සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැම්බර් 1
“ඔබ හිතන විදිහට දේවදූතයන් අපි කරන දේවල් ගැන සැලකිලිමත් වෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. [ලූක් 15:10 කියවන්න.] අපිට නොපෙනෙන සමහර බලවත් පුද්ගලයන් අපිට උපකාර කරනවා. තවත් අය අපිට හානි කරනවා. ඒ කොහොමද කියලා මේ ලිපියේ සාකච්ඡා කරනවා.” ඉන්පසු 16වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! නොවැම්බර්
දෙවන තිමෝති 3:16 කියවන්න. ඉන්පසු මෙසේ අසන්න. “බයිබලයේ කියලා තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ ලිපියේ තියෙන්නේ පුරාණ ඊජිප්තුව ගැන බයිබලයේ සඳහන් වෙන තොරතුරු ඓතිහාසික වශයෙන් නිවැරදිද කියන එක ගැනයි.” ඉන්පසු 15වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ දෙසැම්බර් 1
“අපිට උපකාර කරන්න හෝ හානි කරන්න පුළුවන් නොපෙනෙන බලවත් අය ඉන්නවා කියලා හුඟක් අය විශ්වාස කරනවා. ඒ ගැන ඔබ හිතන්නේ මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න. එළිදරව් 12: 7-9 කියවන්න.] අපිට උදව් කරන සහ හානි කරන නොපෙනෙන අය කවුද කියලත් අපි යාච්ඤා කරන්න ඕනේ කාටද කියලත් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! දෙසැම්බර්
“යේසුස් දෙසැම්බර් වෙනිදා ඉපදුණා කියලා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. එහෙනම් යේසුස් ඉපදුණා කියලා හිතාගෙන හුඟක් අය එදාට නත්තල සමරන්නේ ඇයි? [ප්රතිචාරයට ඉඩහරින්න. ලූක් 2:8 කියවන්න.] ඒ බයිබල් පදයේ කියන විදිහට යේසුස් ඉපදිලා තියෙන්නේ සීත කාලයක වෙන්න බැහැ. නත්තල හා සම්බන්ධ චාරිත්ර වාරිත්රවල ආරම්භය ගැන මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”