩා දෙවිගේ වදන් කෙනෙක්ගේ හදවතට කාවදිනවා කියලා හුඟක් ප්‍රචාරකයන් අද්දැකලා තියෙනවා. (හෙබ්‍රෙ. 4:12) හුඟක් අය බයිබලයේ තියෙන දේවල් ගැන හොයලා බලන්න උනන්දු වෙලා තියෙන්නේ දෙවිගේ නම බයිබලයෙන්ම දැක්කට පස්සේ.” ඉන්දියාවේ ශාඛා කාර්යාලය මේ දේ පැවසුවා. “ජීවිතය සහ මරණය ගැන බයිබලයේ තියෙන සත්‍යය හින්දු භක්තිකයන්ගේ හිතට කාවදිනවා. ඒ වගේම කුලමල භේද නැති කාලයක් ගැන බයිබලයේ තියෙන පොරොන්දුවටත් ඒ අය හුඟක් කැමතියි.” එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන එකෙනුත් ප්‍රචාරකයන්ට අවස්ථාවක් ලැබෙනවා දේවරාජ්‍යයෙන් ඒ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා බයිබලයෙන්ම පෙන්වන්න.
8. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් නිසා බයිබලය ගැන වැරදි අදහසක් තියෙන අයට කියන්න පුළුවන් මොනවාද?
8 ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් නිසා සමහර අයට බයිබලය ගැන වැරදි අදහසක් තියෙන්න පුළුවන්. ඒ ආගම් බයිබලය ගැන වැරදි අර්ථකථනයක් දීලා බයිබලයේ ඉගැන්වීම් විකෘති කරලා තියෙනවා කියලා ඒ වගේ අයට කියන්න. ඉන්දියාවේ ශාඛා කාර්යාලය මේ දේත් සඳහන් කළා. “සමහර අවස්ථාවලදී අපි මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන බයිබලය පල්ලියට අයිති පොතක් නෙමෙයි කියලා.” ‘ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?’ යන සඟරාවේ 4වෙනි කොටස සාකච්ඡා කරන්න හින්දු භක්තිකයන් කැමතියි කියලත් ඔවුන් කිව්වා. දේවවචනය විනාශ කරන්න හා විකෘති කරන්න පල්ලිය උත්සාහ කරපු විදිහ ඒ කොටසේ විස්තර කරනවා. බ්‍රසීලයේ පුරෝගාමියෙක් සේවයේදී මුණගැහෙන අයගෙන් මෙහෙම අහනවා. “බයිබලයේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න ඔයා කැමති නැද්ද? හුඟක් අය විවෘත මනසකින් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නවා. එයාලා ඒක කරන්නේ වෙනත් ආගමකට බැඳෙන්න නෙමෙයි. ඔයාත් බයිබලය ඉගෙනගත්තොත් ඒකේ කොච්චර වටිනා දේවල් තියෙනවාද කියලා ඔයාටම තේරෙයි.”
9. සමහර අය බයිබලය ගැන මුලින් උනන්දුවක් නොපෙන්නුවත් අපි උත්සාහය අත්හරින්න හොඳ නැත්තේ ඇයි?
9 හිතේ තියෙන දේ යෙහෝවා දෙවි දකිනවා. (1 සාමු. 16:7; හිතෝ. 21:2) අවංක හදවත් තියෙන අය දැක්කාම දෙවි තමාට නමස්කාර කරන්න ඔවුන් තුළ ආශාවක් ඇති කරනවා. (යොහ. 6:44) ඒ වගේ සමහර අයට දෙවි ගැන කවදාවත් දැනගන්නවත් බයිබලය කියවන්නවත් අවස්ථාව ලැබිලා නැහැ. ඒ අයට ‘ගැලවීම ලැබීමටත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමටත්’ අවස්ථාවක් ලැබෙන්නේ අපේ සේවය නිසයි. (1 තිමෝ. 2:4) ඒ නිසා සමහර අය බයිබලය ගැන මුලින් උනන්දුවක් නොපෙන්නුවත් උත්සාහය අත්හරින්න එපා. අපේ පොත් පත් යොදාගෙන ඒ අය තුළ බයිබලය ගැන උනන්දුවක් ඇති කරමු. කාලයත් එක්කම බයිබල් පාඩම් පැවැත්වීමට යොදාගන්න ප්‍රධාන පොත වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතෙන් පාඩමක් කරන්න අපිට පුළුවන් වෙයි.
[4වන පිටුවේ කොටුව]
කෙනෙක් දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වොත් මෙහෙම කරලා බලන්න
• එහෙම හිතන්නේ ඇයි කියලා දැනගන්න “ඔයා ඉස්සර ඉඳලම හිතුවේ එහෙමද” කියලා අහන්න.
• ඔහු බෞද්ධ කෙනෙක් නම් Lasting Peace and Happiness—How to Find Them යන සඟරාවේ 9-12 පිටුවල ඇති කරුණු සාකච්ඡා කරන්න.
• පරිණාමය විශ්වාස කරන කෙනෙකුට මේ ප්‍රකාශන උපකාරවත් වෙයි.
‘පිබිදෙව්!’ සඟරාවේ පළ වෙන “නිර්මාණයක්ද?” යන ලිපි
‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ’ යන DVD තැටිය
‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ 4වන කොටස; ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’
• අද සිදු වන අයුක්තිය හා දුක් වේදනා නිසා දෙවි ගැන තියෙන විශ්වාසය නැති වෙලා නම් මේ ප්‍රකාශන උපකාරවත් වෙයි.
‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ යන පොතේ 10වෙනි පරිච්ඡේදය
මාසික නොවන සඟරා, ‘අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?’ 6වන කොටස හා ‘ජීවිතයේ අරමුණ කුමක්ද?’ 6වන කොටස
• දෙවි කෙනෙක් ඉන්නත් පුළුවන් කියලා නිවැසියා පිළිගත්තාම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සාකච්ඡාව පටන්ගන්න. ඒ පොතේ 2වෙනි පරිච්ඡේදය හෝ ගැළපෙන වෙනත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න.
[5වන පිටුවේ කොටුව]
කෙනෙක් බයිබලය විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වොත් මෙහෙම කරලා බලන්න
• Life—How Did It Get Here? By Evolution or by Creation? පොතේ 17වෙනි සහ 18වෙනි පරිච්ඡේද සාකච්ඡා කරන්න.
• හින්දු ආගමේ කෙනෙක් නම් Why Should We Worship God in Love and Truth? යන සඟරාවේ ඇති කරුණු සාකච්ඡා කරන්න.
• යුදෙව් ආගමේ කෙනෙක් නම් Will There Ever Be a World Without War? යන සඟරාවේ 3-11 පිටුවල ඇති කරුණු සාකච්ඡා කරන්න.
• බයිබල් ප්‍රතිපත්ති පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සාකච්ඡා කරන්න. බයිබලයේ තියෙන උපදෙස්වල වටිනාකම පෙන්වන්න පහත සඳහන් දේවල් යොදාගන්න පුළුවන්.
පිබිදෙව්! සඟරාවේ “මේ ඔබේ පවුලටයි” යන ලිපි
The Bible—Its Power in Your Life යන DVD තැටිය
මාසික නොවන සඟරා, ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ 9වන සහ 11වන පාඩම්; ‘සියලුම ජනයා සඳහා පොතක්’ 22-26 පිටු සහ ‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ 2වන කොටස
බෞද්ධ අයට ‘සතුට හා සැනසුම සොයා’ 3-7 පිටු.
මුස්ලිම් අයට ‘ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය’ යන මාසික නොවන සඟරාවේ 3වන කොටස.
ඔබ දේවසේවයේ හවුල් වෙන්නේ බයිබලයට කොහෙත්ම කැමති නැති අය ඉන්න පළාතක නම් ඔබ කියන වදන් බයිබලයෙන් උපුටාගත් ඒවා කියලා අඟවන්න එපා. කීප වතාවක්ම මුණගැහුණාට පසු බයිබලය ගැන සඳහන් කරන්න.
• බයිබලයේ තියෙන අනාවැකි නිවැරදිව ඉටු වෙලා තියෙන විදිහ ගැන කියන්න. මේ ප්‍රකාශන පාවිච්චි කරන්න.
The Bible—Accurate History, Reliable Prophecy යන DVD තැටිය
‘සියලුම ජනයා සඳහා පොතක්’ යන මාසික නොවන සඟරාවේ 27-29 පිටු
• යම් කාරණා ගැන බයිබලයේ තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න එයාගේ උනන්දුවක් තියෙනවා කියලා දැනුණොත් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් ඉක්මනින්ම සාකච්ඡාව පටන්ගන්න.
[6වන පිටුවේ කොටුව]
“මම දෙවිව විශ්වාස කරන්නේ නැහැ” කියලා නිවැසියා කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්
• “නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ ඇයි කියලා ඔයාට කියන්නද?” ඊටපස්සේ මේ සඟරාවලින් තොරතුරු සාකච්ඡා කරන්න. ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ 4-10 පිටු සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ 8-12 පිටු හෝ ඔබට කාවැදුණු යම් තොරතුරු තිබුණු ප්රකාශනයක් ඊළඟ වතාවේ ගේන්නම් කියලා කියන්න.
• “ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවි මොන වගේ කෙනෙක් වෙනවාටද ඔයා කැමති?” ගොඩක් අය කියන්නේ ඔහු ප්‍රේමණීය, යුක්තිගරුක, දයානුකම්පිත, හැමෝටම එක වගේ සලකන කෙනෙක් වෙනවාට කැමතියි කියලයි. ඊටපස්සේ දෙවියන් ඇත්තටම ඒ වගේ කෙනෙක් කියලා බයිබලයෙන් පෙන්වන්න. (‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 1වෙනි පරිච්ඡේදයේ 6වෙනි ඡේදයේ ඉඳලා තියෙන තොරතුරු සාකච්ඡා කරන්නත් පුළුවන්.)
“මට බයිබලය ගැන කිසිම විශ්වාසයක් නැහැ” කියලා නිවැසියා කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්
• “ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට ඒ විදිහට හිතෙනවා. සමහරු හිතන්නේ බයිබලය විද්‍යාවට එකඟ නැහැ කියලයි. නැත්නම් ඒකේ තියෙන තොරතුරු අපේ කාලෙට ගැළපෙන්නේ නැහැ කියලයි. ඒත් මම කැමතියි දැනගන්න ඔයා කවදා හරි බයිබලය කියවලා තියෙනවාද කියලා. [ප්‍රතිචාරයට ඉඩහරින්න. ‘සියලුම ජනයා සඳහා පොතක්’ යන සඟරාවේ 3වෙනි පිටුවේ හැඳින්වීම පෙන්වලා සඟරාව දෙන්න.] ගොඩක් අය බයිබලය වැඩක් නැති පොතක් කියලා හිතන්නේ ආගම්වලින් ඒකේ තියෙන ඉගැන්වීම් විකෘති කරලා තියෙන නිසයි. මම කැමතියි ඊළඟ පාර ඇවිත් මේ සඟරාවේ 4වෙනි සහ 5වෙනි පිටුවල තියෙන උදාහරණයක් ඔයාත් එක්ක සාකච්ඡා කරන්න.”
• “ගොඩක් අය එහෙම කියනවා. හැබැයි බයිබලය විශ්වාස කරන්න මට හේතු වුණ දෙයක් ඔයාට පෙන්වන්නද? [විද්‍යාත්මකව බයිබලය නිවැරදියි කියලා තහවුරු කරන්න යෝබ් 26:7 හෝ යෙසායා 40:22 කියවන්න.] පවුලේ හැම කෙනෙකුටම අවශ්‍ය නැණවත් උපදෙස් බයිබලයේ තියෙනවා. ඊළඟ සැරේ මං ඒ වගේ එකක් පෙන්වන්නම්.”
• “ඒ ගැන කිව්වට ස්තුතියි. සියලුම මිනිස්සු සඳහා දෙවියන් පොතක් ලිව්වා නම් ඒ පොතේ මොන වගේ තොරතුරු තියෙයිද?” ඔහුගේ ප්‍රතිචාරයට අනුව ඔහු කියන දේට සම්බන්ධ බයිබල් පදයක් පෙන්වන්න.